
(සිතුම් චතුරංග)
ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ හක්බෙල්ලන් 1890ක් සමඟ පුද්ගලයකු අද(14) දහවල් මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.
මන්නාරම සිට ඉන්දියාව දක්වා හක්බෙල්ලන් රැගෙනයන ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම පොලිස් දූෂණ මර්දන අංශය වෙත ලැබුණ තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරු හා ඔහුගේ නිවසෙහි තිබී හක්බෙල්ලන් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ සිටින ගැනුම්කරුවකු වෙත ධීවර බෝට්ටු මාර්ගයෙන් රැගෙනගොස් හක්බෙල්ලන් ලබාදීමට සැකකරු සැලසුම් කර තිබූ බවට අනාවරණයවූ බව පොලිසිය කියයි.මීට අවස්ථා ගණනාවකදී සැකකරු හක්බෙල්ලන් ඉන්දියාවට ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇත.
සැකකරු මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 පුද්ගලයෙකි..
සැකකරු හා අත්අඩංගුවට ගත් හක්බෙල්ලන් තොගය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.