
(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්වයක් හටගැනීමට මූලික වන කළු ගඟ, අතු ගංගා වන වේ ගඟ, දෙනවක ගඟ, නිරිඇලි ගඟ, කුරු ගඟ, ගලතුර ගඟ සහ කුකුළේ ගඟ යන ගංගාවල ජල මට්ටම කල් ඇතිව දැනගැනීමට පුර්ව අනතුරු ඇඟවීමේ පද්ධයක් ස්ථාපිත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා අනාවරණය කරයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සබරගමු පළාත් සභාව, රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධව මෙම පූර්ව අනතුරු ඇඟවීම් පද්ධතිය ස්ථාපිත කර ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැය 24 පුරා එහි දත්ත නිරීක්‍ෂණ කටයුතු සිදුකරයි.
මීට කලින් කළු ගඟේ ජල මට්ටම දැනගත හැකි පූර්ව අනතුරු ඇඟවීම් පද්ධතියක් රත්නපුර නගරයේ මුවගම ජල මාපකය පිහිටි ප්‍රදේශයට ආසන්නව මුවගම පාලම මත ස්ථාපිත කෙරුණි.
වේ ගඟේ ජල මට්ටම පෙන්වන යන්ත්‍රය කහවත්තේද, දෙනවක ගඟේ ජල මට්ටම පෙන්වන යන්ත්‍රය පැල්මඩුල්ලේද, නිරිඇලි ගඟේ ජල මට්ටම පෙන්වන යන්ත්‍රය ඇලපාත ද, කුරු ගඟේ ජල මට්ටම පෙන්වන යන්ත්‍රය කුරුවිට ද, ගලතුර ගඟේ ජල මට්ටම පෙන්වන යන්ත්‍රය අයගමද, කුකුළේ ගඟේ ජල මට්ටම පෙන්වන යන්ත්‍රය කලවානේ ද ස්ථාපිත කර ඇති බව වාරිමාර්ග ඉංජිනේරු අරුණ සමරතුංග මහතා සඳහන් කළේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට වාර්ෂිකව මිලිමීටර් 4000කට වැඩි වර්ෂා පතනයන් ලැබෙයි. නිරිතදිග මෝසම් වැස්ස සහ අන්තර් මෝසම් වැසි නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ පහත්බිම් ජලයෙන් යටවෙයි. කඳුකර ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂා ජලය ගංගා ඇලදොළ ඔස්සේ පහළට ගලා ඒමෙන් මෙසේ ගංවවතුර තර්ජනය ඇතිවෙයි.
ගංගාවල ජල මට්ටම කලින් දැන ගැනීමට ලැබීමෙන් ගංවතුර අවදානමෙන් මිදීමට පහත්බිම්වල ජනතාවට හැකියාවක් ඇති බව දිගින් දිගට සාකච්ඡා විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පූර්ව අනතුරු ඇඟවීමේ ජල මට්ටම් පෙන්වන යන්ත්‍ර සවිකළ බවද රත්නපුර දිස්ත්‍රික් වාර්මාර්ග ඉංජිනේරුවරයා පැවසීය.
මේ අනුව www.rivernet.lk වෙබ් අඩවියට පිවිස ඕනෑම ස්ථානක සිට කළු ගඟ, වේ ගඟ, දෙනවක ගඟ, නිරිඇලි ගඟ, කුරු ගඟ, ගලතුර ගඟ සහ කුකුළේ ගඟ යන ගංගාවල ජල මට්ටම එසැනින් දැන ගත හැකිය.
කළු ගඟේ මුවගම සවිකර ඇති ජල මාපකය අනුව මීටර් පහක ජල මට්ටම යනු ගංවතුර අනතුරු ඇඟවීමේ මට්ටමය. මීටර් 07.5 ජලමට්ටම සුලු ගංවතුර තත්ත්වයකි. මහ ගංවතුර තත්ත්වයක් වන්නේ කලුගඟෙ ජලමට්ටම මීටර් 09.5ක් වු විටය. කළු ගඟේ ජල මට්ටම මීටර් 10.5ක් ඉක්මවූ විට විශාල ගංවතුර තත්ත්වයකි.

2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රත්නපුරේ ගංගා 7කට ගංවතුර අනතුරු ඇඟවීමේ යන්ත්‍ර