IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


’රටේ ප්‍රශ්න විසඳන හැටි ලෝකයාට කියන්න ඕන නෑ’

විනීතා එම් ගමගේ
 
ජනාධිපතිවරයා ලෙස රටේ පවතින ප‍්‍රශ්න විසඳීමට තමන් ගන්නා පියවර සියල්ලක්ම ජාත්‍යන්තරයට කීමට අවශ්‍ය නැතැයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා වටහා ගත යුතු යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශ කළේය.


පවතින්නේ රට අභ්‍යන්තරයේ ඇති දේශපාලන අර්බුදයක් වන බැවින් එය විසඳා ගැනීමට කරන්නේ කුමක් දැයි තානාපතිවරුන්ට මහ කොමසාරිස්වරුන්ට හෝ එක්සත් ජාතින්ගේ සංවිධානයට කිය කියා යායුතු නැතැයි ද අමරසේකර මහතා කීය.


ශ්‍රී ලංකාව කිසිදු රටක කොළනියක් නොව ස්වාධීන රාජ්‍යයක් බව එකී විජාතික බලවේගවලට කියා දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතම කියා සිටියේය.


පවතින්නේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් වන බැවින් එය ඔවුන්ටම විසඳා ගන්නට ඉඩ දෙන්නැයි චීන තානාපතිවරයා පමණක් ප‍්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් අමරසේකර මහතා විජාතික බලවේග බොහොමයක් එදා ප‍්‍රභාකරන් බේරාගන්නට පැමිණියාක් මෙන් රටේ ප‍්‍රශ්නවලට මැදිහත් වී සිටින්නේ යැයි ද පැවසීය. 

අමරසේකර මහතා මේ අදහස් පළ කළේ රාජගිරිය, ජාතික සංවිධාන එකමුතුව ප‍්‍රධාන කාර්යාලයේ අද (1) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 

රණවිරු සංවිධානය වෙනුවෙන් එම මාධ්‍ය හමුව ඇමතූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කියා සිටියේ කවර අයුරකින් හෝ කලබලයකින්, ලේ ගැලීමකින් තොරව යහ පාලනය පෙරලීමට හැකි වීම පිළිබඳව තමන් සතුටු වන බවය.


යහපාලන ආණ්ඩුව විසින් විනාශ කළ ආර්ථිකය වැනි සමහර කෙෂත‍්‍ර යථා තත්ත්වයට ගත හැකි නමුත් ඔවුන් විසින් කරන්නට ගිය රටේ සම්පත් විකිණිම, ව්‍යවස්ථාවෙන් රට බෙදීම වැනි සමහර දුෂ්ඨ ක්‍රියා සිදුවූයේ නම් ඒවා යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වන්නේ යැයි ද වීරසේකර මහතා කීය. 


මේ වනවිට විජාතික බලවේග සමඟ යහ පාලකයෝ පවසන්නේ මේ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයක් වන බව නමුත් ඔවුන් උල්ලංඝණය කළ බව කියන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කළ හැටි රටේ ජනතාව හොඳින් දන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය. 


එකී සංශෝධන කෙටුම්පත පිළිබඳ අදහස් දැක්වීම රාත‍්‍රී 7.46 ට ආරම්භ වී රාත‍්‍රී 11.10 අවසන් වූයේ යැයි ද බොහොමයක් තවත් සංශෝධන රිංගවනු ලැබුයේ මෙම අවස්ථාවේ යැයි ද පැවසූ වීරසේකර මහතා එම කාරක සභා අවස්ථාවේ බොහොමයක් ලිපි ලේඛන මන්ත‍්‍රීවරුන්ට නොලැබුණු බව ද කියා සිටියේය. 


 



අදහස් (4)

’රටේ ප්‍රශ්න විසඳන හැටි ලෝකයාට කියන්න ඕන නෑ’

naradha Thursday, 01 November 2018 11:27 AM

අපි කව්රුත් කැමතියි ලංකාව කිසිදු රටක කොළනියක් නොව, ස්වාධීන රාජ්‍යයක් යයි කියන්නට. නමුත් අපි තවමත් අපට අවශ්‍ය විදේශ විනිමය උපාය ගන්නේ තේ, ඇගලුම්, කෘෂි නිෂ්පාදන වැනි අපනයන භාණ්ඩ යුරෝපිය සංගමය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව වැනි රටවලට අපනයනය කිරීමෙනි. එම නිසා තිත්ත යථාර්තය නම්, අපි තවමත් විදේශ ණය බරින් පීඩිත, විජාතිකයින්ගෙන් යැපෙන රටක්.

:       0       0

kap Thursday, 01 November 2018 11:50 AM

තමන්ගෙ ලමයි මේ කියන විජාතික රටවල්වල පදින්චි කොරවලා ඒ අයගෙ අනාගතේ සකස් කරල තමයි මේ රටේ ඉන්න මෝඩයන්ව මේ අය අවුස්සන්නෙ..අපේ මෝඩයොත් මුන් කිය්න කතාවලට රෑවටෙනවා. වලපයයි, ගොඩ පයයි තියන් ඉන්න හන මිටි අදහස්වලින් පිරිච්ච රටට වෑඩක් නෑති මහාචාර්යවරුන්..මීට වඩා රටට වෑඩ කරනවා නාටාමියො

:       0       0

chathuri Thursday, 01 November 2018 11:54 AM

මේ මොන නීතියක්ද? අද දුප්පතා ජිවත් වෙන්නේ කොහොමද? ලෝක නායකයෝ ඇහැගහගෙන ඉන්නේ වෙන කූට ක්‍රියා ගැන. නැතිනම් දුප්පත් මිනිසා මැරිල ගොඩක්කල්... දුප්පත් මිනිහාව තමයි අායුධයට ගන්නේ... මෙවැනි රටවල නායකයින්, කොයිතරම් සංවිධාන තියෙනවද? රටවල් වල ප්‍රශ්න කතාකරන්න. එකාධිපති පාලකයින්ට ඒවා අවශ්‍ය නැහැ මේ යනවිදියට යුද්ධයක් අාවොත් රටේ මුදල් තියෙනවද? ආහාර, බෙහෙත් මේවා තියෙනවා නම්... විදේශ රටවලින් අෑත්වෙන්න..

:       0       0

liyanage Thursday, 01 November 2018 01:16 PM

ඒ එතුමන්ලා දන්න දේ නොවැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 564 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site