IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රත්ගම නඩුවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

(ඩී.ජී.සුගතපාල)
 
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ  සැකකාර පොලිස් නිලධාරීන් 15දෙනා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා ඇතුළු සැකකරුවන්  17දෙනා ලබන 22වන දින දක්වා තවදුරටත් රක්ෂිත  බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (08)නියෝග කළේය.
 
මෙසේ‍ බන්ධනාගාර ගතකරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා, උප පොලිස් පරීක්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බීට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද, දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.සමන් රෝහණ,  උප පොලිස් පරීක්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් උපුල් රංජිත්, උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ආර්. විමලසිරි, උප පොලිස් පරීක්ෂක ජී.කේ.විමලරත්න, සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්, කොස්තාපල් වයි.පී.විදානගම, කොස්තාපල් බී.ඒ.ආර්.අසංක, පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න, වලස්මුල්ල අඩවි වන නිලධාරී ආර්.එස්.සුවාරිස්, කොස්තාපල් අනිල් කුමාර, කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන්ය.
 
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ  අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වන දින  පැහැරගෙන ගොස් ඝාතනය කර, පුළුස්සා දැමීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර ඇත.
 
පැමිණිල්ල  මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කර රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලද භාණ්ඩ සම්බන්ධයෙන් තවම වාර්තා ලැබී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බවත් කියා සිටියේය.
 
සියලු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුර ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර සැකකරුවන් සියලුදෙනාම ලබන 22 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් සුමිත් (77667) මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
 



අදහස් (0)

රත්ගම නඩුවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site