IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


‘‘රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම ඩීල් දැමීමක් නොවේ‘‘

(අංජුල මහික වීරරත්න)

රටෙි තිස් දහසක ජනතාවක් මිය යාමට තිබෙන අනතුර දැක එම ජනතාව බේරා ගැනීමේ අරමුණින් යෝජනාවලියක් සකස් කර රජයේ අවධානයට යොමුකිරීම "ඩීල්" එකක් යැයි කියන තරමට ඇතැම් දේශපාලනඥයින් බංකොලොත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

ඇත්ත " ඩීල්" එක මිනිසුන් තිස් දහසක් මැරෙනතුරු බකන්නිලා බලා සිටීමද? නැතිනම් ජීවිත රැක ගැනීම වෙනුවෙන් හැකි අයුරින් දායක වීම දැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ප්‍රශ්න කළේය.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීවෙි එජාප යෝජනා මාලාව ගැන කතා කිරීමට ජනාධිපතිවරයා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාවක් ලබාදී තිබු අතර එම යෝජනා ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ජනපති බවයි.

 



අදහස් (7)

‘‘රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම ඩීල් දැමීමක් නොවේ‘‘

Raveendra Friday, 20 August 2021 05:02 PM

විපක්ෂ පට්ටියට ගියේ කවුද? ඒ හැම කෙනාම ජනතාව පිළිබඳව ඇත්තේ පුදුම ආදරයක්නේ.. ඒ වුණාට උද්ඝෝෂණ, වැඩවර්ජන වලදී ජනතාවට රෝග බෝවුණාට ගැටළුවක් නැති විදියට නේද නුඹලා ක්‍රියා කලේ... දැන් මෙතන ඌරු, කඳුළු හෙලනවා. නොදකින් කාලකන්නි දේශපාලුවන්... පුත්තලමට අදාළ ඒ තිරිසන් සත්වයාටත් නිගාවක් නිවට "දෙපත් ගැරඬින්ගේ" අසික්කිත හැසිරීම්...

:       8       70

RamendraFriday, 20 August 2021 09:40 PM

ඔයා නියම ගෝ බයියෙක් කියලා පේනවා.

:       55       11

RaveendraSaturday, 21 August 2021 07:10 AM

Ramendra මයා වෙත. ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. අප "කිසිදු දේශපාලුවෙකුගේ" පක්කලියන් නොවෙන්නොය. අප අපගේ මාතෘභූමියට එක ශතෙකවත් ණයක් නැති මිනිසුන්ය. එනමුත් අප මේ මොහොතේත් සියලුම පුරවැසියන්ගේ මෙන්ම ((ඔබත් ඇතුළුව පක්ෂ විපක්ශවල සිටින සියලුම දෙස්පාලුවන්ද ඇතුළුව) බඩගින්න නිවීමට ඍජුවම දායක වන්නෝය. අපට මොන පක්ෂයක් බලයේ සිටියත් එය අපට නම් අදාලම නැත. මොකද අප ඔය "එකෙකුගේන්වත්" ශතෙක උදව්වක් ලබාගෙන නැත. එසේ උදව් ලබාගැනීමට කිසිදු බලාපොරොත්තුවක්ද නැත. අප ලංකා මාතාවට හදවතින්ම ආදරය කරන මිනිසුන්ය. කව්රුන් හොද දෙයක් කරත් අප එය නිහතමානිව අගයන්නොය. එලෙසව කිසිවෙකු අවැඩක් කරන්නේ නම් "එකා මොකා" උනත් එයට අප විරුද්ධ වන්නෝය. ඔබගේ අදහස්වලින් ඔබ කිනම් හෝ දෙස්පාලුවෙකුගේ හෝ පක්ෂයක "ඇම්බට්ටයෙක්" බව ඉතාම පැහැදිලිය. මද්‍යස්තව ගැටළු දෙස බැලීමට උත්සහ කරමු. බොරදියේ බුරුවන් ඇල්ලීමට උදව් නොකරමු. මාගේ මාතෘභූමියට යහපතක්ම වේවා......

:       0       0

Sri Lanka Friday, 20 August 2021 07:45 PM

බොර දියේ මාලු බාන්න එපා. පුළුවන් නම් දේශීය බෙහෙතක් හොයාගන්න. රටම ගොඩ... ස්තූතියි..!!!

:       40       13

Toni Saturday, 21 August 2021 01:05 AM

සමහර අයට තවමත් හැම දෙයක්ම දේශපාලනිකයි .කාලකන්නි

:       0       0

කමල් Saturday, 21 August 2021 08:48 AM

97 වරක් අනතුරු අඟවද්දී රට ගැන හිතුනේ නැද්ද?

:       0       0

Perera Saturday, 21 August 2021 01:33 PM

මේ අයගෙනුත් පරිස්සම් වෙන්න ඕනෑ. මේ අයවත් විශ්වාස කරන්න එපා මොවුන් බොරදියේ මාළු බාන අය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site