IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


රත්ගම සිද්ධියට සම්බන්ධ පොලිසියේ 5ක් ගැන තොරතුරක් නෑ

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පුලුස්සා දමන ලද බවට චෝදනා එල්ල වී තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ රාජකාරී සඳහා අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනෙකු පිළිබඳව අද (22) සිට කිසිඳු තොරතුරක් නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාල පොලිස් කොස්තාපල්වරුන් පස් දෙනා ඇතුළුව එම ඒකකයේ 15 දෙනෙකු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් දකුණු පළාතෙන් පිටත පොලිස් ස්ථාන වෙත වහා ක්‍රියාත්මකවන පරිදි මාරු කර යවා තිබෙන අතර ඊට අදාල පණිවුඩය ලබා දීමට ඔවුන් සොයන අවස්ථාවේදී ඒ ගැන හෙළිවී ඇත.

ඒ අනුව අද (22) සිට ඔවුන් නොදන්වා රාජකාරි ස්ථානයෙන් බැහැරව ගොස් ඇති බවට පොලිස් පණිවුඩ මගින් දැනුම් දී තිබේ.

යම් හෙයකින් ඔවුන් සේවයට වාර්තා නොකලහොත් සේවය හැර ගියාසේ සලකා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව මාතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

රත්ගම බූස්ස රත්න උදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා ඉකුත් ජනවාරි මස 23 වැනි දින පැහැර ගැනීම සඳහා පොලිස් නිල ඇඳුමින් සැරසුණු 13 දෙනෙකු නිල නොවන ආකාරයට සහභාගී වී තිබෙන බව රහස් පොලිස් පරික්ෂණ වලදී අනාවරණයවී ඇත.

ඔවුන්ගෙන් පොලිස් පරීක්ෂකවරයකු දැනටමත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින අතර තවත් උප පොලිස් පරීක්ෂකවරයෙකු රැඳවුම් නියෝග යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බාරයේ තබා ගෙන ප්‍රශ්නකර ගෙන යයි.



අදහස් (19)

රත්ගම සිද්ධියට සම්බන්ධ පොලිසියේ 5ක් ගැන තොරතුරක් නෑ

Dasun Friday, 22 February 2019 04:18 PM

මොවුන් දෙදෙනා කල ව්‍යාපාරය ගිනිඅවි කුලියට දීම කියන්නේ ඇත්තක්ද?

:       174       350

saliyaSaturday, 23 February 2019 06:57 AM

කව්ද ඔයාට කිව්වේ?

:       48       8

AsankaSaturday, 23 February 2019 08:48 AM

එක පත්තරයද ඔබ කියවන්නේ, රටේ තව පත්තර තියනවා...

:       0       47

BamunuarachchiSaturday, 23 February 2019 04:18 PM

ගිනි අවි කුලියට දුන්නනම් අල්ලලා හිරේ යවන්න වැඩ කරනවා මිසක් මිනිස්සු මරන්න මේ පොලිස්කාරයින්ට බලය දුන්නේ කවුද?

:       0       13

Thusi Friday, 22 February 2019 05:50 PM

සල්ලි වලට පොලිසියේ අය ඕන දෙයක් කරයි.

:       159       381

de silva Friday, 22 February 2019 08:17 PM

අනිවාර්යයෙන්ම ඔය 5 දෙනා ලොකු නිලධාරීන්ගේ උදවුවෙන් රට පනින්න ඇති..., ඔය මෙහෙයුම ගැන උසස් නිලධාරියා දන්නවා. එහෙම නැතුව නිලධාරියෝ 13 දෙනෙකු මාතර ඉඳන් බූස්සට යන්නේ නැහැ. මිනිස්සු 2ක් අත්අඩංගුවට ගන්න. ඔය දෙන්නා අල්ලාගෙන එන්න ඇත්තේ මරන්න නොවේ වෙන්න ඇති. නමුත් ගහනකොට එක්කෙනෙක් මැරුණාම අනිත් මිනිහත් මරලා දමලා ප්‍රශ්නේ යට ගහන්න හදන්න ඇති... කවුද දන්නේ ඔය පෙන්වන තැන පොලිසිය විසින්ම සකස් කරපු අපරාධ ස්ථානයක්ද කියලා? සමහරවිට ඔය හම්බවුණා කියන පිළිස්සුන දත් සහ අැටකැබලි වෙනත් කෙනෙකුගේ වෙන්න බැරිද? අන්තිමට එම නිසා නඩුව කැඩෙන්න පුළුවන්... මට නම් මේ පොලිසිය ගැන කිසිම විශ්වාසයක් නැහැ.. සමහරවිට සාක්ෂිවලට ඉන්නේ ඔය 5 දෙනා පමණක් වෙන්න ඇති.. කවුරුවත් සාක්ෂි නොදුන්නොත් අල්ලාගෙන ඉන්න දෙන්න... බේරිලායාමට ඉඩ ප්‍රස්ථාව වැඩියි.

