IMG-LOGO

2024 ජුලි මස 22 වන සඳුදා


රාජ්‍ය මාධ්‍ය සුදු අලියෙක්

 

 

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

රජයේ මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බවත් එක් රජයේ මාධ්‍ය ආයතනයක් නඩත්තු කිරීමට මාසයකට රුපියල්  කෝටි හතරකට වැඩි මුදලක් වැයවන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.          

දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්වයට පත් කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කළ යුතු වන  බව  මෙහිදී පැවැසූ ජනමාධ්‍ය ඇමැතිවරයා  රාජ්‍ය මාධ්‍යයන් තුළ නිර්මාණශීලීත්වයේ පසුබෑමක් පවතින බව  තමා පිළිගන්නා බවද සඳහන් කළේය.

එය නිවැරදි කිරීමට  කඩිනමින් පියවර ගත යුතු බවත් සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේදී පසුගියදා (21) වෙනිදා  පැවති ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

මේ අතර  රූපවාහිනී නාලිකාවන්හි  ප්‍රචණ්ඩකාරි සහ ළමයින්ට නොගැලපෙන අන්තර්ගතයන් සහිත චිත්‍රපට ප්‍රචාරය වන බැවින් ඒවා ප්‍රචාරය සඳහා සුදුසු ගුවන් කාලයන් නිර්දේශ කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ  වැදගත්කම මෙහිදී සාකච්ඡා කෙරිණ.

පාර්ලිමේන්තු රැස්වීම් වාර්තා කිරීමේදී   ඉතා වැදගත් කරුණු මගහැරෙන හෙයින්  පාර්ලිමේන්තුව තුළ සිදුවන රටට වැදගත් අණ පනත් ඉදිරිපත් කිරීම්, සම්මත කිරීම් මෙන්ම වැදගත් විවාද ආදිය ඇතුළත් කොට විශේෂ වැඩසටහනක් විකාශය කිරීමේ අවශ්‍යතාව මෙහිදී ‍සාකච්ඡාවට ලක් විය.

ඒ පිළිබඳව අවධානය යොමු කරන්නැයි ඇමැතිවරයා රජයේ මාධ්‍ය ආයතනවලට උපදෙස් දුන්නේය.

උතුරේ ජනතාවගෙන් සියයට 85ක් පමණ ඉන්දියානු ටෙලිවිෂන් චැනල නැරඹීමට හුරු වී සිටීම  හේතුවෙන් එම ප්‍රදේශවල දරුවන් තුළ මෙරටේ සිදුවීම් පිළිබඳ සාමාන්‍ය දැනුම අවම  බව මෙහිදී අනාවරණය විය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේ නේත්‍රා නාලිකාව ඔස්සේ පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දෙමළ දරුවන්ට  පෙරවරු 4.00 සිට රාත්‍රී 12.00 දක්වා අධ්‍යාපනය ලබාදෙන බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන තොරතුරු මෙරට දමිළ  ජනතාවට සම්ප්‍රේෂණය නොවීමේ ගැටළුවක් පවතින බව පැවසීය. රාජ්‍ය මාධ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට දමිළ  සමාජිකයන් පත් කිරීමේ අවශ්‍යතාවයද ඒ මහතා පෙන්වා දුන්නේය.

 

 



අදහස් (16)

රාජ්‍ය මාධ්‍ය සුදු අලියෙක්

මහසෙන් Sunday, 24 October 2021 04:23 PM

ආණ්ඩු මාරු වෙනකොට පුටු මාරු වෙනවා. විෂය ගැන මෙලෝ දෙයක් දන්නැති කෙනෙක් පුටුවේ වාඩි කරගෙන පවතින රජයට අවැසි දේවල් කරගන්නවා. මේ ආයතනයේ තරම කියන්නේ රටපුරා ආවරණ හැකියාව තියාගෙන ලෝක කුසලාන තරගාවලියවත් විකාශන අයිතිය ගන්න බැරි වුණා. අයිතිය ගත්තා කියලා මුලින් කිව්වා.. ඔන්න වගකීම.. ආයතනයට ලාබ ලබන්න තිබ්බ හොඳම අවස්ථාවක්. ඉතින් මේවාට මෙහෙම වෙන එක පුදුමයක්ද?

