
(කාංචන කුමාර ආරියදාස)
ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන බව රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර මහතා පවසයි.
මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය තම පාලනයක් යටතේ සම්පූර්ණයෙන් වෙනස් කිරීම්ට අදහස් කරන බව ද විජේවීර මහතා කියයි.
මෙරට පාර්ලිමේන්තු ක්‍රමය ද්විත්ව පාර්ලිමේන්තු ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක විය යුතුයි.
රටේ උගතුන් බුද්ධිමතුන් රාජ්‍ය සේවය අවසන් කොට වීශ්‍රාම යද්දී එම පිරිස් පාර්ලිමේන්තු නියෝජිතයන් බවට පත්කරනවා.
මහජන ඡන්දයෙන් තේරී පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙන්ම කොටසක් වෙනවා.
එම කොටස් කුමන තීන්දු තීරණ පාර්ලිමේන්තුව තුළ ලබා ගත්තද ඉහළ සිටින බුද්ධි මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව රට තුළ ඕනෑම දෙයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය.
දෙවන පරපුර සංවිධානයේ මාතලේ දිස්ත්‍රික් දැනුවත් කිරීමේ වැඩසටහන නාවුල නගරයේ නිවසක සූදානම් කර තිබිණි.
COMMENTS
උවිඳු ඔබගේ පියා රෝහණ විජේවීර මෙන් නොව රැවුල කපා cap එක ගලවා දමන්න. රටට වෙනසක් කිරීමට පෙර ඔබට වෙනස් වීමට හැකි බව පළමුව පෙන්වන්න..
තවත් එක් කෙනෙක්...!
නායකත්වයට කෙනෙක් නැහැ කිව්වනේ... බයියොයි- වහල්ලුයි ඔන්න අහගනිල්ලා...!!
ඔන්න දැන් කට්ටිය පටන් ගනීවි එයාව මඩවලින් නාවන්න. මම නම් හිතන්නේ අඩු තරමින් මේ ළමයා කියන දේ බනින්න, ගරහන්න කලින් පොඩ්ඩක්වත් හිතලා බලන්න. මොකද අද ඉන්න දේශපාලකයින් හැමදාම රට කන්න විතරයි දන්නේ...
සිහින කුමාරයා. උපදෙස් දෙන මොලහතාණෝ තමයි ආරංචියේ හැටියට බරපැන සපයන්නේ...
හලෝ අපිට පව් නොදී නොසරුප්බස් අසා ගන්නේ නැතුව ඉන්නවද? ඔහේගේ තාත්තා තමයි ජෙප්පෝ කියලා ජාතියක් ඇතිකළේ...
ශ්‍රී ලංකාව වගේ පොඩි රටකට පාර්ලිමේන්තු මන්ත්‍රී කොල්ලන් 225ක් හරිම වැඩියි. ඒ මදිවාට පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පැටව් ගහලා. ශ්‍රී ලංකාව කළ යුත්තේ මෙම ගණන් 50% කින් අඩු කිරීමයි. ඇමතිවරු 20කට අඩු කිරීම හා නියෝජ්‍ය ඇමතිවරු ගණන 10කට අඩු කිරීමයි. කවුද කියන්නේ විශ්‍රාමික රජයේ සේවකයින් හරි දැනුවත් කියලා... ඒ ගොල්ලන් මේ මේ කාලයට නොගැලපෙන යල්පැන ගිය පරම්පරාවක්...
මොළ හතාණෝ සමාදර දායකත්වයෙන් නැවත වරක්, වෙනසක් හෝ විකල්පයක් හොයන ඡන්ද දියකර හැරීමේ මෙහෙයුම ක්‍රියාත්මකයි. ඡන්දය කිට්ටු වෙනකොට තවතව පොදු අපේක්ෂකයින් පහළ වෙයි. ඡන්දෙ ඉවර වෙනකොටම එයාලා රටෙත් නෑ...
ඔබතුමා හිතන විදිහේ පාර්ලිමේන්තුවක් හදනවා නම් රුසියාවෙන් කට්ටිය අරන් ඇවිල්ලා තමයි කරන්න වෙන්නේ. මේ රටේ ඉන්න පාර්ලිමේන්තුවට ආවත් බලාපොරොත්තු වෙන්නේ හොරකම් කරන්න. නිකන් බයිලා නොගහ අනුර කුමාරත් එක්ක එකතු වෙලා ජවිපය ගොඩගන්න බලන්න.
කවුද ඔයාට ඔය වැඩ වලට උදව් කරන්නේ..?. සල්ලි එහෙම ඕන ඇතිනේ ඔය කොන්ත්‍රාත් එක කරන්න... බැසිල්ද?
