(සුජිත් හේවාජුලිගේ)
අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් රුපියල් කෝටි තුන් දහස් තුන් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අංශයට ලබන වසර සඳහා වෙන් කෙරෙන මුදල් ප්‍රමාණද අඩු කර ඇති අතර වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ජාතික ආරක්ෂාව සඳහාය.
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් ලබන වසර සඳහා වෙන් කෙරෙන මුදල දැක්වෙන්නේ බිලියන 2.78ක් ලෙසය.
මේ අනුව ජනාධිපතිවරයාගේ වියදම් සඳහා ලබන වසරේ වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 6.6කින් අඩු වනු ඇත.
මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 18 කින් ඉහළ නංවා ඇත.
මේ වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 355ක් ලෙස දැක්වෙන අතර ලබන වසරේ එම වියදම දැක්වෙන්නේ බිලියන 373ක් ලෙසය.
ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටයි. බිලියන 286.7ක් එම අමාත්‍යංශයට වෙන්කර ඇති අතර ඉන් බිලියන 286ක්ම පුනරාවර්තන වියදම් වේ .
ඊට පසු වැඩිම මුදලක් මහා මාර්ග මහාමාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති බවත් එම මුදල බිලියන250.1ක් බවත් සඳහන්වේ. ඉන් බිලියන 250ක්ම ප්‍රාග්ධන වියදම්ය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයද ඉහළ නංවා ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වසරේ වැය ශීර්ෂය බිලියන 126.5කි. එය ලබන වසර සඳහා බිලියන 127.6ක් ලෙස ඉහළ දමා ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබන වසර සඳහා වෙන්කර ඇති මුදල බිලියන 153.5කි. එය මෙම වසරට සාපේක්ෂව බිලියන හයක අඩුවීමකි.
ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3කි.
ඉන් බිලියන 1776ක් වෙන්වන්නේ පුනරාවර්තන වියදම් සඳහාය.
ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මේ සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
හරි නම් සෞඛ්‍ය අංශයට සහ අධ්‍යාපනයට මුදල් වෙන් කරන්න ඕනේ වැඩියෙන්. කොරොනා වසංගතය නිසා දරුවන්ගේ අධ්‍යාපනය කොච්චර මොට උනාද. ගුරුවරුනගේ වැටුප් පිලිබද ප්‍රශ්නය ඉක්මනින් විසදලා දරුවන්ට යහපතක් කරන්න ඕනේ. දැන් යුද්ධෙත් නැති එකේ, යුද්ධ හදන එක අඩු තරමින් අපේ රටෙන්වත් නවත්තලා ලෝකෙටම ආදර්දවත් විදියට කෘෂිකරමාන්තයට, සෞඛ්‍යට, අධ්‍යාපනයට වැඩිපුර මුදල් යොදවන්න වගකිවයුත්තන්ට කලපනාව පහල වේවා කියලා පතනවා.
ජනාධිපතිතුමා ආවද?
ඒක නම් හොඳ ප්‍රවණතාවයක්. ඒත් මේ වෙලාවේ මහාමාර්ග වලට වඩා අපනයන ආර්ථිකය නංවන්න කටයුතු කරා නම් තමයි හොඳ. අපි පුලුවන් තරම් අපේ රට කාර්මීකරණය කරන්න උත්සාහ කරන්න ඕන දැන්. නැත්තන් අපි හැමදාම වලේ.
වියදම අඩු වෙනවනම් කොච්චර හොදද
මුදල් ඇමතිකම දීලා කිට්ටු කරගත්තේ නිකම් නෙවෙයි නේ? අය වැය ගැනත් ආයේ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
කොයිතරම් සතුටු ප්‍රවෘතියක්ද.අපේ රටට ඡය ශ්‍රීමහ බෝ සමිඳුන්ගේ පිහිටයි!
