(සුජිත් හේවාජුලිගේ)
දින දහයක් රට වසා තැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් දහ තුන් කෝටි තිස් තුන් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
රට වසා තැබීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට සිදු වන පාඩුව රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන පාඩුව රුපියල් කෝටි 40කට වැඩිය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් කෝටි 50 කට අධිකය. කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු එම ආදායම කෝටි දහය දක්වා පහත බැස ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ඇරලා තිබුනා කියලා කවද්ද ලාබයක් පෙන්නුවේ. නිකන් පාඩුවේ ඉන්න බොරු බයිලා ගහන්නේ නැතුව.
දිව්වත් පාඩුයි.නොදිව්වත් පාඩුයි.නිකං ආන්ඩුවේ ඇදිරී නීතිය වගේ.රට ඇරලා තිබ්බත් මිනිස්සු පාරේ.වහලා තිබ්බත් මිනිස්සු පාරේ
කොහොමත් අවුරුද්දකට පස්පාරක්වත් ස්ට්‍රයික් කරනවානේ. එතකොට පාඩු නැද්ද.?
මේ මොකද්ද මේ පාඩුව සහ ආදායමේ තේරුම. දුම්රිය දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් කෝටි 50 කට අධිකයිලු. එහම කියද්දී දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන පාඩුව රුපියල් කෝටි 40කට වැඩිලු. එහම නම් රුපියල් කෝටි 10ක ආදායම් වෙන්න ඕන නේද.
රට වහන්න අනුබල දුන්න හැමෝගෙන්ම අයකරගන්න.
කලින් ලාබ ලබපු එක අහන්නත් සතුටක්.
නොදුවා සිටීමෙන් කෝටි 27ක ලාභයක්.
ඇත්තටම සිදුවන්නෙ ලාභයකි.... මේ ආදායම ගන්න ඒ වගේ තුන් ගුනයක් වියදම් කල යුතුයි... සමාජීය පාඩුවක් වුනත් ආයතනයට වන පාඩුව අඩු වෙනවා අතිකාල ඉන්ධන වියදම් නැතිවෙනවා.