(අජන්ත අගලකඩ)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති ලෙස  සිවිල් ඉංජිනේරුවකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ රාජා එදිරිසූරිය මහතා පත්කරනු ලැබ සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පත්වීම සිදු කර ඇත.

රාජා එදිරිසූරිය මහතා ඉංජිනේරු සංස්ථාව, මිහින් ලංකා යන ආයතනවල සභාපති ලෙස කටයුතු කර ඇති අතර චිලි, ආජන්ටිනාව ඇතුළු රටවල් රැසක තානාපතිවරයකු ලෙස කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ  සභාපති සංජය මොහොට්ටාල මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ තනතුරේ රාජා එදිරිසූරිය මහතා පත් කරනු ලැබ සිටියි.