IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රජවක රක්ෂිතයේ වල්ලපට්ට කැපූ තිදෙනාට දඩ

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

බලන්ගොඩ  රජවක  රජයේ රක්ෂිතයට ඇතුළු වී වල්ලාපට්ට කැපීමේ ජාවාරමක  නිරත වු තිදෙනෙකුට  රුපියල්  135,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ   ප්‍රධාන මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (08)  නියෝග කළේය.

බලන්ගොඩ ඉමුල්පේ අලුත්නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකුට මෙලෙස දඩ නියම  විය.

රක්ෂිතයට අයුතු ලෙස ඇතුළු  වීමේ චෝදනාව යටතේ රුපියල්  105,000 ක දඩයක්  සහ  රක්ෂිතයේ වල්ලාපට්ට කපා එහි ඇති රෙසින්  ග්‍රෑම් 750 ක් එක් රැස් කිරීම වෙනුවෙන්  රුපියල්  30,000 ක දඩ මුදලක් ද ගෙවීමට  සිදු විය.

අඩවි වන  නිලධාරින් විසින් මොවුන් රජවක රක්ෂිතයේ වල්ලාපට්ට කැපීමේ නිරතවෙමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට කටයුතු කර තිබිණි.



අදහස් (3)

රජවක රක්ෂිතයේ වල්ලපට්ට කැපූ තිදෙනාට දඩ

Champa Tuesday, 08 September 2020 12:44 PM

වල්ලපට්ට විකුණලා හම්බ කරගත්ත ගාණත් එක්ක මේ දඩය සොච්චමක් වෙන්න පුළුවන්... මෙවන් අපරාධකරුවන්ට දීර්ඝ කාලීන සිර දඬුවම් දෙන්න පුළුවන් විදිහට නීතිය වෙනස් වෙන්න ඕනේ...

:       0       0

Nihal Tuesday, 08 September 2020 02:07 PM

කරනවා නම් මේ වගේ දේවල් නොකර මුළු රක්ෂිතයම කපන්න ඕනෑ. පොඩි හොර වැඩ තේරුමක් නෑ. මේ මම කියන දෙයක් නෙමෙයි. පහුගිය කාලේ දේශපාලකයින් පෙන්නපු ඒවා.

:       0       0

dhamneth Wednesday, 09 September 2020 01:53 AM

රබර් වෙනුවට වල්ලපට්ටා වගාකර අදායමක් ලබාගත හැකිද කියා රජය සොයාබැලුවොත් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 213 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 969 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site