
(චමිල් රූපසිංහ)
බුවනෙකබාහු රජතුමාගේ රාජ්‍ය සභාවේ රාජ්‍ය සභා මණ්ඩපය ඩෝසර් කිරිම සදහා නියෝගය දුන්නේ කවුරුන්ද බව ෆයිල් වල ඇති බවත් තමන්ට ඇති ප්‍රශ්නය යහපාලන සමයේ මෙවන් දෙයක් වු විගස කෑගහන අය මේ අවස්ථාවේ නිහඩ ඇයි කියා තමන්ට ගැටලුවක් වි ඇති බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවැසුයේ අද (21) කඩුගන්නාවේ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලය විවෘත කිරිම සඳහා පැවැති උත්සව අවස්ථාවේදී සභාව අමතමිනි.
යහපාලන සමයේදී කෑ ගැසූ අය නිහඩ ඇයි කියා ඒ කුමන හේතුවක් මතදැයි තමන් අසන්නට කැමැති බවද පැවසීය.
එහිදි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ කීය.
පන්සලක වැසිකිළියක් හදන්නත් උළු කැටයක් මාරු කරන්නත් අද පුරාවිද්‍යා කොමසාරිස්ගෙන් අවසර ගත යුතු වකවානුවකදී ඓතිහාසික ගොඩනැගිල්ලක් ඩෝසර් කර තිබියදිත් මේ වන විටත් පොලිසිය නිහඬ ඇයි කියා තමන් අසන්නට කැමැති බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කිය.
බුවනකබාහු රජතුමාගේ රාජ්‍ය සභාවේ රාජ්‍ය සභා මණ්ඩපය ඩෝසර් කරල පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පැමිණිල්ලක් කරල තියෙනවා පොලිසියට නමුත් තාම කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ. මේක ප්‍රහේලිකාවක් කුරුණෑගල ප්‍රධාන පුරවැසියා කුරුණෑගල ඉතිහාසය දන්නෙ නෑ. මේක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දිස්ත්‍රික්කය එතුමා කොමිටියක් පත් කරල මේ කොමිටි පත් කරන්නෙ මේක ප්‍රමාද කරන්න බවද එහිදි කීය.
තුනෙන් දෙක ගැනීම කෙසේ වෙතත් ගෝඨාභයට 113 වත් ගැනිමට නොහැකි වන බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ෆයිල් තියෙන්නේ ඔය කියන නගරසභාවත් ඵලදායිතා සම්මානය ගැනීමට ඉදිරිපත් වෙනතුරු පමණයි. ඉන් පස්සේ ෆයිල්වලට වෙච්ච දෙයක් නැතිවේවි. ජාතික ලේඛනාරක්ෂක පණත යටතේ යම් ආයතනයක් හෝ කාර්යාලයක් ආරම්භකළ දින සිට ඒ විස්තර සහිත ෆයිල් විනාශ නොකළයුතුබව දැක්වුණත් සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඵලදායිතා සම්මාන ගැනීමට මෙම ගොනු විනාශකරපු අවස්ථා තියෙනවා...
කරුණාකර මේ වැඩේට දේශපාලනය ගාවගන්න එපා.. දේශපාලනය පටලවා ගෙන ඡන්ද ගන්න කොයි පැත්තේ අයවත් මේ වැඩේ දඩමීමා කරගෙන උත්සාහ කරන්න එපා. වරද කව්රු කළත් වරද පමණක් කියන්න. අපට අවශ්‍ය වන්නේ, නිල් කොළ රතු ඡන්ද සටන නොවේ. කාට ඡන්ද නැති වුණත්, කාට ඡන්ද ඇතිවුණත්, මේ කළ අපරාධයට වගකිවයුතු සැමට දඬුවම් හිමිවිය යුතුමයි. ජනතාවනි, අවදි වන්න. ඔබගේ දේශපාලනය කුමක් වුවත්, අපගේ සංස්කෘතික උරුමයන් වැනසෙන, වනසන, මේ යුගයේ අවදියෙන් සිටින්න. කැමති අයෙකුට කැමති පක්ෂයකට ඡන්දය දෙන්න. ඒත්, මෙහිදී, මේ ප්‍රශ්නයේදී, සාධාරණව පක්ෂ භේදයෙන් තොරව සිතන්න. පුරාවිද්‍යා ස්මාරක විනාශ කළ අයට කිසිඳු සමාවක් නොදෙන්න. නීතිය ක්‍රියාත්මක කරවීමට පක්ෂ, පාට, භේද නොබලා කටයුතු කරන්න.. ජාතිය නැතිදාට ඔබත් මමත් එකතුව අපට පනින්නට වෙන්නේ. අනාගත පරපුරට පනින්නට වෙන්න වෙන්නේ.. මහ මුහුදටයි. එබැවින් බුද්ධිමත් වන්න. අන්තවාදී ලෙස නොසිතන්න.
විරුවාට අපහාස කරන්න එපා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියමිත දේ හොයාගන්න බැරිවෙලා. ඒක හොයාගත්ත ගමන් ඒ ගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
බොරු නම් ගම් දාගෙන මිනිස්සු රවට්ටන ෆයිල් ගැන මිනිස්සු දන්නවා.
මොන ෆයිල්වලද තිබෙන්නේ.?
ඕනෑම කෙනෙක්ට තේරෙනවා කරපු වැඩේ බරපතලකම.
ඔක්කොම එකයි ලංකාවේ අයට මුහුදට පනින්න වෙන්නෙ