IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


“රටේ තත්වය වටහා ගෙන ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්න’’

(නිමල කොඩිතුවක්කු)

රටේ පවතින තත්වය වටහා ගෙන වහාම ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පක්ෂ නියෝජනය වන පරිදිත් සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික හා සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත "ජාතික සභාවකින්" කොවිඩ් මරුවා පරාජය කිරීමට කටයුතු කරන්නැයි රජයට බල කර සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කොරෝනා වයිරසයෙන් වඩාත්ම පීඩාවට සහ මරණයට පත් වෙන්නෙත් සමාජයේ පිඩිත ජන කොටස් බැවින් ඔවුන්ගේ එදිනෙදා ජිවිතය ශක්තිමත් කිරීම සඳහා ආපදා සමාජ-ආර්ථිකl ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් දැඩිව ඉල්ලා සිටින බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

"මෙම වසංගත තත්වයට අදාලව ජනතාවට නිවැරදි තොරතුරු හා දත්ත දැනගැනීමට සැළැස්වීම රජයේ වගකීමක් වන බවද අවධාරණය කරමු. තොරතුරු සැඟවීම මගින් හා නිවැරදි නොවන තොරතුරු ඉදිරිපත් කිරීමෙන් රටට හා ජනතාවට සිදුවිය හැකි හානිය වගකිවයුත්තන් තේරුම් ගතයුතුව තිබේ.

ඒ සමඟම ඇන්ටිජන් හා පී.සී.ආර් පරීක්ෂණ සඳහා පුද්ගලික රසායනාගාර ගෙවීමට වන මුදලෙන් 50%හෝ රජය මඟින් දැරිය යුතුව තිබේ.

එබැවින් වහාම ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පක්ෂ නියෝජනය වන පරිදිත් සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික හා සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත "ජාතික සභාවකින්" එක්සත් ජාතියක් ලෙස කොවිඩ් මරුවා පරාජය කිරීමට කටයුතු කරමු යැයි අපි රජයට බල කරමු.

මේ සදහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් කොන්දෙසි විරහිතව ලබාදීමට සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරය කැපවෙන බව අවධාරණය කරනු කැමැත්තෙමු" බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (6)

“රටේ තත්වය වටහා ගෙන ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්න’’

Chandima Tuesday, 17 August 2021 12:34 PM

විනාඩියකටවත් කට අරින්න එපා කියලා වෛද්‍යවරු කියනවා නේද ?

:       1       4

Tooni Tuesday, 17 August 2021 01:10 PM

අම්මෝ දැක්ක කල්

:       0       4

shanika Tuesday, 17 August 2021 01:26 PM

න්නේ නැති හින්දයි අහන්නේ .ආපධා තත්වයක් ප්‍රකාශ කලාම මොකක්ද වෙන විශේෂත්වය .ඔය සභා පිහිටුවාම කොරෝනා බය වෙනවද

:       3       3

Senarath Tuesday, 17 August 2021 01:43 PM

මිනිස්සු ඔයාලාව ගෙදර යැවුවේ නැවත රටට උපදෙස් දෙන්න නෙමෙයි .දැන් අවලංගු කාසි වගේ

:       4       5

Raveendra Tuesday, 17 August 2021 04:11 PM

"ජාතික සභාවකින්" නොව මොන මගුල් සභාවක් පත්කර ගත්තත් කමක් නැත. ඒ මොනම සභාවකටවත් කිසිඳු දේශපාලන පක්ෂයක නියෝජිතයින් නම් කොහෙත්ම අවශ්‍ය නැත. මක්නිසාද යත් අප රටේ තිබෙන සියලුම පක්ෂවල සිටින්නේ කලදුටුකළ මුළු ළිඳම ඉහගෙන කන "මහා කාලකන්නි කොට්ඨාශයකි". එසේ "පක්ෂ නියෝජිත බූරුවන්" පත්කළහොත් ඒ ඒ "පක්ෂවලට" අනුකූලව ඒ ඒ නියෝජිත "බූරුවන්" තප්පුලනු නියතයි. එබැවින් අපේ මේ කරුවල කරු ආතාට අප මෙසේද පවසන්නෙමු... තමුන්ගේ සාධාරණ සමාජයක් අටමගලෙත් ඉන්නේ එක එක දේශපාලුවන්ගේ පක්කලියන් බැවින් මේ ආතාද එහි නොහිටියාට කම් නැත...

:       0       2

Sri Lanka Tuesday, 17 August 2021 04:46 PM

බොරදියේ මාළු බාන්න එපා... රටේ කිසිම ආපදාවක් නෑ... ඔක්කොම තියෙන්නේ මාධ්‍ය සංදර්ශන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 981 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1032 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site