(අංජුල මහික වීරරත්න)
මහින්ද රාජපක්ෂ මහතා හොර පාරෙන් අගමැති කළ අයුරින්, නැවත එවැනි කුමන්ත්‍රණයක් සඳහා රෑට රෑට සාකච්ඡා යන බව ආරංචි වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවැසීය.
බැරිවෙලාවත් එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් ජනාධිපතිවරයාගේ කුමන්ත්‍රණයකට හසුවුවහොත් එය ඔහුගේ දේශපාලනයේ අවසානය වනු ඇති බවද මන්ත්‍රීවරයා කීය.
මෙම කුමන්ත්‍රණ සාකච්ඡා ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රීවරුන් තමාට තොරතුරු දෙන බව කී ආශු මාරසිංහ මහතා එම මන්ත්‍රීවරුන්ගේ ගෞරවය ආරක්ෂා කළ යුතු හෙයින් ඔවුන්ගේ නම් හෙළි නොකරන බවද පැවැසීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අද(21) ආශු මාරසිංහ මහතා මේ බව කීය.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
සුදුස්සාට සුදුසු තැන කවදා හෝ ලැබිය යුතුවේ.
ගෞරවය ආරක්ෂා කරන්න හිනා වෙලා ඇති වෙලා ඉන්නේ තවත් හිනස්සන්න එපා? කවද්ද ඔයාලට ගෞරවයක් තිබුණේ..?
මෙයාට දිරච්ච ලණුවක් දීලා වගෙයි. එ්ත් කියන්න බැහැ ශ්‍රී ලංකා එකේ ඉන්නේ ඔයවගේ ගොබ්බයින් තමයි.
මේ එකඑකාගේ වසුරු ගොඩවල්වල තියෙන ඇහැට පේන්නේ නැති කොකු පණු බිත්තර ගණන් කරන්නේ නැතිව තමන්ගේ ඇගෙන් පිටකරන අසූචිවල තියෙන දිරවලා නැති කබර ගොයිනගේ ඔලුටික ගණන් කර ගන්නකෝ.. ඇහුවොත් නම් මහලොකු උගත්ලු...
මොන මගුල්ද හලෝ...? ජනතාවට වැඩක් කරලා රටට යහපතක් වෙනදෙයක් කරලා පාඩුවේ ඉන්නකෝ..? නිකම්ම වයසට යනවනේ.. ඵලක් නැති දේවල් කරේදාගෙන..
එක පාරක් 2018 ඔක්තෝබර් 26දා හොරපාරෙන් ගිහින් මරා-සිරා කුට්ටම කරපු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය වගේ තව එකක් දෙකක් හෝ කර, මැතිවරණවලට පෙර රට අගාධයට දමා, බලයට පැමිණීමේ පෙරනිමිති පෙන්වමින් සිටින එජා පෙරමුණු රජය අපහසුතත්වයට දැමීම වෙනුවෙන් පරාජය අභියස සිටින සියලු පක්ෂ එක්රැස් කරගැනීමට මහින්ද-සිරිසේන යුගල වලිකන කුමන්ත්‍රණ ගැන අගමැතිතුමා ඇතුළු සියළු ප්‍රගතිශීලින් විමසිල්ලෙන් සිටිය යුතුය..!!!
වහෙන් ඔරෝ භාෂාවෙන් ඔය කියන්නේ අර එක්තරා මාධ්‍ය ආයතනයකින් දැනටමත් නාමයෝජනා ඉදිරිපත් කළ දිනවලත් ඉවර එක්කෙනා ගැනනේ. " එයා ජනාධිපති වුනොත් ඔය කියන මාධ්‍ය ආයතනයේ ලොක්කා ජනාධිපති වුණා වගේ තමයි " කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. ඇත්තද මන්දා. ඒ අතරේ පොහොට්ටුවේ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහෙම කියලා තියෙනවා. "අපි හොඳට දන්නවා රනිල් වික්‍රමසිංහ මහතා එක්ක දාම් අදින්නත් බැහැ. චෙස් සෙල්ලම් කරන්නත් බැහැ. ගේම් ගහන්නත් බැහැ. ඔහු ඒ වැඩේට ඉතාම දක්ෂයි. ඒ අනුව පවත්නා තත්ත්වය මත එක්සත් ජාතික පෙරමුණේ සන්ධානය පිහිට වූ පසු ජනාධිපති අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා නම් කරනු ඇති බවට විශ්වාසය පළකරනවා." තව කතාවක් තමයි " සජිත් මේ කුමන්ත්‍රණයට තල්ලු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින්ය" කියන එක... එ් කතාවේ අනෙක් කොටස මෙසේය "සිරිසේන-රනිල් සමඟ ඇති වෛරය පිරිමසා ගන්න ගමන් සජිත්ව පුම්බන්නේ 2020 කෙසේ හෝ අපේක්ෂකයා විමේ යටි අදහස තම හිතේ ඇති නිසායි. සිරිසේනගේ උත්සාහය සජිත් සටනට පොළඹවා එජාපය වලපල්ලට යැවීමටයි. සජිත් කරන්නේ ඔහුගේ පියා ජේ.ආර්.ට කලාක් මෙන් ජනප්‍රියත්වයක් පෙන්නා රනිල්ට අනවශ්‍ය බලපෑමක් ඇතිකිරීමටය."
මල කෙලියයි.., කාරක සභාවෙන් පස්සේ මේ මනුස්සයා රෑටරෑට ශ්‍රී ලංකා මන්ත්‍රීලාගේ පිළිකන්නවලට වෙලා ගෙවල්වල කතාකරන දේවල් අහගෙන ඉන්නවද?