(ටී.කේ.ජී.කපිල)
දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවලින් පැමිණි ගුවන් මගීන් 300කට අධික පිරිසක් අද(11) නිරෝධායන කටයුතු සදහා යොමු කිරීමට සූදානම් කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ඔවුන් ඉහත රටවල සිට ඍජු ගුවන් ගමන් සේවා මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ නොතිබුණි.
මෙම ගුවන් මගීහු ඩුබායි, කටාර්, සිංගප්පූරුව, තායිලන්තය සහ මැලේසියාව යන රටවල ගුවන් තොටුපළ හරහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි සිටියහ.
COMMENTS
මේ ආ මගීන්ට සැලකූ ආකාරය ඉතාම ලස්සනය.බොරුවට කියනවා ගෙන්නවලා තිබුන බස් යන්න බැහැ කිව්වලු. දැන් බස් ගෙන්නුවේ ඒ බස් කාරයන්ට යන දිහා නොකියාද ? මෙහෙම බොරු කියන්න එපා හමුධාපතිතුමෝ. හරියට යමක් සංවිධානය කිරීමේ හැකියාව නොමැතිකම ලොවටම පෙන්වා අවසන් දැන්.
කලින් ආපු අය වගේ ඉවසීමක් නැතිව හැසිරෙන්න එපා. අපේ රට දුප්පත් රටක් බව මතක තියාගත්තොත් කොයි කාටත් හොදයි. පිස්සෝ වගේ හැසිරෙන්න එපා. මුදලක් ඉල්ලුවා කියා උරණ වෙන්න එපා. පුළුවන් ආකාරයෙන් රට වෙනුවෙන් උදවු කරන්න. රටේ ජීවත්වෙන අපේ අනිත් සහෝදර වැසියන් ගැනද හිතන්න. අපි මේ අවස්ථාවේ සියලුම දෙනා ගැන හිතලා ලංකාවට එන්නේ නැහැ.
රටේ ජනතාව ගැන කල්පනා කරන්න. ආසාදිත අය තමන් ඉන්න රටවල් වල ඉන්න. ඒවා අපට වඩා දියුණු රටවල්. ගමට ඇවිත් සියලු දෙනාම අමාරුවේ වැටෙන එක ගැන හිතන්න.
ඉතාලිය සම්පූර්ණයෙන් වහල දාලනම් මේ අය එන්නෙ කොහොමද ? ගමට ගියොත් ගමේ මිනිස්සු කොහොම ප්‍රතික්‍රියා කරයිද? කෙසේ නමුත් ඉන්න බැරිනම් එළියට යවලා ඉන්න තැන ජනතාවට දැනගන්න ප්‍රසිද්ධියට පත්කිරීම මීට වඩා හොද නැද්ද ?
යුරෝපයේ සහ සීත දේශගුණයක් ඇති රටවල සීත කාලෙට පැතිරෙනවා. හෙම්බිරිස්සාව, උණක් ඒකට කියන්නේ ජර්මන් භාෂාවෙන්" ග්රිප" කියල , එක හැදුනම හෙම්බිරිස්සාව උගුරේ අමාරුව කැස්ස හන්දිපත් රුදාව වැනි රෝග ලක්ෂණ පෙන්වන්වනවා එකත් බෝවෙන්නේ වෛරස් එකකින් , එක හැදුනම දවස් 5-10 අතර කාලයක් තිබෙන්න පුළුවන්. උෂ්ණ කාලෙට මේක පැතිරෙන්නේ නැහැ. උෂ්ණ කාලෙට මේක වැළදුනත් රෝගීන් දරුණු රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. මෙම රෝගය මම ලංකාවේදී දැක්කේ බොහොම කලාතුරකින් එකට හේතුව උෂ්ණත්වය සහ සූර්යයාගෙන් නිකුත් වන පාරජම්බුල කිරණ මෙම වෛරසය මර්ධනය කරන නිසායි. ලංකාවෙන් හමුවුන ප්‍රථම චීන කාන්තාව ලංකාව වටේම සංචාරය කළත් ඇයගෙන් කොරෝන බෝ වුන කෙනකු හමුවුනේ නැත්තේ මෙම හේතුව නිසා වෙන්න පුළුවන්. සමහරවිට අප්‍රේල් මාසේ සිට උත්තර ද්‍රවයේ රටවලට වසන්ත කාලය ලබන නිසා උෂ්ණත්වය වැඩි වෙනකොට මේ කොරෝන පැතිරීම මර්ධනය වෙන්න පුළුවන්.