(අජන්ත කුමාර අගලකඩ)
සියලුම රජයේ සේවකයන්ගේ විදේශ සංචාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත.
ජනාධිපතිවරයාගේ නියෝගය ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරු , සියලුම පළාත් ලේකම්වරුන් සහ ආණ්ඩුකාර ලේකම්වරු වෙත ලිපියක් බැගින් දැනුම් දෙනු ලැබ ඇත.
මෙම තීරණය තමන් යටතේ ඇති ආයතනවල සියලු නිලධාරීන්ට දැනුම් දෙන්නැයි ද ජනාධිපති ලේකම්වරයා ඊයේ (19) යවා ඇති ලිපියෙන් උපදෙස් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් වැඩ නම් ඇති තරම්. ඉස්සරහටත් මේ වැඩ මෙහෙම ම තියේවි ද? තිබුණොත් නම් නියමයි.
සුපිරි චරිතයක් ... රටේ පිනට පහල වෙලා...!!!
ජනාධිපති තුමා රට හදන්න අවශ්‍යම තැනින් පටන් ගෙන තියෙනවා.
ඉතාම අගය කල යුතු ක්‍රියාවක්. බඩුමිල අඩු කිරීම හෝ පඩි වැඩි කිරීම් නොව ජනතාව අපේක්ෂා කලේ මේ වෙනසයි.
ඉතා වැදගත් තීරණයක්, කාටවත් නොපෙනුනාට වැඩිපුර මුදල් වියඳම් වුනු ක්‍රියාවක් මේක. මහජනතාවට මේක බරක්. දිනකට විශාල මුදලක් වියඳම් සඳහා මෙන් ම ගුවන් ටිකට්පත් වලට මහජන මුදල් වියඳම් වෙනවා. මේ චාරිකා සඳහා යන්නේ අදාල පුද්ගලයින් නොවේ. සාමාන්‍යයෙන් දින 5ක චාරිකාවක් සඳහා ගිය විට ඉහල නිලධාරියෙක් ලක්ෂ කිහිපයක් ඉතිරි කරගෙන එනවා. වියඳම් පියවීමක් නෑනේ. නිලධාරියෙකුට අවු 1කට වාර 2කට උපරිමය සීමා කරලා තිබුණා. නමුත් පහුගිය කාලයේ ඒවා කිසිවක් ගනන් ගත්තේ නෑ.
ගෝඨාභයට ඡන්දෙ දීපු රජයෙ සේවකයන්ට දැන් සතුටුද?
තාවකාලිකව හෝ මෙය නැවතීම නම් අගයන්නෙමු. අප නවතම මුල් පුරවැසියාට මෙසේ යෝජනා කිරීමට කැමැත්තෙමු. අප විස්වාස කරනවා මෙය ඔහු හෝ අඩු වශයෙන් ඔහුගේ කාර්ය මණ්ඩලයේ කෙනෙකුගේ නෙත ගැටෙතයි කියා. කිසිදු රජයේ සේවයකු මහජන මුදලින් විදේශගත වන්නේ නම් ඔහු හෝ ඇය ගියේ කිනම් කාරණයක් සදහාද ? එම ගමනෙන් රට කිනම් සේවයක් ලැබුනේද ? කිනම් දැනුමක් එම නිලදාරියා ලබාගත්තේද ? මහජන මුදල් කොපමණ එම ගමන සදහා වැය වුනේද ? ඔහුගේ හෝ ඇයගේ ඥාතීන් ගියේ නම් ඒ පිලිබදව විස්තරද සමග මහජනතාවට දැනගැනුමට සලස්වන ලෙසය. මෙය දියවන්නා ඔයේ අලුතෙන් පත්වෙන සෑම මහජන සේවකයකුටම, ඔබටත් ඇතුළුව ක්‍රියාත්මක කිරීමට හැකි නම් විශාල මුදල් සම්බාරයක් ඉතුරුකර ගහ හැකිවේ යයි අපගේ බලාපොරොත්තුවයි.
