
(දයාසීලි ලියනගේ)
වසර 08ක කාලයක් රජයේ නිලනිවාසවල පදිංචිව සිටි බලධාරින්ගෙන් රුපියල් මිලියන 64.6 ක නිවාස කුලී රජයට අයවිය යුතුව තිබූ බව වාර්තා වී තිබේ.
වර්ෂ 2012 සිට 2019 දක්වා වූ කාලය තුළ නිවාස කුලී ගෙවීම පැහැර හැර තිබේ. වසර 2019 අවසන් වනතුරුත් එම කුලී ආදායම අයකරගෙන නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත.
රජයේ නිවාසවල පදිංචි විවාහක නිලධාරියෙකුගේ වැටුපෙන් 7.5% ක්ද, අවිවාහක නිලධාරියෙකුගෙන් 7.5% ක්ද නිවාස කුලී වශයෙන් අයකරනු ලබයි.
සියලුම රජයේ නිවාසවල බදුකාලය වර්ෂ 05කට සීමා වෙයි.

COMMENTS
පෙන්ෂන් එකෙන් හරි අයකර ගන්න තියෙන්නේ... මෙහෙම අපරාද වෙන්න දෙන්න පුළුවන්ද?
ඇමැතිවරුන්ගේ පොලු ඔය ගොඩට අහුවෙලාම නැතුව ඇති මම හිතන්නේ..
එතකොට මැති ඇමතිලා මේවගේ පොලු තියපු ඒවත් අය කර ගන්නවද?
දේශපාලකයන් හැරුණාම ඊළගට දූෂණ වැඩියෙන්ම තියෙන්නේ රාජ්‍ය සේවයේ. වාහන අවභාවිතය / නිවාඩු ලබාගෙන විදේශ රටවල රැකියා කිරීම / විදේශ ශිෂ්‍යත්ව ලබා ගෙන ඒ රටවල් වල සිටීම. සියලු දෙනාම මේ දේවල් කරන්නේ නෑ. නමුත් බහුතරයක්... රාජ්‍ය සේවයේ යල්පැනගිය නීති අලුත් කරන්න කාලය ඇවිත්...
කාලකන්නි දේශපාලුවෝම හොරා නොකා, රජයේ සේවකයින්ටත් අවස්ථාවක් දීම ගැන සතුටුයි.