(හර්ෂණ තුෂාර සිල්වා)
එක් එක් පුද්ගලයන් ණය ගැන කතා කළත් රට ලෝකයට ණය වී ඇති බවත් බොහෝ දේ නාස්ති වී ඇති බවත් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර හිමියෝ අද (12) පස්වරුවේ පැවැසූහ.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ‘බිස්නස් ටුඬේ ටොප් 30’ සහ ‘බිස්නස් ටුඬේ විශේෂ පිළිගැනීම’ සම්මාන උළලේ ප්‍රධාන අනුශාසනාව කරමින් ගල්බොඩ ඥාණිස්සර හිමියෝ ඒ බව සඳහන් කළහ.
එහිදි අදහස් දැක්වූ කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බොඩ ඥාණිස්සර හිමියෝ මෙසේ ද කීහ.
“විශ්වාසය පරම ඥාතියා යැයි බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. මේ කරුණ අමතක කිරීම රටේ ප්‍රශ්න රැසකට හේතුවයි. අද තිබෙන ප්‍රශ්න රැසකටත් හේතුව එයයි. විශ්වාසයට ආගමක්, ජාතියක්, කුලයක් හෝ භේදයක් නැහැ. එය අමතක නොකළා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ. බුදු දහම, ක්‍රිස්තියානා ආගම, හින්දු හා ඉස්ලාම් යන ආගමික නායකයෝ දේශනා කරපු දේවල් අපි අමතක කළා. ඒ අමතක කිරීම් නිසා අපේ රට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දී තිබෙනවා.
ඉතිහාසය, අපේ දේවල් උගන්වන්න ඕනේ නෑ කියලා සංකල්පයක් ආවා. අද යුරෝපයේ රටවල් ඔවුන්ගේ දරුවන්ට ඉතිහාසය උගන්වනවා. ජර්මනිය ඔවුන්ගේ දරුවන්ට ලබාදෙන කෑම බීම ගැන පවා සැලකිලිමත් වෙනවා.
අපි අපේ දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අනෙක් දරුවෝ අපේ දරුවෝ කියලා හිතන්න ඕනේ. හැමෝම ඥාතීන් කියලා හිතන්න ඕනේ. අපේ අය තමන්ගේ ඉඩම් අත් ඇරලා රට රටවලට යනවා. එහෙත් චීනයේ එහෙම නැහැ. ඉන්දියාවේ එහෙම නැහැ. ඔවුන් තියෙන හැම දෙයක්ම තමන්ගේ රටට අරගෙන යනවා. ඒ නිසා රටේ මිනිස්සු රට ගැන හිතන්න ඕනේ. රටේ හැමෝම ගැන හිතන්න ඕනේ. රටේ සතා සීපාව ගස් කොළං ගැන හිතන්න ඕනේ. හැම ජාතියක් ආගමක් ගැනම හොයන්න ඕනේ. රට ගැන හිතලා පරිත්‍යාගශීලිව, බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. අපේ රට නැති වී ගෙන යනවා. රට නැතිවෙලා ඉවරයි. කොහොම වුණත් මේ රට ආරක්ෂා කරගන්න ඕනේ”.
ඡායාරූප-ඉෂාන් සංජීව

COMMENTS
ඔබට පුළුවන් උදව් කරන්න, සල්ලි අච්චු ගහමු.
මේ රට ලේසියට ගොඩ ගන්න බෑ. හේතුව මේ රටේ අති බහුතරයක් මිනිස්සු ලෙසියෙන්ම දේශපාලනය කරන කපටි අයගේ කතා වලට අහුවෙන දේශපාලනය අතින් නූගත් පිරිසක්. ලොකු බොරුවක් ඇත්ත වගේ කිවොත් සැහෙන්න පිරිසක් ඒක විශ්වාස කරනවා හෙවිල්ලක් බැලිල්ලක් නැතුවම. එහෙම බැලුවහම දේශපාලනය කරන අය සාර්ථයි. අනික බලන්න සමහර දේශපාලනය කරන අය උදේ කියන එක නෙමෙයි හවස කියන්නේ.ඒත් ඔවුන්ටම ඡන්දය දෙනවා.
හාමුදුරුවනේ අපිට ඔබ වහන්සේලාට වගේ දානය සිවුපසය ලැබෙන්නේ නැහැනේ , අපි මහන්සිවෙලා හම්බකරගන්න ඕන , මේ තත්වෙට අාවෙත් ගොඩක් දුක් විදලා ඉගනගෙන, අධ්‍යාපනය නිදහස් කියල කීවට ගොඩක් වියදම් කරලා සහ දුක් විදලයි ඉගනගත්තේ. දැන් අපේ දරුවන්ටවත් ලංකාව ආරක්‍ෂිත මානව නිදහසට ගරුකරන , හැකියාවට තැන දෙන පරිසරයක් නැහැ , ඔය සියලු දේශපාලුවන්ට පින් සිද්ද වෙන්න රට විනාශවෙලා ගියා . ඒ නිසා නැවත ලංකාවට එන්නේ නැහැ. ඔබවහන්සේත් මෙහි අවොත් නැවත නොයන බව විශ්වාසයි
අනේ හාමුදුරුවනේ ඔය රට ඉබේම ලෝකයට ණය වුනේ නැහැ. අපේ දේශපාලුවෝ උන්ගේ සදාකාලික වැජබීම සඳහා රට ණය කන්දක හිර කරා.
රට ණය වෙලා, ණය වෙන්න පටන්ගත්තේ අද ඊයේ නොවේ. නමුත් රටේ පවතින අපරාධ, සමාජ විරෝදී දේවල් ගැන අවධානය යොමුකළ යුතුයි. ණය වෙලා හෝ අප ජීවත් වෙනවා. නමුත් මිනී මරණ විදිහට රටේ ජීවත් වෙන්න පුළුවන්ද?
පන්සලට එන හැමෝටම කරඬුව ඔලුවේ තියලා ආශීර්වාද කරනකොට මෙව්වා මතක් වෙන්නේ නැද්ද අපේ හාමුදුරුවනේ?
අමරසිංහ මහත්තයෝ ලංකාවේ බොහෝ පංසල්වලට සිවුපසය ලැබෙන්නේ නැහැ. එහෙම වුනත් දැන් දායකයො විතරක් නොවෙයි, දායිකාවොත් පංසල් එනවා කෑම බලාගෙන. ඒ තරමට රට පිරිහිලා. පංසල්වල ඉඩම්වලට හොර ඔප්පු හදලා විකුණනවා. නඩු කියනවා. හාමුදුරුවනුත්, සංඝ පරම්පරාවෙන් අයිති කියලා සාංගික දේපල විකුණනවා. නොතාරිස්ලාත් ඒවාට ඔප්පු ලියනවා. කවුරුවත් ඒවා බලන්නේ නැහැ.. මේ රටේ දැන් තියෙන්නේ නිඝන්ඪනාථපුත්තගේ දහමද කියලත් හිතෙනවා. එතරම් මේරට ණයවෙලා ඔබ කියන විදියට දේශපාලකයෝ මේ රට කාලා විනාශ කරලා කියන එක ඇත්ත..