(ඩයනා උදයංගනී )
රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී දැන් පැවැත්වෙන 'රට ගොඩනගන ජාතික පිළිවෙත' එළිදැක්වීමේ ජාතික සභාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සහභාගි වී සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙම ජාතික සභාව සංවිධානය කර ඇත.
මෙම අවස්ථාව සදහා තමන් බොහෝ දෙනෙකුට ආරාධනා කළ බව රතන හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කෙසේ වෙටත් ඒගොල්ලන්ව ගොඩනඟන්නේ අපියි......
හිතා ගන්න බැහැ
අද රාජගිරියේ. හෙට අරලියග මන්දිරයේ . අනිද්දා ජනාධිපති ලේකම් කාර්යාලයේ කැබිනෙට් එකේ. ඔහොම ගිහින් ඊළඟ ඡන්දයේදී සදහටම ගෙදර. මෙයා සමාවත් ඉල්ලුව නේද? මෙයාටත් ලැජ්ජාවක් නැහැ...... මෙයාව ගන්න අයටත් ලැජ්ජාවක් නැහැ.
රට ගොඩනගන්න නම් නියමම මිනිහා...
මේ සිරිකොත ඉඳලා පොහොට්ටුව කන්තෝරුවට යන ගමන් රාජගිරියටත් ගොඩ වුණා වෙන්න ඇති මගේ හිතේ...
වසන්ත සේනානායක ආපහු සල්ලි බෙදන කතාවක් සමාජ මාධ්‍ය ජාලා වල යනවා නේද? අපිත් එන්නද?
අැත්තටම අදහන්න වටිනවා. මොනවා වුනත් අදහන්න වටින මනුස්සයා... මෙහෙම හැමෝම එකතුවෙලා රට ගොඩගන්න බැලුවා නම් කොහොමද..?
ඕපපාතිකයෙක්ම තමයි.
හලෝ මම කීවා මතකද අර පොටෝ එකේ දෙන්නා ඔබදිහා බලපු විදිහට "යන්න ඔබට හොඳට සලකයි කියා. " ඒ කියමන හරිනේද? අපිටත් ඔබ වුවමනා නැත. පුළුවන් නම් අත පමණක් එවන්න. අවශ්‍ය වෙලාවට කොටුවක ගහල අපි උස්සගන්නම්...
අනිත් මිනිස්සු කෝටි 50 අරන් පැති මාරු කළාට, මට පෙනෙන විදිහට මෙයා වැඩ කරන්නේ ඩේලි පේමන්ට් ක්‍රමයට... එදිනෙද උපරිම ලන්සුව දෙන පැත්තට සහයෝගය දෙනවා.
දෙපැත්තම කාලා අන්තිම වෙන්නේ කොයි පැත්තත් නැතුව යන එකයි. ලැබූ මනුස්ස ආත්මය විහිළුවකට ගන්න එපා. ඵලවිපාක බොහොමයි. තණකොළ නොබුදති සිංහ පැටව්...
දැන් ඇති... ඔය බයිලා අවුරුදු කීයක් ගැහුවද...? මීළඟ මැතිවරණයේදී අලුත්ම පක්ෂයක්, අලුත්ම මුහුණු (මීට පෙර දේශපාලනයට නොගැවුණු අය) අලුත්ම නායකත්වයක්, (උදා. රොහාන් පල්ලෙවත්ත , නාගානන්ද කොඩිතුවක්කු වැනි අය) යටතේ එක්වෙලා රට හදාගන්න බලමු. දැනට ඉන්න දේශපාලකයන් සහ හිටපු දේශපාලකයන් කලේ රට හැදීම වෙනුවට ඒ අය හැදීමයි. රුපියල් ට්‍රිලියන 9න් ට්‍රිලියන 1ක් පමණක් රට හැදීමට වියදම් කොට ඉතිරි ට්‍රිලියන 8 හොරා කෑ හොරුන්ට නැවත වරක් රට කන්න දෙනවාද නැතිද යන්න තීරණය කිරීම බුද්ධිමත් රටවැසි සැමට තීරණය කිරීමට කාලය ඇවිත්..
පූජ්‍ය රතන හිමියන්ගේ ආරාධනාවෙන් සහභාගිවූ උත්සවයේදී පොදුජන පෙරමුණේ පිරිසක් සමඟ ඉන්න පින්තුර පළකරමින් වැරදි ප්‍රචාරයක් ලබාදී ඇතිබව මෙතුමා අද අරලියගහ මන්දිරයේදී ප්‍රකාශ කර තියෙනවා.
හොරු රැල වටකරගෙන ආයිත් රට නගන්න ගේමක් ගහනවා...
බලාගෙනයි තමුසෙවත් අගමැති තනතුරට පත්කරන්න කුමන්ත්‍රණ කරාවි.
ලෝකෙම දන්නා ගහක් ගලක් පවා දන්නා හොරා මේ රට ගොඩ නගන්න ?