අදහස නම් හොඳ තමා. කරන්න තමා බැරි! අපි මීට පෙරත් ඔවැනි රගතිශීලී තීරණ කප්පරක් අහලා තිබෙන නිසා එකක් දැනගැනීමට කැමතියි. එනම්, ඔය තහංචිය වලංගු වන්නේ දින කීයකටද කියලත් කිවුවානම් හොඳයි නේද ?
පත්වුණු ගමන්ම පෝෂණ මල්ලක් දෙනවා කීවා ?
අප ගෝඨාට ඡන්ද නොදුන්නත් ඔහු ගෙන තිබෙන තීරණ ගැන අපගේ ඉමහත් ප්‍රසාදය ප්‍රකාශ කළ යුතුය.
හොඳ වැඩක්. මේ රටේ රාජ්‍ය සේවයේ අය රට යන්න පුදුම ආසාවක් තියෙන්නේ. යන්නේ සමුළු වලට, එත් යන්නේ ෂොපින්. හොඳ තීරණයක්
රාජ්‍ය සේවකයන්ගේ විතරද දේශපාලකයන්ගේ විදේශ සංචාර?
ඩේවිඩ් මහතා කියන දෙය නිවැරදියි. එම වාර්තාව දිය යුතු නියෝගය 1986 දීත් තිබුනා. එවැනි වාර්තා ඒකාලේ ඉදිරිපත් කළා. මැති ඇමතිවරුන් මොනවා දෙනවද නොදනිමි. රජයේ සේවකයින් වශයෙන් තමන් එම රටවලදී දැන උගත් දේ සහිත වාර්තාවක් අනිවාර්යයෙන්ම දෙනවා. එය අපේ රටට ආදේශ කරන්නේ කෙසේද කියා යෝජනාවලියකුත් ඉදිරිපත් කරනවා.
රාජ්‍ය ආයතන වල වැඩි වියදමක් යන්නේ ඉන්දන සඳහායි. මෙය 25% කින් අඩු කල හැක. මෙයටද චක්‍ර ලේඛනයක් යවන්න. පරිසරයටත් හොඳයි. ආර්ථිකයටත් හොඳයි.
කරුණාකර බදු ඉවත්කරන්න පොරොන්දු වූ පරිදි.
ඊලග පාර ඒ පිනට දායක වෙන්න....
ලංකා විදුලිබල මණ්ඩලය තරම් රට සවාරි යන තැනක් වෙන නැත. මෙම සවාරි සදහා මණ්ඩලීය අවසර ලබා ගැනීමක් නැත. හිතු හිතු විදියට ලොක්කෝ රට යති. ඇමති ලේකම්ටත් පාලනය කළ නොහැක. ජනාදිපතිවරයාට අවශ්‍යනම් මේ වසරේ රටයෑම් ගැන වාර්තාවක් කැඳවිය හැක.
රාජ්‍ය සේවකයන් රට යන්නෙ රජය ලබා දුන් ටිකට් පත් වලින් පමණක් නොවේ. පෞද්ගලික වියදමින් රට යන අය බොහෝයි. බුද්ධි ගළනයත් සමග රටේ සෑහෙන පිරිසක් පිටරට පදිංචිව සිටිනව. මේ තහනම නිසා රාජ්‍ය සේවකයෙක් වූ නිසාම පෞද්ගලික සංචාරයකට පිටරට යාමේ අයිතිය ඔවුනට නැති වෙනවා.
පට්ට පට පට, ඇර ගෝටා ඇර, මෙච්ච්ච්රකල් හොරාකාපු උන්, ජනතාවගේ බදු මුදලින් ෆුල් ෆන්, ආතල් ගත්තු උන්, දැන් පපුවේ බිත්තර තමබනවා ඇති ලොරි ගණන්.
පහුගිය කාලේ බැදුම්කරෙන් හොරකම් කරපු ලොකු ලොකු උදවියටත් ඕක වලංගුද ?
