(බිඟුන් මේනක ගමගේ)
බාහිර බලපෑම් හේතුවෙන් විදේශ රාජ්‍යවලට සිදු වූ විනාශවලින් පාඩම් උගෙන ගත යුතු යැයි ද ආගමික සංහිඳියාව ඔස්සේ රටේ ප්‍රශ්න රට තුළම විසඳාගැනීමට ලාංකිකයන් කැප විය යුතු යැයි ද කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක බෙනඩික්ට් ජෝෂප් පියතුමාණෝ ‘ලංකාදීප’ යට පැවසූහ.
ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස සම්බන්ධයෙන් ලංකාව පරිණත තත්ත්වයක ඇතැයි ද රට පවතින්නේ තමන්ගේ ප්‍රශ්න තමන්ටම විසඳාගත හැකි තත්ත්වයක යැයි ද උන්වහන්සේ අවධාරණය කළහ.
දුකේදී මෙන්ම සැපේදී ද සමාජයේ සංහිඳියාව පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ප්‍රධාන ආගම් සියල්ලෙන් ලැබෙන බව කී පියතුමාණෝ ක්‍රිස්තියානි දහමේ උගැන්වෙන සහෝදරත්වය හා ප්‍රේමය මෙන්ම බුදු දහමේ උගැන්වෙන මෛත්‍රීය හා අහිංසාව ඊට පදනම් කරගත හැකි යැයි සඳහන් කළහ.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුහිමිපාණන් ජාතියේ උන්නතිය යන මූලික අරමුණ වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි ද ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන් එක්සිත්ව කටයුතු කරන්නේ නම් ඉතා වටිනේයැයි ද බෙනඩික්ට් ජෝෂප් පියතුමාණෝ වැඩිදුරටත් සඳහන් කළහ.
COMMENTS
එහෙනම් විදෙස් රටවලින් මෙහෙට ආපු ආගම් සියල්ල මෙහෙ ඇදහීම නවතාදැමිය යුතුයි මුලින්ම...
රටේ ප්‍රශ්න රට තුළම විසඳන්න පුළුවන් නම් ඇයි මේ බිලියන දහස් ගණන් වලින් විදේශ ණය ගහන්නේ? ඇයි මේ හොරුන්ට, අපරාධ කරුවන්ට, මිනීමරුවන්ට එරෙහිව තියන නඩු අහලා ඉවරයක් නොකරන්නේ? ඇයි යුද අපරාධ චෝදනා තියන අයට එරෙහිව තියන පැමිණිලි විභාග නොකරන්නේ? පියතුමනි, මේ ලාභ දේශපාලන ප්‍රකාශ වලින් ඔබතුමාගේ ගෞරවයත් නිකරුනේ පීචන් කර ගන්න එපා!
දැන් ශුද්ධෝදන වගේ කතා කරන රාජපක්ෂ තමයි ලංකාවේ ප්‍රශ්න ෆයිල් මිටියක් හදා එය සඟවාගෙන ඉස්සෙල්ලාම ජාත්‍යන්තරයට ගෙන ගියේ ..
ආගමික සංහිඳියාව ඔස්සේ රටේ ප්‍රශ්න රට තුළම විසඳාගැනීමට ලාංකිකයන් කැපවෙන්න ඕනෑ කියලනේ හැමදාමත් කතා කරන්නේ... කැපවෙලා ඉවරවෙන්නේ කවදාද?
අගමැතිතුමා කියනවා රුපියල ගොඩගන්නත් පිටරට බැංකුවලින් ඩොලර් බිලියන ගණන් ණය ගන්න ඕනෑ කියලා. ඉතින් රටේ ප්‍රශ්න රට තුළම විසඳගන්න පුළුවන් එකේ පිටරට වලට අත පාලා බැංකු වලින් ණය ගන්නේ මොකටද? ඒ ප්‍රශ්නෙත් බැරිද රට තුලම විසඳගන්න? මේකට තමා අපේ පැරැන්නෝ කිව්වේ කියන්න මොන විදිහකට කිව්වත් අසන්නා සිහි බුද්ධිය ඇතුව අසන්න ඕනෑ කියලා!