(ඩී ජී සුගතපාල)
දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සංධානයේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් 'රත්තරං' සහ ඔහුගේ රියැදුරා ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් අද(05) අත්අඩංගුවට ගත්තේය.
පසුගිය වසරේ චීන ජාතික කාන්තාවක දූෂණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්, නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගෙන තිබේ.
ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයා ද වේ.
COMMENTS
මෙහෙම මිනිස්සු ද අපේ රටේ දේශපාලනය කරන්නේ.
මම ඒත් බැලුවා කෝ රත්තරන් කියලා....
රත්තරන් නෙමේ අඟුරු...
පාර්ලිමේන්තු යන්න සුදුසුකම් සපුරා තියෙනවා.. දැන් නොමිනේෂන් එහෙමත් ලබාගන්න...
සෑහෙන කාලයක් ගියානේ...
ආසාව ඉහවහා ගිය එකෙක් බව පෙනේ...
මේවගේ මිනිසුන් එල්ලුම් ගස් යවන්න ඕනේ.
හොඳ වෙලාවට 2015 වගේ කාලයක් නොවුනේ. නැත්තන් ගල් භාගෙට නීතිපති නවනවා රන්ජන් අයියා. මේ අය නම් සදහටම ඇතුලේ තිබ්බත් කමක් නැහැ. මේ අය හොඳයි පාර්ලිමේන්තුවට නෙමේ බුලත්විට කඩේකට...
කෝකටත් නිරෝධයකට ඇරලා චෙක් කරන්න.
පක්ෂ පාට භේද නැතිව ගෝඨාගේ පාලනය නියම යහ පාලනය බවට ඒත්තු ගන්වමින් තිබෙනවා.
මේ අර කපු මන්ත්‍රී තුමානේ, සමහර විට මේ ක්‍රියාව දේව නියමයක් වෙන්න ඇති.
සති දෙකකට වූහාන් වලට යවන්න.
පළාත් සබා ඇති කිරීමෙන් වුන එකම දෙයනම් ගම්වල ඉන්න නුගත් චණ්ඩින්ට දේශපාලන බලයත් ලැබීමයි. ජනමත විචාරණයකින් ගෙන ආපු මේ වසංගතය ජනමත විචාරණයකින්ම නැති කරන්න.
කෝ රත්තරන්....? එයා නෙවෙයිනේ මේ....
මේ වගේ දුශිත, දේශපාලුවෝ දේශපාලනෙන් අතුගාලම දාන්ඩයි වටින්නෙ ?
අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී. ඔහු හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී. මාරයි. රට හදන්නම ඇවිල්ලා ඉන්නේ...
මේ රටට හෙනගහලා තියෙන්නේ මේ වගේ අය දේශපාලනයට බැහැලා තියෙන නිසයි. අවම වශයෙන් පක්ෂ නායකත්වය මෙවැන්නන්ට නාමයෝජනා නොදී සිටිය යුතුයි. ලංකාවේ එහෙම දෙයක්වත් වෙන්නේ නැහැනේ...
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැසිකිලි අධීක්ෂණය කරන්න දීලා තිබ්බේ මෙයාට...
මේ වගේ ජඩ වැඩවලට චෝදනා ලබන හාල්පාරුවන්ටද `රත්තරන්` කියන්නේ? මේ වගේ වැඩවලට දකුණු පළාතම තමයි වැඩියෙන් ප්‍රසිද්ධ...
ඔන්න දැන්නම් රට පාලනය කරන්න යන්න සුදුසුකම් වැඩිත් එක්ක...
අධ්‍යාපන අමාත්‍යාංශයට නියම සුදුසු මන්ත්‍රීවරයෙක්නේ...! දේශප්‍රේමී නම් කාරී නැහැ...