(යොහාන් භාසුර)
රට විවෘත කරන ආකාරය අනුව දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සූදානම් බවත් නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර පරීක්‍ෂණ ධාවන කීපයක් සඳහා දුම්රිය යෙදවීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ පසු දුම්රිය ධාවන කිරීමට මේ වන විටත් කාලසටහනක් සකස් කර ඇති බව කී එම නිලධාරියා නිරෝධායන ඇඳිරිනීතිය සම්පූර්ණයෙන්ම ඉවත්කර පළාත් සංචරණ සීමා තව දුරට ක්‍රියාක්මක වේද යන්න තවම කිවනොහැකි නිසා කලසටහන ක්‍රියාමත්මක කරන ආකාරය නිෂ්චිතව කිවනොහැකි බව සඳහන් කළේය.
සම්පූර්ණ ලංකාව විවෘත කරනවා නම් දුර ගමන් සේවා දුම්රිය ක්‍රියාත්මක කිරීමටත්, පළාත් අතර නම් එයටත් ලෙස අවස්ථානුකූලව දුම්රිය ධාවනය ක්‍රියාත්මක කිරීමට දුම්රිය සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළ දක්වා සියලුම සේවකයන් සූදානමින් සිටින බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කාලසටහන වෙනස් වියහැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
හපො මෙ වෙලෙ දුම් රිය පුලුවන් තරමක යවන්න ඔනි ඔය නිකන් දහයක් විතර යවල අරකයි මේකයි කියලා හරියන්නෙ නැ සදුදා පටන් ගන්නවානම්, සදුදම යවන්න ඔනි, ප්‍රවාහනයක් නැතිව මිනිස්සු කොහොමද එන්නෙ. හරිනම් මුලින්ම ප්‍රවාහනය පටන් අරන් තමයි මිනිසුන්ට එන්න කියන්න ඔනි, කොහෙද මෙහෙ තාම සර් ආවෙ නැහැනෙ පිලිවෙලකට වැඩක් කරන්න.
කාර්යාල සහ දුර ගමන් සේවාවලදී පොල් පටවන දුම් රිය සේවය ලංකාවේ ප්‍රධානතම කොරෝනා වාහකයා වේ......
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව බස්රිය, දුම්රිය ධාවනය නොකළොත් නැවතත් කොරෝනා පොකුරු නිර්මාණය විය හැකිය.. බලාගෙන...
පළාත් අතර සංචරණ සීමා දැම්මොත් තමයි හොඳ... නොදැම්මොත් තව මාසෙකින් දෙකකින් ආයෙ වහන්න වෙනවා ඒකාන්තයි. දන්නවනේ අපේ කට්ටියගේ හැටි..