ඔක්කොටම ඉස්සෙල්ලා උසිගැන්වීම් වලින් දිවි පිදූ අයගේ පවුල් වලින් සමාව ඉල්ලන්න. රට හදන්න කළින් තමන් හැදිලා පෙන්වන්න.
පටන්ගන්න කොටම ලොකු කථා කියන්න යන්න එපා. ඕවා ඔය කට්ටිය කොපි කරයි. මුල ඉඳලා පටන් ගන්න. අහසින් පාත් වුණු අය ගැන දැන් අපිට හොඳ අද්දැකීම් තියෙනවානේ... ප්‍රාදේශීය සභාවකින් පටන්ගන්න. ලොකු ගමනක් යන්න පුළුවන්... දැන් බලන්න මෛත්‍රී මහත්තයා පොළොවේ පයගහලා ප්‍රශ්න ගැන හිතන නායකයෙක්... ඔබට සුබ අනාගතයක්... තෙරුවන් සරණයි....
මෙයාව හොඳට මාර්කට් කරයි ආණ්ඩුව දැන්... ජවිපෙට කියන 88/89 මඩ මෙයාට නැති වෙයි. බර පැන ආණ්ඩුවෙන්ම සහ සජබෙන් එක්කහුවෙලා සපයයි...අපි නොදන්න චෙස්...
ජවිපයට විරුද්ධව සියලු පක්ෂ පෙළගැසෙන හැඩයි..!
හදන හැටි නම් අපිට වුණත් කිව්ව හැකියි. ඒත් ළමයෝ කරන එක තමයි අමාරු...
මෙයාට රැවටෙන්න එපා... මේ සමහරු දාලා තියන කමෙන්ට්ස් බැලුවාම අපේ රටේ මිනිස්සු කොච්චර බොලඳයිද කියලා හිතෙනවා. මෙයාව ඉස්සරහට දාලා දේශපාලන ගේම් එක ගහන්න හදන අය ගැන ලඟදීම දැනගන්න ලැබෙයි...
තාත්තගේ සින්දු කියන පොඩි බබෙක්.. අලුත් ඒවා දන්නේ නැහැ. හරියට අපේ හිතගත් කලා කාරයන්ගේ පුතාලා වගේ... තාත්තා කරපු දේවල් වලින් ප්‍රසිද්ධ වෙලා, ඊට පස්සේ ප්රබුද්ධ වෙනවා. හැබැයි අලුත් කිසිම දෙයක් කරන්න බැහැ. අලුත්ම උදාහරණය රාජකීය කුමාරවරු...
විමල්ගේ අනුශාසනා පිළිගත්තොත් වහලෙක් තමයි වෙන්නේ පුතේ... !
ලංකාව වැටිලා තියෙන දරුණු තත්වයෙන් ගොඩ දාන්න ලංකාවේ කිසිම ක්‍රියාකාරී දේශපාලන පක්ෂයකට සැලැස්මක්වත්, ක්‍රමයක්වත් නැහැ. ඇත්ත තත්වය එයයි.
වලපයයි, ගොඩපයයි තියන් ඉන්න ලොක්කෝ මේ රට පාලනය කරලා කරපු ටික පේනවනේ.. දැන් තරුණයින්ට රට බාරදෙන්න ඕනෙ කාලේ ඇවිත් නැතිනම් මේ වයසක ලොක්කෝ ටික රටේ ඔක්කොම සම්පත් ටික විකුණනවා. අනාගත දරුවන්ට මොකුත් ඉතුරු කරන්නේ නැහැ.
තාත්තාට තිබුණු ගෞරවය නැති කරන්න එපා. තාත්තාගෙන් පුතාට දේශපාලනය කරන්න තාත්තාවත් පිළිගත්තේ නැහැ... දේශපාලනය කරන්න තියෙන සුදුසුකම කියන්න. මෙයා හරියට ජනාධිපති වෙන්න වගේ කතාව.. කවදා හරි වෙන්නත් පුළුවන්... නමුත් පුදනකොටම කාපි යකා කිව්වා වගේ...
ඉන්නේ මොන පැත්තෙද කියලා පුතාගේ අතේ පිරිත් නූල් ටිකෙන්ම හිතාගන්න පුළුවන්... මිනිස්සුන්ට දැන් හොඳට මොළේ පෑදීගෙන එනවා... ඔයාලගේ ඩ්‍රාමා තවදුරටත් වලංගු නෑ...
නියමයි නියමයි... කැලණියේ නයින්ට රැවටුණු අයට පුලුවන් මෙයාව දියසේන කුමාරයෙක් කියලා හිතන් අදහන්න.. රැවුලයි, කැප් එකෙනුයි විප්ලව කරන්න හිතන ළදරුවෙක්..
තවමත් බැරි වුණා පොදු සම්මුතියකට එන්න. හැමෝම උත්සාහ කරන්නේ තනිවම බුදුවෙන්න...