:       0       38

GAMUNUMonday, 25 October 2021 12:39 AM

රාජ්‍ය මාධ්‍ය ආයතන පමණක් නොව රජයේ බොහොමයක් ආයතන දුෂිත සුදු අලි බවට පත්වුයේ දේශපාලනයේ වරදින් බව ඔබ දනී. රාජ්‍ය මාධ්‍ය ආයතන ජනතව වෙනුවෙන් නොව දේශපාලන හෝ පවුලේ ආයතන බවට පත්වී තිබේ. සුදුස්සන් නොව දේශපාලන වන්දි බට්ටයන් එම ආයතන වල සේවයේ යොදවා තිබේ. ලෝකයේ දියුණු රටවල මෙන් රජයේ මාධ්‍ය ආයතන රජයට 51% ගෙන 49% පුද්ගලික කර එම ආයතනය පුද්ගලික ආයතනයක් වසයෙන් දේශපාලනයෙන් තොරව කටයුතු කිරීමට අවස්ථව සලසා දිය යුතුවේ. ජනතා බදු මුදලින් යපෙන්නාවූ ආයතන ජනතව වෙනුවෙන් මිස දේශපාලකයා වෙනුවෙන් පවත්වා ගෙන යා යුතුවේ.

:       0       4

de silva Sunday, 24 October 2021 04:28 PM

ඔය මාධ්‍ය රජයට පක්ෂව බොරු කියන නිසා මිනිස්සු ඕවා බලන්නේ නැහැ... එම නිසා වෙළෙඳ දැන්වීම් ඕවාට ලැබෙන්නේ නැහැ... ඕවා ලාභ ලබන තත්වයට ගෙන එන එක ඕවා පාලනය කරන අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්යයක්... ඔවුන් අසමත් නම් ගෙදර යවලා පුළුවන් කෙනෙක් වැඩට ගන්න.

:       0       43

අසංක Sunday, 24 October 2021 04:49 PM

රාජ්‍ය මාධ්‍ය මුලින්ම ස්වාධීන ආයතන කරන්න. දේශපාලන බලපෑම් නවත්වන්න.

:       1       38

DM Sunday, 24 October 2021 05:01 PM

රාජ්‍ය මාධ්‍ය විතරක් නෙමෙයි, ඔබත් ඇතුළු 225ත් සුදු අලි තමයි.

:       2       52

nimal Sunday, 24 October 2021 05:59 PM

ලංකා රාජ්‍යය අසමත් කියන්නට එක් හේතුවක් ඔය...

:       0       39

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 24 October 2021 06:56 PM

රාජ්‍ය මාධ්‍ය නටනුයේ හා නැටවෙනුයේ කවදත් බලයේ සිටින හා සිටි දේශපාලනඥයින්ගේ උවමනාවටයි. මේවායේ පත්වීම් ලැබීමේදී නිර්මාණශීලිත්වයට වඩා දේශපාලන සුදුසුකම් සපුරා ගත් අයට ප්‍රමුඛත්වය ලැබේ. එවන් නිර්මාණ හීනයන් ඇති මාධ්‍ය ආයතන පාඩුලැබීම සිදු නොවුණොත් තමයි පුදුමය වන්නේ... එය එසේ තිබියදී රටේ මුදලින් කෝටි ගණනින් මුදල් ගෙවා ඒ ආයතන නඩත්තු කිරීම විශාල අපරාධයකි. පාඩු ලබන මාධ්‍ය ආයතන තම පාඩුව තමන් විසින්ම පියවා ගන්නා ලෙස සලකනු ලබන්නේ නම් මේ තත්ත්වය බොහෝ දුරට පාලනය වෙනු ඇත. මේ ආයතන ජනතා ප්‍රසාදයෙන් ඈත් වෙනුයේ ඔවුන් තම දේශපාලකයින්ගේ නැති හොඳ පෙන්වා වැරදි වසා කටයුතු කිරීම නිසායි.

:       1       23

gunarathnaSunday, 24 October 2021 08:52 PM

සමිත මහත්තයෝ, ඔබතුමා වලිගෙ පාගගෙන ඉන්නේ... ඔබතුමා කියනවා මේ රාජ්‍ය මාධ්‍යය කියලා.. එහෙමනම් රාජ්‍ය මාධ්‍ය නම් රජයේ දේවල් නැතිව විපක්ෂයේ දේවල්ද පුම්බලා පෙන්වන්න ඕනේ... රජයේ මුදල්වලින් මේ මාධ්‍ය ආයතන පවත්වාගෙන යනවා නම් රජයේ දේවල්වලට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. එහෙම නැතිනම් ඕකත් කාටහරි විකුණලා දැම්මා නම් හරි.

:       20       4

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 24 October 2021 09:29 PM

ජනසන්නිවේදනය ගැන දන්නා උගත් අයට තේරෙනවා කවුද වලිගය පාගාගෙන ගොම ගහගෙන ඉන්නේ කියලා. ඒ නිසා ඔබතුමා ආණ්ඩුවලට කඩේ යන්න. ඒ උනාට කරුණු කාරණා දන්නා අපට ගරහන්න ඇවිදින් නිකං තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. පොහොට්ටුවේ අයත් මා ලියනා දේ බලනවා. ඒත්, එතුමන්ලා සත්‍යය අවබෝධ කරනවා. ඔබතුමා අන්තවාදී ලෙස හිතන්නෙක්. කරුණාකර ජනසන්නිවේදනය ගැන ටිකක් හෝ හදාරන්න. එදාට ඔබතුමාට මා කී දේ නිවැරදි බව වැටහේවි. ස්තූතියි.

