(මනුලවික්‍රම)
නිරෝධායන අධ්‍යයන කාලයක් ලෙස හෙට සිට රජරට විශ්වවිද්‍යාලයේ විභාග පැවැත්විමට ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය තීරණය කර තිබෙන බව බව උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා පවසයි.
එක් නේවාසිකාගාර කාමරයක එක් ශිෂ්‍යා බැගින් සෞඛ්‍යාරක්ෂිත ව රඳවා මෙම නිරෝධායන අධ්‍යයන කාලය සූදානම් කර තිබේ.
ඒ අනුව මිහින්තලා පරිශ්‍රයේ ඇති ව්‍යවහාරික විද්‍යා පීඨයේ 3වන හා 4වන වසරවල අවසාන විභාග හෙට සිට පැවැත්වීමට සිසුන් කැඳවන බව උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා පැවැසීය.
වෛද්‍ය පීඨයේ විභාග මේ වන විටත් ආරම්භකර ඇති අතර කෘෂිකර්ම පීඨයේ හා තාක්ෂණ පීඨයේ ද විභාග ද සූදානම් කරමින් පවතී.
සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආහාරපාන නේවාසිකාගාර කාමරයටම සපයන අතර අවශ්‍ය විටක ප්‍රවාහන කටයුතු විශ්වවිද්‍යාලයට අයත් වාහන මගින් සිදුකෙරේ. මෙම විභාග කාලය නිරෝධායනය සහිත අධ්‍යයන කාලයක් බවට පත්කකෙරෙන බව උපකුලපතිවරයා සඳහන් කළේ ය.
නේවාසිකාගාරවල ජීවානුහරණ කටයුතු රජරට විශ්විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ අනුග්‍රහයෙන් අද (21) සිදුකෙරුණි.
නේවාසිකාගාරවල සනීපාරක්ෂාව වෙනුවෙන් එම සංගමයේ නියෝජිත පිරිසක් විසින් සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් හා අත්සෝදන බේසම් ද ලබාදෙනු ලැබී ය.
වෛද්‍ය පීඨයේ කැඳවා ඇති සිසුන්ගේ තත්ත්වය ඉතාම ආරක්ෂිත හා සතුටුදායක මට්ටමක පවතින බවත් හෙට සිට කැඳවන සිසුන් පිළිබඳව දෙමාපියන්ට කිසිදු සැකයක් තබාගත යුතු නැති බවත් විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පෙන්වා දෙයි.



2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
348
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රජරට විශ්වවිද්‍යාලයේ නිරෝධායන අධ්‍යයන කාලය හෙට සිට
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 21 June 2020 09:34 AM
සතුටට කරුණක් ..!!! විශ්ව විද්‍යාලයක ඇතුලත තිබෙන ඒ සුන්දර පරිසරය, නිදහස හා අභිමානය ස්පර්ශ කරන්නට හා විඳින්නට ලැබීම මොනතරම් භාග්‍යයක්ද ? ... ඒත්, එහි සිටිනා විද්‍යාර්ථීන් සිතට ගතයුතු දෙයක් තමයි රටේ බදු ගෙවන්නන්ගේ මුදල් වලින්, ජාතික ධනයෙන් විශාල මුදලක් වයකොට මේ අධ්‍යාපනය වැයැවෙන බව... එබැවින් රට සුරපුරක් කිරීමේ වගකීම තමන්ගේ වගකීම බව සිහිතබා ගැනීම රටේත් ඔවුන්ගේත් වාසනාව වන්නේය ...