(අංජුල මහික වීරරත්න)
රට ගොඩනැගීමට නම් අනිවාර්යයෙන්ම 20 වන සංශෝධනය අහෝසි කළ යුතුයැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
රසායන පොහොර නතර කිරීම වැනි ආණ්ඩුවේ අත්තනෝමතික තීරණ හකුලා ගත්තේ නැතහොත් ඉදිරියේදී ආහාර අහේනියක් ඇති වීම වැළැක්විය නොහැකි බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
වර්තමානයේ රට පත්ව ඇති ඉරණමට විද්වත් යැයි කියා ගත් කණ්ඩායමත් වගකිව යුතු බව කී එජාප සභාපතිවරයා ඒ කළ වැරැද්දෙන් නිවැරදි වෙන්න තියෙන හොඳම අවස්ථාව එක්සත් ජාතික පක්ෂය වැනි දේශපාලන පක්ෂයක් සමග එකතු වීම බවද සඳහන් කළේය.එජාප සභාපතිවරයා මෙි බව කීවෙි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
ඔව් ඔව් එක සම්පූර්ණ ඇත්ත .අවුරුදු 5 ක්ම මාර විදියට ගොඩ ආවේ .වලපල්ලටම බස්සල දැන් මාරු කියවනවා
එකතු වෙන්න කලින් ඔයාලාගේ රට ගොඩ ගන්න ක්‍රමයක් කියන්න
අප නම් තරයේ විස්වාස කරන්නේ පට්ටියේ "අම්බරුවන් 225 ම" රටින් පිටුවහල් කිරීමෙන් රට ගොඩනගාගත හැකි බවය.
රට කෙසේ වෙතත් ඔයානම් ගොඩ නැගිලා කියලා පේනවා
අලුත් ගෙයක් හැදුව නේද 2015-2020 ? හරි සතුටුයි
යූ.න්.පි එකට රට ගොඩගන්න පුළුවන් ද කියන එක නම් විශ්වාස කරන්න බෑ. නමුත් මේ කියන කතාව ඇත්ත. පේනවනේ දැන් පවුලක් කෙලින පිස්සුවක්.
රට ගොඩ ගන්න එජාපයට බැරි දක්ෂ නායකත්වයක් නොතිබීමයි. වර්තමාන ආණ්ඩුවටත් රට ගොඩගැනීම කෙසේ වෙතත් රට දවසින් දවස ආපස්සට යන බව නම් පේනවා.
මොකක්ද 20 තිබෙන බාධාව කියලා පැහැදිලි කරන්න. මේකත් ඔහෙලට නටන්න බැරි පොලව ඇදයි කීවා වගේ වැඩක් නේද?