:       0       111

sathyayaa Friday, 22 February 2019 11:22 PM

පොලිසිය ඇත්තටම බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මෙහි ස්ථාපිත කරන ලද්දේ සිවිල් සමාජයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටයි. කුණු ගඳ ගහන දේශපාලනයේ ඕජස් පොලිසිය මතින්ද ගලා යෑම ඇරඹි දශක කිහිපයක් ඉක්ම ගියද අද වෙනතුරු එයට මානුෂික මුහුණුවරක් දෙන්න ජගතෙක් බිහිවී නැහැ. ත්‍රස්තවාදයට එරෙහිව පැවති යුද ජයග්‍රහණය බලයේ සිටි අයගේ වාසිය සඳහා දේශපාලනීකරණය කිරීමත් ඒ හා සබැඳුණ දූෂණ ගණනාවක් සීමාන්තිකව ජනජීවිතය පුරා උඩුදුවනු ලැබීම නිසාත් අද පොලිසිය හා පාතාලය අතර වෙනසක් ඇතිදෝයි යන සැකය ජනතාව පෙළමින් සිටියි.

:       0       126

sadis Saturday, 23 February 2019 01:24 AM

කාගේ හයියද ලැබුනේ මිනීමරන්න?

:       8       167

mendis Saturday, 23 February 2019 01:45 AM

කව්රු හරි කියලද කියන්ට අමාරුයි. මොකද, ඔය කියන පැත්තේ කට්ටිටිය සාමාන්‍යයෙන් ඉන්නේ පිහියක් අතේ ඇතුව ලෑස්ති පිටයි.

:       11       179

chathuri Saturday, 23 February 2019 03:28 AM

දැන් ප්‍රශ්න කරලා ටික කලක් ගියපසු මේ කතාව අමතක කරනවද? තාජුදීන්ගේ මරණය වගේ හොඳටම දන්නවා. එයට සම්බන්ධ මිනීමරුවන් තවමත් නිදැල්ලේ.... කිරිල්ලි, මේ වගේම. පොලිස් කාරයෙක් බොරුවට කුඩුවේ දමල නිදහස් කෙරුවා... එදා ඔහුට... මරණිය දණ්ඩනය දුන්නා නම් අද මෙවැනි දෙයක් සිදු නොවෙන්න තිබුණා. එකම රටේ නීති දෙකක්. ප්‍රබලාට එක විදියක්, සාමාන්‍ය වැසියට එක විදියක්... මේ මිනීමරුවන් දන්නවා. නීතියෙන් ගැලවෙන්න පුළුවන්... කියලා අසරණ මිනිස්සු මැරුවම, නීතිපොතේ හැටියට වැඩ කරන්නේ නැති අයට හෙන වදින්න ඕනෑ.. මේ වගේ කාලකන්නි යටතේ ජිවත් වෙන්න කොයිතරම් පව් කාරයින්ද අපි?

:       0       155

DhammikaSaturday, 23 February 2019 08:49 AM

එහෙම කියන්න එපා. මේක 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති රටක් ජාතියක්..

:       0       72

Sumeda Saturday, 23 February 2019 04:16 AM

පොලිසියේ හා හමුදා නිලඇඳුම් ඇඳගෙන රටේ බලුකම් කරන පාහරයින්ව මේ රටින් තුරන් කලයුතු කාලය ඇවිත් ඇත. පොලිසිය සහා හමුදාවළ වැදගත් නිලධාරින්ට කරන නින්දාවක්....

:       29       116

sandy123 Saturday, 23 February 2019 05:17 AM

මේ වගේ ලයිසන් චණ්ඩි ඉන්නකොට රටකට යන කල මොකක්ද?

:       0       18

Bamunuarachchi Saturday, 23 February 2019 06:36 AM

ඉස්සර පුහුල් හොරා කරෙන් දැනේ. දැන් මිනීමරුවා ස්ථාන මාරුවෙන් දැනේ. වැටුප් යවන්නේ බැංකු ගිණුම් වලට නම් වහාම නවතා දමන්න.

