(ටී.කේ.ජී.කපිල)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදර වලට ලක් වී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු ඩුබායි සිට අද (3) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
මෙම පිරිස රජය විසින් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගන්නා වැඩසටහන යටතේ රැගෙන විත් තිබුණි.
මොවුන් අද දින අලුයම 5.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1510 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙසේ පැමිණ සිටි පිරිස අතර වැඩි පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් වේ.
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව , නිරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ පාලනය කරන දේශපාලනඥයින් රට සංවර්ධනය කරපු හැටි තමයි මේ...!!!
ඔය කියන එකේ නැද්ද අපේ රටේ කාන්තාවෝ අරාබිකරේ සල්ලාලයන්ට බිලි දෙන එක නවත්වනවා කියලා..