IMG-LOGO

රට තුල පවතින තත්ත්වය ගැන නොසලකා සංවර්ධන වැඩ කරන්න - ජනපති

(විනීතා එම් ගමගේ)

රටේ පවතින දේශපාලන තත්ත්වයන් බාධාවක් කර නොගෙන මේ වසර අවසාන වන විට නිම කළ යුතු සංවර්ධන කාර්යයන් විධිමත්ව සහ කාර්යක්ෂමව ඉදිරියට මෙහෙයවන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (02) පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ පැවති පොළොන්නරුව දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

පොළොන්නරුව දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩ පිළිවෙළේ ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ විමසා බැලීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

දිස්ති‍්‍රක්කයේ අධ්‍යාපන ,සෞඛ්‍ය,පානීය ජල සම්පාදන ,මාර්ග සංවර්ධන ,වාරිමාර්ග, ගොවිජන සේවා , කෘෂිකර්ම,පශූ සම්පත් සංවර්ධන,වනජීවි,ඉඩම් හා නිවාස ඇතුළු සියලූ ක්ෂේත‍්‍රයන්හි කි‍්‍රයාත්මක සංවර්ධන කටයුතු සහ ඒවායේ ප‍්‍රගතිය පිළිබ`ද මෙහි දී සමාලෝචනයට ලක් විය.

එමෙන්ම පසුගිය නියං තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වූ වගාවන් සඳහා වන්දි ගෙවීමේ ක‍්‍රමවේදය පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසීය.  යල කන්නයේ දී නියඟයෙන් විනාශ වූ කුඹුරු වගා කිරීම සඳහා බිත්තර වී නොමිලේ ලබාදීමට වැඩ පිළිවෙළක් සකස් කරන බව ජනාධිපතිතුමා පැවසීය.

එමෙන්ම වන සතුන්ගෙන් වගාවන් සහ අස්වනු සඳහා සිදුවන හානිවල දී වන්දි ගෙවීම් කි‍්‍රයාවලියේ පවතින අඩු පාඩු නිවැරදි කර ගැනීමට කඩිනමින් චක‍්‍රලේඛයක් සකස් කිරීමට ද ජනාධිපතිතුමා අදාල නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

 

වනරෝපා ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ දිවයින පුරා පැළ කෝටියක් සිටුවීමේ වැඩ පිළිවෙළ මේ වන විට කි‍්‍රයාත්මක අතර පොළොන්නරුව දිස්ති‍්‍රක්කය තුළ වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන ආකාරය පිළිබඳව ද හෙතෙම  විමසා බැලීය.

පොළොන්නරුව දිස්ත‍්‍රක්කය තුළ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය කි‍්‍රයාත්මක වීමේ ප‍්‍රගතිය සහ ආපදා කළමනාකරණ ව්‍යාපෘතිවල කි‍්‍රයාකාරිත්වය පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර පොළාන්නරුව නාගරික වෙළෙඳ සංකීර්ණයේ ඉදිරිකිරීම්වල ප‍්‍රගතිය ද එහි දී සමාලෝචනයට ලක් විය.

 

මේ අතර පිබිදෙමු පොළොන්නරුව දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක මරදන්කඩවල - හබරන තිරික්කොන්ඩියාමඩු මංතීරු 04 ක මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ඉඩම් අහිමිවන්නන්ට වන්දි ලබාදීම යටතේ පවුල් 25 ක් වෙනුවෙන් වන්දි මුදල් ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

 

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන නියෝජිතයින් රැසක් සහ පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් පණ්ඩුක එස්.බී. අබේවර්ධන මහතා ඇතු`ථ රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (13)

රට තුල පවතින තත්ත්වය ගැන නොසලකා සංවර්ධන වැඩ කරන්න - ජනපති

pttt Friday, 02 November 2018 03:58 PM

මොන සංවර්ධනයද?

:       162       274

Pablo Friday, 02 November 2018 04:15 PM

එය තමයි විය යුත්තේ. රට ඉදිරියට යනවනම් එච්චරයි. හැමදේම හොඳට විසඳෙනු ඇත .

:       222       336

රවින් Friday, 02 November 2018 05:45 PM

සංවර්ධනය? අස්ථිර භාවයෙන් යුතු තැනක ආයෝජනය කරන්න කැමති ස්වදේශීය හෝ විජාතිය ආයෝජකයාද?

:       0       0

දිමියා Friday, 02 November 2018 06:05 PM

පුදුම ජනපති කෙනෙක්.. රට අස්ථාවර කරලා සංවර්ධනේ කරන්නලු.

:       0       0

Nandalal DE SILVA - France Friday, 02 November 2018 06:28 PM

එහෙනම් මෙයාටත් රට තුල අරාජික, ව්‍යාකුල තත්වයක් මතුවී තිබෙන බව පෙනිලා තිබේ ! ඒකට මුලිකවූ අය සොයා, තරාතිරම නොබලා මඩුවලිගෙන් තලන එකනේ තියෙන්නේ.

:       0       0

mahinda raja Friday, 02 November 2018 06:31 PM

වරද කාගේද ?????

:       0       0

Perera Friday, 02 November 2018 07:19 PM

ඔව් ඔව් සංවර්ධන වැඩ ඔය පටන් අරන් තියෙන්නේ මැති ඇමතිකම් දීලා, දැන් උන් හොඳට සංවර්දනය වෙයි.. රටයි, රටේ අයයි කබලෙන් දැන් ලිපට වැටිලා ආප්පයක් වත් කන්න බැරුවයි ඉන්නේ...

:       0       0

කල්ප Saturday, 03 November 2018 01:29 AM

රටේ සාමයක් නැතිව සංවර්ධනයක් නොවේ...

:       0       0

කල්ප Saturday, 03 November 2018 01:30 AM

රටේ සාමයක් නැතිව සංවර්ධනයක් නොවේ...

:       0       0

Appuhamy Saturday, 03 November 2018 07:18 AM

රට ගිනිතියලා දැන් කියනවා රට වෙනුවෙන් වැඩ කරන්නලු ..

:       75       417

Rata Perata Saturday, 03 November 2018 08:17 AM

ඕක අපිට නෙමෙයි කිව්වේ. දහම්ටයි චතුරිකාටයි කියපු එකක්....

:       0       36

Jehaan Saturday, 03 November 2018 11:11 AM

හොඳ සිහියෙන්ද මේ වගේ කතා කියන්නේ? අපි විතරක් රට සංවර්ධනය කළාම ඇතිද? ඇයි දේශපාලකයෝ මොනවාද ඒ අතරේ කරන්නේ? හොරා පොලිස්ද? අල්ලන සෙල්ලමද? හැන්ගිමුත්තන්ද?

:       0       85

nihal Sunday, 04 November 2018 08:21 AM

අනේ මගේ කට... පොඩ්ඩක් බලන්න ඔලුව කොහේ හරි වැදුණද කියලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site