(ඩයනා උදයංගනී)
වර්තමානයේදී රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ පොත්තේ පාට අනුව බව පෙනෙන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13) පැවසීය.
අතීතයේ දුප්පත් දුබල අයට එක නීතියක් ධනය බලය ඇති අයට තව නීතියක් යනුවෙන් මතයක් තිබුණත් වර්තමානයේ පොත්තේ පාට අනුව සරත් වීරසේකරලාගේ නීතිය වෙනස් වෙමින් ඇතැයි ද දිසානායක මහතා සඳහන් කළේය.
ඇතැම් අවස්ථාවල වෙඬරු පිඩක් සේ උණුවෙන හදවත් තවත් අවස්ථාවල කළුගලක් සේ දැඩි වන බවත් එය තීරණය කරන්නේ පොතේතේ පාට බවත් ජවිපෙ නායකයා කීවේය.
ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂාව වෙනුවෙන් සාධාරණ උද්ඝෝෂණයක නිරත වූ වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් ආණ්ඩුව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති නිසා වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට එම වෘත්තීය සමිතිවලට සාධාරණ අයිතියක් තිබෙන බවද ඔහු පැවසීය.
ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙහි තම පක්ෂය නියෝජනය කරන ප්‍රබල වෘත්තීය සමිතියක් සිටියත් එය පක්ෂය ගත් තීරණයක් නොව වෘත්තීය සමිති එකමුතුවේ තිරණයක් බව ද අනුර දිසානායක මහතා කීවේය.
කොරෝනා තත්වය උපයෝගී කරගෙන ජනතාව මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින ඇමතිවරයා සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් සිටින බව ද ඔහු පැවසීය.
COMMENTS
ලංකාවේ ඉන්නේ කලු ජාතිකයෝ... සුද්දෝ නැහැ... ඒකනේ කලු සුදු භේද නිසා යූකේ වල ආසියා ජාතිකයින් පහත්කර සලකන්නේ...
කරුණාකර මොවුන්ගේ වත්කම් එළියට දාන්න. මොවුන් රටට පිළිකාවක්..! රටක් දියුණු කරන්න බැහැ මේ වගේ වෙන රටවල් වෙනුවෙන් වැඩකරන දේශපාලන පක්ෂ තියාගෙන... මොවුන් කරන්නේ ලාභ ලබන ව්‍යාපාර. බලන්න එ්ක ජාත්‍යන්තර පාසලක් හෝ උපකාරක පන්තියක් වහලාද කියලා..! කරුණාකරලා මොවුන්ගේ ව්‍යාපාරවලට මාධ්‍යයේ ප්‍රචාරය දෙන්න එපා...
වඳින්නම්, ඔබතුමා මේ රට ගිනිතියන වැඩේට මැදිහත්වෙලා අර අසහාය හමුදාපති තුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා උසිගන්වලා කරපු දේ මේ ගුරුවරුන්ටත් කරන්න එපා. මේ ප්‍රශ්නයට කුහක දේශපාලනය ගාවාගන්න එපා...
සුද්දගේ නීතිය එදා විදිහටම තමයි අදත් ක්‍රියාත්මක වෙන්නේ...
පොත්තේ පාට, ගැහැණු පිරිමි බව අනුව නීති වෙනස් කරන්න ගියොත් රටක් ඉවරයි...
අනේ පව් නේද? එදා හාමුව රකින්න හාමුගේ අගමැති පුටුව රකින්න උසාවි දිව්වේත් පොත්තේ පාට බලලාද?
මෙයාගේ දේශපාලනේ කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය විනාශ කරලා. ජවිපෙ කලේ හැමදාම බාගන්න පුළුවන් අය බාගෙන හර්තාල් කරන එක. මුළු ලෝකෙම ප්‍රශ්නයකින් ඉන්නකොට මේ මනුස්සයා එ්කෙන් සුරුට්ටු පත්තු කරනවා තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන්. කොතලාවල පනතේ අකමැති දේ තියෙනවා නම් පාර්ලිමේන්තුවේ කතා කරන්න.. ඒවා එතන විසඳාගන්න. සයිටම් එකත් වහලා ළමයින්ගේ අධ්‍යාපන අයිතියක් නැතිකරලා එනවා මෙතන 'නිදහස් අධ්‍යාපනය" කියලා මිනිස්සු අවුස්සන්න.. මේ මනුස්සයගේ පුතා ඉගෙනගත්තේ පුද්ගලික විශ්වවිද්‍යාලයක. තමන්ගේ පැවැත්ම විතරයි බලන්නේ...
අපට තිබෙන්නේ ජෙප්පන්ද නැද්ද කියන එකයි. වෙනසට සැලකිල්ල අර විදිහටම තමයි...
පොත්තේ පාට අනුව ක්‍රියාත්මක වුනේ 1948 ට කලින්, දැන් නීතිය ක්‍රියාත්මක වන්නේ උපන් දිනයට අනුව...