පොදු ප්‍රවාහනය පාරේ කන කාලය අඩු කරානම් තවත් සල්ලි ඉතිරි කරගන්න පුළුවන්. කාර් තියෙන හැමෝම කාර් වල එන්න ගියහම පාර බ්ලොක් වෙනවා. කාර් තියෙන අය කාර් වලම එන්න පෙළඹෙන්නේ සැප පහසු පොදු ප්‍රවාහනයක් නොතිබීම, පුද්ගලික ප්‍රවාහන තුල කාලය පාරටම වියදම් වීම. පෙට්‍රල් වලට පිටට යන ඩොලර් ප්‍රමාණය 1/2ක් වත් කරන්න පුළුවන් හරි ප්‍රවාහන පද්දතියක් තියෙනවා නම්. පරිසර දුෂණය අවම වීම, ස්පෙයාර් පාර්ට් වලට වෙන වියදම ,කොච්චර අඩු කරගන්න පුළුවනි ද
රජය සෞඛ්‍ය සේවාවන් සඳහා ලබා දෙන අරමුදල් අඩු කරන්නේ ඇයි? රෝහල් සඳහා නිසි පරිදි මුදල් යෙදවිය යුතුයි. සිංගප්පූරුවට හෝ ඇමරිකාවට යාමට සෑම කෙනෙකුටම ධනයක් නොමැත
ආරක්‍ෂාව සහ මාර්ගය සඳහා අපට වැඩිම මුදලක් වැය කිරීමට අවශ්‍ය වන්නේ ඇයි දැයි මම නොදනිමි.
මදි මදි සෑහෙන්න මදි. ඇමති මණ්ඩලය අඩු කරන්න. අපේ රටට ඇමතිවරු පහළොවක්-විස්සක් හොඳටම ඇති. නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු කියන අනවශ්‍ය තනතුරු අයින් කරන්න. හිත මිතුරන්ව සන්තෝෂ කරන්න යන්න එපා. රට ගැන හිතුවොත් අපේ රට දියුණු කරන්න ලේසියෙන්ම පුළුවන්.
කරුණාකර තාක්ෂණික විශ්ව විද්‍යාල 5 ආරම්භ කරන්න. Robotics/Computer software/Networking/Electronics මේක තමයි නුතනයේදී භාවිතාවන තාක්ෂණය. අද ලොකයේ බොහෝ දියුණු රටවල්වල තාරුණ්‍යයේ දැක්ම. තවදුරටත් කලා/වානිජ විෂයයන් හදාරා අනාගතයක් නැහැ. පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කර දරුවන්ට ණය අධාර යටතේ අධ්‍යාපන හදාරන්න අවස්ථාව ලබාදෙන්න. කරුණාකර සියලු දෙනාම තේරුම් ගන්න අපිට වෙන්න යන විනාශය.
ජර්මනියට කරපු විදිය අධ්‍යයනය කරන්න. වියදම් කපා හැරලා තමා එරට එයා ගොඩ ගත්තේ. හොරකමේ නොගිහින් රටේ නිෂ්පාදනය වැඩි කලා. එයම තමා ලංකාවෙත් කල යුත්තේ
අපිට පෙනෙන්නේ රජයේ වියදම් කපලා පාරවල් හදන කොන්ත්‍රාත් තව එක එක ව්‍යාපෘති හරහා ඒ අයගේ සාක්කුවට ගාන දාගනියි ලස්සනට
ආදායම කීයකින් වැඩි වෙලාද?
නූගත් පාලනයක ලක්ෂණ. අධ්‍යාපනයට වියදම් කරන එකෙන්ම සෞභාග්‍ය හිතාගන්න පුළුවන්
බය වෙන්න එපා. තෙල් නිධි ටික විකුණලා සල්ලි හම්බවුනාම හිඟ පියවගන්න පුළුවන්නේ
ආරක්ෂාව වෙනුවෙන් වැඩිපුර මුදලි යෙදව්වම තේරුමක් නැහැ.ආරක්ෂක අමාත්‍යංශයත් වගකියන්න ඔනි