ඔබ මේ කරගෙන යන වැඩ පිළිවෙළ ඉදිරියටත් කරගෙන යන්න. නමුත් අමතක කරන්න එපා. අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ කඩේ ගිය වහල්ලුන් තාමත් එයින් මිදිලා නැහැ. මේ අදහස් ප්‍රකාශ කිරීම් වලින් පේනවා. අපි බලමු ඉදිරි අනාගතයේදීවත් වහල්ලු වහල් භාවයෙන් මිදෙයිද කියලා...
පක්ෂෙන් ගෙයක් දුන්නේ නෑ කියලා අඬන බබෙක්ට රට බාරදෙමු...
සේනාධිපතිද කිව්වේ එහෙම කියන්න කියලා...?
මෙයාට මොළ කියියක් තියෙනවා කියලද කියන්නේ.?
උවිඳු දරුවා, පේනවා නේද රටේ බොහෝ දෙනෙකු තුළ තියෙන කුහකත්වය...? පරණ දේශපාලුවන් රට කොච්චර කාලා කාලා විනාශ කළත් ඔය මිනිස්සුන්ට ඕනෑම ඔවුන්වම තමයි. ඔවුන් සිතා සිටින්නේ ඔබත් ඔය ප්‍රාදේශීය දේශපාලනය කරන ඕ.ලෙවල් වත් නැති කබ්බෙක් ගානට. ඔබ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබුවේ ජනතා මුදල් කොල්ලකාලා නෙමෙයි බොහෝ වෙහෙස වී ශිෂ්‍යත්ව ලබාගෙන. ඒත් මේ රටේ මිනිස්සුන්ට හොඳයි කියලා පේන්නේ අර හොර දේශපාලුවන්ගේ ලේබල් උපාධි ගත්තු මොට්ට පුත්‍රයින්ව. ඔවුන් දිගටම රට කාගෙන යන බව බහුතර මිනිස්සුන්ට නොතේරෙන නිසයි හැමදාම විඳවන්නේ... සමහරු දන්නේ නැහැ හිටපු විගණකාධිපතිවරු වගේ ඉතා අවංක කාර්යශුර නිලධාරින් අතළොස්සක් වත් රටේ ඉන්න බව... ජවිපෙ උදවිය හිතා ඔවුන්ගේ ගමනට ඔබ හරහට ඉන්න කෙනෙක් කියලා. මේ සැරේවත් ඒ අයට එන්න පුලුවන්ද කියලා බලන්න ඉඩ හරින්න. නොසැලී ඔබේ ගමන නොහරී... සෙමින් සෙමින් හෝ ඉදිරියට යන්න...
මෙන්න තවත් බේබි කෙනෙක්. සජිත් බේබි..., නාමල් බේබි, දැන් උවිඳු බේබි... තව බේබිලා කීයක් එන්න ඉන්නවද?
මෙයාට නම් අහු වෙන්න එපා...
කටින් බතල හිටවනවා වගේ කියන්ඩ ලෙහෙසි. කරන්ඩ තමා බැරි. ආසියාවේ ආස්චර්ය ,දැනුමේ කේන්ද්‍රස්ථානය , ධර්මිස්ඪ රාජ්‍ය ,යහපාලනය, සෞභාග්‍ය දැක්ම ඔහොම කියාගෙන ආපු අය අද කරලා තියෙන හරිය පේනවනේ.. බඩගොස්තරවාදි දුශිත දේසපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ .ජනතාව රවට්ටපු එකයි, අපි ඔවුන්ගේ මුසාවාද වලට අහුවෙච්චි එකයි විතරයි සිද්ද උනේ ?
අනේ මේ ගෙදරට වෙලා ඉන්න. මිනිහෙකුට තියෙනවා කරන්න බැරි දේවල් සහ කරන්න පුලුවන් දේවල් කියලා දෙකක්. අන්න ඒකෙන් කරන්න බැරි දේවල් නොකර පුලුවන් දෙයක් කරගෙන ගෙදරට වෙලා ඉන්න. මේ රටේ ඉන්න අහිංසක මිනිස්සු ජෝක් එකකට ගත්තාද.?
මෙයාගේ තාත්තත් මුල් කාලේ ඔහොම තමා. පහු වෙනකොට කරපු හරිය රටම දන්නවා.. නොට්ටියාගේ පුතා කියලා ජනවහරේ තියන කතාව මතක් වෙනවා .
අවංකව තමන්ගේ විහින් දේශපාලනයට ඇවිල්ලා නෙමෙයි නේ.අනේ ළමයෝ.කාගෙවත් ඉත්තෙක් වෙන්න එපා කල වයස ගෙවෙන්නත් කලින්
පිස්සු තමයි.