(තරිඳු ජයවර්ධන)
රත්ගම දී පැහැරගත් ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් පළමු ව්‍යාපාරිකයා පහරදීමේදී මිය ගිය පසු එම පිරිස අතර සිටි පොලිස් නිලධාරියෙක් උසස් පොලිස් නිලධාරියකුට දුරකතන ඇමතුමක් ගැනීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පළමු ව්‍යාපාරිකයා මිය ගිය පසු දෙවැනි ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීන් එම උසස් පොලිස් නිලධාරියාගෙන් උපදෙස් ලබා ගත්තේදැයි සොයා බලන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගත් දිනයේම රත්ගම පොලිසියට සහ සහකාර පොලිස් අධිකාරීවරයාට පැමිණිලි කර ඇතත් විමර්ශනයක් සිදු නොවීම ගැන ද සැක සහිත බවත්, ඉහළ පොලිස් නිලධාරියකුගේ බලපෑම මත සති තුනක් යනතුරු පැහැර ගැනීම ගැන විමර්ශන සිදු නොවුනාදැයි සොයා බලන බවත් පොලිසිය කියයි.
රත්ගම දී ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය ජනවාරි 23 වැනි දා ය. ඊට සතියකට පමණ පෙර දකුණේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරියකුගේ සාදයකට මෙම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් මස් සහ මාළු ලබාගෙන ඇතැයි විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
පැහැර ගැනීමෙන් සති තුනකට පමණ පසු එම පැහැර ගැනීම ගැන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයට පැවරුණු අතර එම අංශයෙන් කළ පරීක්ෂණවල දී අනාවරණය වූයේ රත්ගමින් පැහැරගත් තරුණයන් දෙදෙනා අක්මීමන ගොනාමුල්ලේ නිවසකට ගෙන ගොස් මරා දමා පසුව වලස්මුල්ලේ රක්ෂිතයකට ගෙන ගොස් පුලුස්සා ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහත්වරුන්ගේ උපදෙස් පිට මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා ඇතුළු පිරිසක් විමර්ශන පවත්වති.
2025 දෙසැම්බර් මස 04
568
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
496
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
423
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්ගම ව්‍යාපාරිකයා මරන්න කලින් පොලිස් ලොක්කෙකුට ගත් දුරකතන ඇමතුම් ගැන සොයයි
මහින්ද විරසිංර Thursday, 07 March 2019 11:05 PM
රටට සහ ජනතාවට ආදරේ ඇති අයෙක් මේ දෙරණේ තවම ඉපදි නැත. ඇත්තෙ මහජන මුදලින් රට සවාරි යන නායකයින් පමණයි
sujeewa Friday, 08 March 2019 04:29 AM
ලංකාව දැන් පොලිස් රාජ්‍යයක් වෙලා. කිසිම මිනිහෙකුගේ ආරක්ෂාව සහතික කරන්න බැහැ. ඕනෑම කෙනෙක් ඕනෑම මොහොතක පොලීසිස්යේ උස්සන් ගිහින් මරල පුච්චලා දාන්න පුළුවන්, සාක්කිත් නැති කරන්න පුළුවන්. මේක මානව අයිතිවාසිකම් රැකෙන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියන්නේ කොහොමද. දකුණේදී මෙහෙම කරන අය උතුරේදී කොහොම කරනවා ඇතිද. උතුරේ මිනිස්සු කෑගහන එක සාධාරණයි.