ඩි.ජී.සුගතපාල
දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයකු සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිලධාරියකු ලබන 13 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4) නියෝග කළේය.
රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයකු වු හික්කඩුව ගුරුගේ සංජය චානක සහ වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි තුෂාර නලින්ද යන සැකකරුවන් වේ.
රත්ගම රත්නඋදාගමදි පැහැරගෙන ගොස් අක්මිමණ ගොනාමුල්ල ප්‍රදේශයේදි ඝාතනය කරන ලද පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු පිළිස්සිම සඳහා වලස්මුල්ලේ කණුමුල්දෙණියේ රක්ෂිතයට ගෙන යාම සඳහා ආධාර අනුබලදී ඇත්තේ සැකකාර බිට්ටු නිලධාරි තුෂාර නලින්ද නමැත්තා විසින් බව සැකකාර කොස්තාපල්වරයා විසින් අනාවරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්ගම සිද්ධියේ කොස්තාපල් හා බීට්ටු නිලධරයා රිමාන්ඩ්
Chanak Los angeles Monday, 04 March 2019 09:07 PM
නිල ඇඳුම හා ගෞරවනීය සේවය සම්පුර්ණයෙන්ම කෙලෙසලා නේද ? සල්ලි වලට කෑදර වෙලා මෙවන් කෘරතර අපරාධ කරන්න තරම් පහත් තත්වයකට පත්වීම කෙතරම් ඛේදජනකද....
Chanak Los angeles Monday, 04 March 2019 09:12 PM
කුරාම්ගේ මිලේච්ච ඝාතනයෙන් පසු ඇසුණු ඒ හා සමාන අපරාධයක් මේ .