IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රතුපස්වල නඩුව විභාගයට ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන්නැයි ඉල්ලීමක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බ්‍රිගේඩියර්වරයකුට සහ හමුදා භටයින් තිදෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතීපතිවරයා, අග‍්‍ර විනිශ්චකාරවරයාගෙන් අද (10) ඉල්ලීමක් කර ඇත.

වසර හයක කාලයකට පෙර රතුපස්වල ප‍්‍රදේශයේදී සාමාන්‍ය වැසියන්ට වෙඩි තබා ඝාතනය කර තවත් පිරිසකට තුවාල කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉටුකිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීම සුදුසු බව සඳහන් කරමින් ඒ සඳහා අවසර දෙන්නැයි නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් මෙලෙස ඉල්ලීමක් කොට ඇත.

මෙම සිද්ධිය හේතුවෙන් දේශිය වශයෙන් මෙන්ම ජාත්‍යයන්තර වශයෙන් ඇති වු ආන්දොළනාත්මක තත්වය පදනම් කරගනිමින් අධිකරණ සංවිධාන පනතේ 12 (2) වගන්තිය යටතේ සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 450 (4) වගන්තිය යටතේ නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම ඉල්ලීම කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

යුද හමුදා බි‍්‍රගේඩියර්වරයෙකු වන අනුර දේශප‍්‍රිය ගුණවර්ධන, හමුදා භටයින් වන ඩිංගිරි අරුණගේ සිරිසේන, ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ ලලිත් ග්‍රේ නමැත්තන්ට එරෙහිව මෙම අපරාධයට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 94ක් යටතේ නඩු පැවරීමට නීතීපතිවරයා තීරණය කර ඇත.

2013 අගොස්තු මස 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිවේරිය රතුපස්වලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව උද්ඝෝෂණයකින් අනතුරුව විසිර යමින් සිටි පිරිසකට පහරදී වෙඩි තැබීම අරමුණු කරගත් නිතීවිරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් අකිල දිනේෂ්, ශම්ලි රම්සාන් පෙරේරා සහ නිලන්ත පුෂ්පකුමාර නමැත්තන්ට වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.

එම අවස්ථාවේදීම පුද්ගලයින් 12 දෙනෙකුට වෙඩි තබා තුවාල කළ බවටත් තවත් පුද්ගලයින් 08 දෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල කළ බවටත් තවත් පුද්ගලයින් 21 දෙනෙකුට තුවක්කු වලින් සහ පොලු වලින් පහරදීම් කොට බරපතල නොවන තුවාල කළ බවටත් විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හමුදා නිලධාරීන්ට එරෙහි නඩුව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කරන්නැයි ඉල්ලමින් නීතීපතිවරයා විසින් සිද්ධියට අදාළ වු කරුණු හා සිද්ධිය සිදුවු ආකාරය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ද අගවිනිසුරුවරයාට යොමු කර ඇත.

 



අදහස් (2)

රතුපස්වල නඩුව විභාගයට ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත්කරන්නැයි ඉල්ලීමක්

Chanak los angeles Wednesday, 10 July 2019 09:10 PM

එම ඝාතනයේ ප්‍රධාන චුජිත හමුදා නිලධාරියාව ජනතාව විසින් අත්අඩංගුවට ගන්න කියා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියාම එවක විරාජමානව වැඩසිටි මහරජානෝ විසින් එම නිලධාරියාව පිට රටක තානාපති කෙනෙක් ලෙසට පත්කර යැව්වා . මුන් බලයේ ඉඳගෙන කරපු අසමජ්ජාති වැඩ ලියන්න කල්පයක් ගතහොත් කල්පය ගෙවිලා යන එක පමණයි වෙන්නේ .

:       0       5

ravi Thursday, 11 July 2019 09:02 AM

මේ.. ච්ත්‍රපටයේ කියවෙන්නේ "" වතුර ඉල්ලපු මනුස්සයින්ට...වතුර දීපු හැටි "" ප්‍රධාන චරිතය " මහින්ද රාජපක්ෂ "

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site