IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රාජ්‍ය සේවකයින්ගේ ගමන් පහසුවට ලංගමයෙන් විශේෂ ප්‍රවාහන සේවයක්

(විනීතා එම් ගමගේ )

රාජ්‍ය සේවකයන්ට ගමන් පහසුව සැළසීම සදහා විශේෂ කාර්යාල ප‍්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත.
 
එම සේවාව මුලින්ම රත්නපුර කැගල්ල හලාවත, හම්බන්තොට, තංගල්ල, මාතර, ගාල්ල, අම්බලන්ගොඩ, අලූත්ගම හා කලූතර යන නගර වල සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැළසුම් සකස් කොට ඇතැයි එහි සභාපති කිංස්ලි රණවක මහතා ලංකාදීපයට පැවැසීය.
 
මෙම සේවාව ලබාගැනීමට බලාපොරොත්තු වන අය ලියාපදිංචි විය යුතු අතර ඒ සදහා [email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ අයදුම්පතක් එවිය යුතුවේ.
 
අයදුම්පතේ මුලකුරු සමග නම, සේවා ආයතනය, ලිපිනය දුරකථන අංකය, ඊමේල් ලිපිනය, බස් රථයට නගින ස්ථානය, ගමන් කරන්නේ අධිවේගී මාර්ගය ඔස්සේ ද සාමන්‍ය මාර්ගය ඔස්සේ ද යන වග මෙන්ම ගමන් කිරීමට බලාපොරොත්තුවන්නේ සුඛෝපභෝගී බස්රථයක ද සාමාන්‍ය බස්රථයක යන තොරතුරුත් බස් රථයට නැගීමට බලාපොරොත්තු වන ස්ථානයේ ඇති ප‍්‍රසිද්ධ මග සළකුණක් ද සදහන් කොට අත්සන හා දිනය ද සමග එවන මෙන් ඔහු ඉල්ලා සිටියේය.
 
රාජකාරි ස්ථානය වෙත පෙරවරු 8.30 ට පැමිණීමටත්, රාජකාරි නිමාවන වේලාවේ පිටත් වීමටත් සැළසුම් කර ඇතැයි ද ඔහු කීය.
අයදුම්පත් ටයිප් කර එවීමට නොහැකි අය ගමනාගමන මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුවට එක්ව අතින් ලියන ලද අයදුම්පතක ඡායාරූපයක් ඒ ඔස්සේ එවීමෙන් ද ලියාපදිංචි විය හැකි යැයි හෙතෙම සදහන් කළේය.

මෙම සේවාව ආරම්භ කරන්නේ කොවිඞ් වසංගතය හේතුවෙන් ප‍්‍රවාහන පහසුකම් අහිමි වී සිටින රාජ්‍ය සේවකයන් වෙනුවෙන් බවත් මේ තත්ත්වය පහව ගිය පසුව ද එකී සේවාව ගෙනයාමට සැළසුම් කරන බවත් රණවක මහතා පැවැසීය.
 
මෙම සේවාවේ සාර්ථකත්වය අනුව අනෙක් පළාත්වලට ද ව්‍යාප්ත කරන බවත් නියාමන වැඩ පිළිවෙලෙන් පසු අඩුපාඩු සකසා ගෙන ඉදිරියට ගෙන යන බවත් ඔහු සදහන් කළේය. 



අදහස් (1)

රාජ්‍ය සේවකයින්ගේ ගමන් පහසුවට ලංගමයෙන් විශේෂ ප්‍රවාහන සේවයක්

duminda Tuesday, 19 May 2020 11:16 AM

බොරු වැඩ කරන්න එපා ... වැඩට එන්න විදිහක් නැතුව මිලියන ගානක් පුද්ගලික අංශයේ සේවකයෝ බලාගෙන ඉන්නවා .. රජයේ සේවකයෝ වගේ වෙලාවට එලියට එන්න ඒ අයට බෑ. එක්කෝ වැඩ ඕනි නෑ රටම වහල දාන්න. කෝච්චියට බස් එකට නගින්න ගියාම හොරු ඇවිත් වගේ බලන්නේ විකාරයක් ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site