:       1       5

සෙනෙවිරත්න Sunday, 24 October 2021 11:12 PM

එහෙනම් පාඩුය කිියලා මෙතන වැලලෙන එක නොකරන්නයි තිබුනෙ ඩලස්ට.

:       2       2

සමිත සේනක අලුත්ගමගේ.Monday, 25 October 2021 10:30 AM

වලිගය පාගාගෙන ඉන්නේ කව්ද කියා බලාගන්න පුළුවන් ඔබතුමාට ... කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් බැලුවොත් ...

:       1       5

වර්ණකුලසූරිය Sunday, 24 October 2021 09:28 PM

ඔබලාම පාලනය කරලා ඔබලාම පාඩුයි කියන්න ලැජ්ජා නැද්ද? අප කිසිවක් නොමිලයේ ලබා නැත. ඔබතුමා ගැන අපට යම් විශ්වාසයක් තිබෙනවා. හිටපු ඇමතිකම මාරුවීම ගැන ජනතාවට සැකයක් පවති. කොන්ද කෙලින් තබා ගෙන සත්‍යය ප්‍රකාශ කරන්නේ නම් අපි සතුටු වෙමු. අවස්ථාවාදී නින්දිත වහලෙකුට වඩා සත්‍ය ප්‍රකාශ කරන රංජන් රාමනායක වැන්නන් ට අපි ගරු කරන්නෙමු.

:       0       4

ranjith Sunday, 24 October 2021 09:31 PM

ආණ්ඩුවේ හොරනෑවක් මොන ආණ්ඩුව අවත කවුද වැඩිපුර බලන්න කැමති.?

:       0       4

sampath Sunday, 24 October 2021 10:09 PM

දේශපාලනය සහ මාධ්‍ය කියන දෙකටම අධ්‍යාපන සුදුසුකම් ඒ තරම් අදාල වෙන්නේ නෑ .හැමදාමත් පවතින ආණ්ඩුවේ හොර නේ සමහර ගුවන් විදුලි නාලිකා උදේ පාන්දර කාට හරි වයිරය වපුරමින් බනිනවා ,මේවා දැන් මිනිස්සු කුණු කූඩෙට දාලා ඉවරයි

:       0       5

සුරලොව ඇල්මන් Monday, 25 October 2021 06:04 AM

වැරැද්ද හිටපු හා සිටින සියලු ජන මාධ්‍ය ඇමතිවරුන් භාර ගතයුතුය

:       1       3

sharm warn Monday, 25 October 2021 08:51 AM

රාජ්‍ය මාධ්‍ය වලට හැමදාම කරන්න තිබුනේ එකම වැඩක් විතරයි නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

හිරුණිකාට ඇප
2024 ජුලි මස 22 3672 5

තරුණයකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට තම පුද්ගලික ආරක්ෂකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරදකරු වීසිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී


ජනපති සටනින් බයිඩන් ඉවත් වෙයි
2024 ජුලි මස 22 4382 15

ඩිමොක්‍රටික් පක්ෂය තුළින් දිගින් දිගටම එල්ල වූ බලපෑම් හේතුවෙන් තමන් නොවැම්බර් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත්, ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස තමන් උප ජ


පුහු මතයට තැන දී පුංචි පුතුගේ දේහය එළු ගාලක තියලා
2024 ජුලි මස 21 4205 16

හෘදබාධයකින් මියගියේයැයි කියන පිය රැකවරණය අහිමි නව හැවිරිදි පුතකුගේ මෘතදේහය එළු ගාලක තහඩුවලින් හා සාරිවලින් ආවරණය කර තැන්පත් කර තැබූ පුවතක් අරණායක ස


අධිවේගයේ අනතුරක්:පහකට තුවාලයි
2024 ජුලි මස 21 2008 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්න දුව අතර කිලෝමීටර් 92 ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 5 කු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අධිවේ


පොහොට්ටු අපෙක්ෂකයා ණය ගෙවිය හැකි කෙනෙක්
2024 ජුලි මස 20 4735 43

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැත


අලි සබ්රි ඇප මත මුදා හරියි
2024 ජුලි මස 20 887 9

විවෘත වරෙන්තුවක් ලබා සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා අද දින පුත්තලම අධීකරණයට ඉදිරිපත් කිරිමේන් පසු රුපියල් ලක්


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 170 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1070 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1929 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site