(අජිත්ලාල් ශාන්ත උදය)
ඇද හැලෙන මහ වැසි නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ කලු, කුරු, දෙනවක, නිරිඇලි, වේ, ගලතුර, කුකුළේ යන ප්‍රධාන ගංගා සහ සෙසු ඇළ දොළවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී පාද කදුවැටිය ඇතුළු ඇළ දොළ ගංගා වල ඉහළ පෝෂක ප්‍රදේශවලට නොකඩවා වැසි ඇදහැලෙයි.
පැය දෙකක් වැනි කෙටි කාලයකදී ඇතැම් ගංගා වල ජල මට්ටම් අඩි හතර පහකින් ඉහළ ගිය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනාවරණය කරයි.
තව දුරටත් තද වැසි පවතී නම්, අවදානමෙන් සිටින ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි .
COMMENTS
මේ නම් දේව ශාපයක්... මිනීමරු පාලකයින් විසින් රටේ පාලනය බාර ගැනීමෙන් පසු දවසක්වත් රටේ මිනිසුන්ට නිදහසේ සිටින්න ඉඩ ලැබුනේ නැහැ. අනේ දෙවියනේ මේ ශාපයෙන් අපේ රට බේරා දෙන්න...