බොහොම හොද වැඩක්. මේක බිස්නස් එකක්. අනික් කටිටියත් මේ වගේම තමයි. හොදට සොයලා බලල විගණන වාර්තා කැදවල බලන්න. කට්ටිය බෙදා හදාගෙන කාපු හැටි. ජනාධිපතිතුමනි, ඔබේ ආරම්භය හොදයි. ඔහොම යන්. ඔහොම යන්.
මේකේ ඇති වැදගත් දෙය වන්නේ ඔය සියලුම දේ එන මහා මැතිවරණයෙන් පස්සෙත් ක්‍රියාත්මක වෙනවද කියන එකයි. මහා මැතිවරණයෙන් පස්සෙත් එලෙසම ක්‍රියාත්මක උනොත් ජනාධිපතිතුමා විශිෂ්ටයි. මෙදාට වැඩ කරන ජනතාවක් ඔබ සමග ඉදියි. නැතිනම් තවත් රැවටීමක් පමණයි. අපේ බලාපොරොත්තුව මෙම වටිනා තීරණ ඉදිරි වසර පහම ක්‍රියාත්මක වීමයි. එදාට ඔබතුමා වටේ මුළු රටම ඉදියි.
මමත් හිටපු රජයේ සේවකයෙක්. මේ රාජ්‍ය නිලධාරීන් බොහොමයක් විදේශ ගත වීමෙන් රටට ලැබුන ප්‍රයෝජනය කුමක්ද කියලා අපි සොයා බැලිය යුතුයි. සමහර නිලධාරීන් රට ගියාම එන්නේ නැහැ. ඔවුන් ගිවිසුම් අත්සන් කලත් වැඩක් නැහැ. මේ යන ගමන් වලින් රටට වැඩක් විය යුතුයි.
එතකොට, තමන්ගේ වියදමින් පෞද්ගලික සංචාර සඳහ යාමට සිටි අයට මොකද වෙන්නේ? ඒක බලවත් අසාධාරණයක්. රජයේ මුදල් වියදම් කරන්නේ නැතුව විදේශ ශිෂ්‍යත්ව ලබා යාමට සිටි අය? රජයේ වියදමින් යන එක නැවත්තුවාට කමක් නැහැ
තමන්ගේ වියදමෙන් යන අයටත් මේක වලංගුද?
ගෝඨාභයට ඡන්දෙ දීපු රජයෙ සේවකයන්ට දැන් සතුටුද? කියලා අහනවා. නොම්මර එකේ කුහක කතාවක්. මෙයා හිතාගෙන ඉඳලා තිබෙන්නේ රජයේ සේවකයෝ ගෝඨාභයට ඡන්දෙ දුන්නේ රට යන්න බලාගෙන කියලා.]
එතකොට නිලධාරීන් රට යන එකද රටට තියෙන දරන්න බැරි වියදම? පාර්ලිමේන්තුවේ ඉන්න කාලකන්නි දේශපාලුවන් පවුල් පිටින් ලෝකෙ වටේ ගිහින් මෙලෝ වැඩක් නැතුව කරන නාස්තිය කමක් නැද්ද දන්නේ නැහැ නේද? ඉස්සර කියමනක් තිබුණා අලි යන මං තියෙද්දී කුඹි යන මං වහනවා කියලා.. මෙතනත් කියන්න තියෙන්නේ ඒකම තමයි.. නිලධාරින් කීයෙන් කී දෙනාද නිකරුනේ සවාරි යන්නේ? ගියත් යන්නේ දේශපාලන අතකොලු වෙලා වාසිගත්ත කට්ටිය මිසක් සාධාරණව වැඩ කරන අය නෙමේ කියලා කවුරුත් දන්නවා.. මේවා තමයි හොඳම විහිලු.. තව ඉස්සරහට තව කතා එයි අපිට හිනාවෙන්න. අනේ අසරණ ජනාධිපති..