(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය ආයතන බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් අත්‍යාවශ්‍ය සේවක පිරිස් පමණක් කැඳවීමට කටයුතු කරන්නැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය අංශයේ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.
සේවකයන් අවශ්‍යතා අනුව ආයතනවලට කැඳවීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සහ ආයතන ප්‍රධානීන්ට පවරන බවද එම චක්‍රලේඛයේ සඳහන්වේ.
රාජ සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කරනු ලැබුවේ අද (1) දිනයේය.
කෙසේ වෙතත් නිල වාහන හිමි හෝ ප්‍රවාහන දීමනා ලබා ගන්නා හෝ සංචිත වාහන මගින් ප්‍රවාහන පහසුකම් ලබා දෙනු ලබන හෝ මාණ්ඩලික නිලධාරින් සඳහා ඉහත විධිවිධාන අදාළ නොවන බවත් එම නිලධාරීන් සාමාන්‍ය පරිදි රාජකාරිවලට වාර්තා කළ යුතු බවත් එහි සඳහන් වේ.
රාජ්‍ය ආයතනවල අනෙකුත් නිලධාරීන් මාර්ගගත ක්‍රමය ඔස්සේ රාජකාරි කටයුතුවලට යොදාගත යුතු වෙයි.
ගර්භණී නිලධාරිනියන්, කිරි දෙන මවුවරුන්, විශේෂ රෝගාබාධවලින් පෙළෙන නිලධාරින් සේවයට නොකැඳවිය යුතු වන අතර අවශ්‍ය අවස්ථාවලදී පමණක් ඔවුන් කැඳවීමට අවස්ථාව පවතී.



COMMENTS
වැඩට ආවත් නාවත් සතියේ වැඩේ මාස 6ක් ගන්න එකට මොකද කරන්නේ..? රාජ්‍ය සේවකයින්ට වගකීමක් දියයුතුයි. ලොක්කන්ගේ සිට වැඩ කටයුතු අමාත්‍යාංශය දක්වා මොනිටර් වියයුතුයි. ඇමතිලා 8 පාස් වුණාම, හොර තක්කඩියෙක් වුණාම ඔක්කොම හබක්... රාජ්‍ය සේවය ගැන ඉගෙනගන්නවා නම් ඩුබායි වලින් ඉගෙන ගන්න.. පහසුයි, කඩිනම්.