IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


රොටි පිටි කිලෝවක් රුපියල් හතරකින් වැඩි කරයි

(රංජිත් රාජපක්ෂ)

ප්‍රිමා සමාගම විසින් නිෂ්පාදනය කරන  රොටි පිටි  මිල අද සිට රු 4 කින් ඉහල නංවා ඇති බව ප්‍රිමා තිරිගු පිටි සමාගමේ ඒජන්තවරු පවසති.

කොත්තු රොටි, පොල් රොටි , අල රොටි , බිත්තර රොටි ,පිට්ටු , ඉදි ආප්ප සහ පරාටා ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් රොටි පිටිවලින් පිළියෙළ කරන අතර පාරිභෝගිකයෝ ද විශාල වශයෙන් රොටි පිටිවලට හුරුව සිටිති

රොටි පිටි කිලෝ 50 ක මිටියක් මිට පෙර රුපියල් 2150 අලෙවි කල අතර , නව මිල යටතේ එය රුපියල් 2350 කට අලෙවි කරයි.



අදහස් (11)

රොටි පිටි කිලෝවක් රුපියල් හතරකින් වැඩි කරයි

mohomed Tuesday, 01 June 2021 08:55 AM

වතුකරයේ ජනතාව රොටියක් පුච්චලා යාන්තම් හරි ජීවිත ගැටගහගත්ත ඔය පිටිමිල ටිකක් හරි අඩු හින්දා ඕකටත් මේ අය කෙළියා.

:       0       21

Shantha Tuesday, 01 June 2021 09:37 AM

නිවසේ සිට රොටි හදනකොට 50%ක් ගොටුකොළ එකතු කරන්න. කුඩා කල මම එහෙම හදලා රොටි කෑවා. හරිම පෝෂ්‍යදායකයි.

:       4       9

නෝනේ Tuesday, 01 June 2021 09:54 AM

අම්මෝ ඔයත් කියන කතා. දැන් ගොටුකොළ මිටියක් රුපියල් 200ක් විතර වෙනවා.

:       0       7

Nimal Tuesday, 01 June 2021 09:43 AM

ගහෙන් වැටිච්ච එකාට ගොනා ඇනපි කිව්වලු. ඊට පස්සේ වෙන්නේ පිටි හිඟයක්... බන්දුල මාමා තවම දන්නේ නෑ වෙන්න ඕනෑ...

:       0       12

ganegoda Tuesday, 01 June 2021 10:15 AM

මේකත් මේ ‘‘සහන මල්ලේ‘‘ නැට්ටක් නේද?

:       0       11

Sri Lanka Tuesday, 01 June 2021 10:46 AM

එන්නත්වලට ගෙවපු සල්ලි සහ කොමිස් ගහපුවා අපෙන් ගන්න ක්‍රමය..., කොරෝනා කියන්නේ.. තනිකරම බොරුවක් තමයි...

:       1       12

මෝ Tuesday, 01 June 2021 11:14 AM

ගහෙන් වැටුණු මිනිහාට ගොනත් ඇන්න කියපි. ගෙදරට හිරවෙලා සතේ අතේ නැතිව රොටියක් කාලා කුසගිනි නිවාගන්න අහිංසක දුප්පතාටමනේ කෙලියේ...

:       0       8

Sri Lanka Tuesday, 01 June 2021 12:45 PM

පත්තරේ මහත්තයාගෙන් දැනගන්න අහන්නේ..!!! පාන්පිටි, රොටිපිටි කියන්නේ,.. 02ක්ද?

:       0       5

fairoos Tuesday, 01 June 2021 02:13 PM

හොඳ වෙලාවට යහපාලන රජයක් නැත්තේ.. සර් තමයි හොඳටම කරලා තියෙන්නේ...!!!

:       0       6

Pathum Tuesday, 01 June 2021 02:49 PM

හොරෙන් හරි ඉතියෝපියාවට පැනගන්න ක්‍රමයක් තියෙනවද බලන්න ඕනේ....?

:       0       7

siri Tuesday, 01 June 2021 05:36 PM

මොන හත්ඉලව්වකටද රොටී කන්නේ. අපි කේක් කමු. හැට නමලක්ෂයේ නෙවැම්බර් වරුන්ට දැන් හරී සන්තෝෂ ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29201 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18220 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11486 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 713 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 213 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 863 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site