(ඩී.ජී.සුගතපාල)
රත්ගම පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද තවත් පොලිස් නිලධාරින් තිදෙනෙකුද 13 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (05) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලේපෙරුම ආරච්චිගේ සමන් රෝහණ , උප පොලිස් පරික්ෂක තිලකරත්න සහ කොස්තාපල් උපුල් රංජිත් යන තිදෙනා වෙති.
මෙම පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මෙයට පෙර අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත සිල්වා , උප පොලිස් පරික්ෂක විරාජ් මධුසංක , කොස්තාපල් සංජය චානක සහ වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ බීට්ටු නිලධාරි තුෂාර නලින්ද යන සිව්දෙනාද 13 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරුවන් සංඛ්‍යාව හතකි.එම හත් දෙනාගෙන් හයදෙනෙක්ම පොලිස් නිලධාරින් වන අතර එක් අයෙක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිලධාරියෙකි.පරික්ෂණ වලින් අනාවරණය වි ඇත්තේ ඝාතනය කරන ලද දෙදෙනාගේ සිරුරු පුළුස්සා දැමීම සඳහා වලස්මුල්ල රක්ෂිතයේ ස්ථානය පෙන්වා දී ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බිට්ටු නිලධාරියා බවය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පුද්ගලයින් හතළිහකට ආසන්න පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
155
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්ගම ඝාතනයට සම්බන්ධ තවත් තිදෙනෙක් රිමාන්ඩ්