(සුජිත් හේවාජුලිගේ )
දිවයිනේ සියලුම රජයේ රෝහල්වලින් කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ළඟදීම අරඹන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය .
එන්නත් තවත් තොග ලැබීමට නියමිත බවත් එම තොග ලැබුණු වහාම එම වැඩපිළිවෙළ අරඹන බවත් ඔහු ප්‍රකාශ කළේය .
එන්නත් තොග ලැබුණු වහා එන්නත්කරණය කරන රෝහල් සහ එම කටයුතු සිදු කරන වේලාව ජනතාවට දැනුම් දීමට පියවර ගන්නා බව කී ගුණවර්ධන මහතා අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එහිදී වැඩි අවධානය යොමු කෙරෙන බවද සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික කඩකාරයින්ට නම් දෙන්න එපා.
මුලින්ම එන්නත් ලබදියයුත්තේ විවිධ රැකියාවල නියුතු පුද්ගලයින්ට මොකද රෝග වාහකයින් වීමේ වැඩි ප්‍රවනතාවයකට ඔවුන් පත්වේ.
හොද අදහසක්