:       0       46

rocky Saturday, 23 February 2019 08:48 AM

ඒ මිනිස්සු භාවනා කරන්න යන්න ඇති. භාවනා නොකර හිටියොත් ලොකු මහත්තය ගහනවනේ!

:       0       65

surath Saturday, 23 February 2019 11:01 AM

මේක උතුරේ වුණා නම් මානව හිමිකම් NGO හා දේශපාලකයන් බරගානක් මහපාරේ වැඩ...

:       0       13

අතුල Saturday, 23 February 2019 02:19 PM

අද රටේ නීතියක් නැත. මහජන ඡන්දයෙන් පත්වෙන රටේ නායකයොයි, මහජන නියෝජිතයොයි එළිපිටම හොරා කනවා. නීතිය - අවනීතිය රජ කරනවා. නැත්නම් හොරකන අයට අවශ්‍ය නිදහස දෙනවා. ඒත් 2018 අයවැය පරතරය රුපියල් බිලියන 644 (මිලියන 644000). ඔය 5 දෙනා දැනටමත් ඩුබායි හරි කොහේ හරි ඇති. ප්‍රබල සාක්ෂි ටික යට ගහන්න. හැබැයි "සත්‍යය කවද හරි එළිවෙනවා" මොන සාක්ෂි යට ගැහුවත් " තමන්ගේ හෘද සාක්ෂිය" කවදාවත් යට ගහන්න බැහැ. රටේ යුද්ධයට සහ සංවර්ධනයට මුවා වෙලා ඔය බිලියන 644 හොරා කෑවේ... රටේ සාමාන්‍ය මහජනතාව නොවෙයි. ඒත් ඔය "ජඩ" පාලකයන්ව පත්කරන "මෝඩ සාමාන්‍ය ජනතාව" ඉදිරියට බලයට පත් කරගන්නෙත් හොර නඩයමද? පොලිසිය විතරක් මේ ප්‍රශ්නයට වගකිවයුතුද? දැන්වත් තීරණය කල යුතුව ඇත.

:       0       104

parakkrama Saturday, 23 February 2019 02:29 PM

පහුගිය මාස තුන හතරකට කලින් ඇතිවූ නොයෙකුත් විපරියාස හේතුවෙන්, මටත් වෙනත් අයටත් නොතේරෙන නිසා මං අහන්නේ දැන් පොලිසිය තියෙන්නේ කාගේ යටතේ ද කියලයි. වෙනත් හොඳයි, දියුණුයි කියන රටවල අදාළ ඇමැතිවරයා ගන්නා ක්‍රියාමාර්ග මේ රටේ නැහැ නේද ?

:       0       109

sujeewa Saturday, 23 February 2019 02:33 PM

සමාජයට විනයක් තියෙන්න එහි නායකයින්ට විනයක් හැදියාවක් තියෙන්න ඕනේ. එහෙම නැත කියලා අපි දිනපතා දේශපාලන පුවත් වලින් දකිනවා. ඉතින් එහෙම අය පත්කරන පොලිසියකට හැදියාවක් තියෙයිද?

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වීසා නැති 13ක් පිටුවහල් කරයි
2025 පෙබරවාරි මස 11 86 0

සංචාරකයන් ලෙස පැමිණ , වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍ර


මළගෙදර වලියෙන් හතරක් රෝහලට
2025 පෙබරවාරි මස 11 130 0

අවමගුල් නිවසක කාන්තාවක සම්බන්දයෙන් ඇතිවූ කතාබහකින් පසු පුද්ගලයකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වූ කාන්තාවකට සහ තවත් පුද්ගලයන් තිදෙනකුට රෝහල් ගත කළ බ


ලයිට් කැපිල්ල නවත්වන දවසක් හරියට කියන්න බෑ
2025 පෙබරවාරි මස 11 179 0

විදුලි කප්පාදුව නතර කරන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


අමරපුර මහනායක පදවි අක්තපත්‍ර ප්‍රදානය රාජ්‍ය අනුග්‍රහයෙන්
2025 පෙබරවාරි මස 11 76 0

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයට පුහුණුවක්
2025 පෙබරවාරි මස 11 85 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් නාරාහෙන්පිට නිල මැදුර පරිශ්‍රයේ දී අද (11) පැවැත්විණි.


එකවර පොලිස් ස්ථානාධිපතිවරු 139කට මාරුවීම්
2025 පෙබරවාරි මස 11 419 0

පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට අද (11) එකවර ස්ථාන මාරුවීම් ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 104 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 899 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site