රජයේ දවසක ආදායම රුපියල් බිලියන 5.2ක් වනවිට වියදම රුපියල් බිලියන 7.2ක් වන බව රජයේ ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.
ඒ අනුව සෑම දිනයකම රජයේ ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 2 ක් හෙවත් කෝටි 200 ක් බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදායම් බදු අඩු කරපුවම හරිද එතකොට?
ඔය, බදු අඩු කරාට පස්සෙද?
ඉතින් අපි කියලා මොනවා කරන්නද ඇමතිතුමෝ ?
ඒකටත් රටේ ජනතාව පලිද ?
ආදායම් නැතිනම් සල්ලි අච්චු ගැසීම පටන් ගන්න
කාව නඩත්තු කරලද හැබෑටම??
එතකොට දවසකට හැම මිනිහෙක්ම රුපියල් 100ක් වැඩිපුර ආණ්ඩුවට ගෙවන්න ඕනේ. ඒ කියන්නේ මාසෙකට 3000ක්...
අවුරුදු 70ක් තිස්සේ රට කරවපු ඔහේලත් ඒකේ කොටස්කාරයින් තමයි බන්දුල...
මේ.. දැන් මේකට වගකියන්න ඕනේ අපිද නැත්නම් ඔයා ඇතුළු 225ද කියන්න කට ඇරලා ...
අලුත් බදු සංශෝධනයට ඉස්සෙල්ලද පස්සෙද?
අමාත්‍ය මණ්ඩලය නඩත්තු කිරීමට දිනකට වියදම කීයද ඇමතිතුමනි..,
රජයේ සහ මැති ඇමති වරුන්ගේ වාහන සඳහා වැයකරන අනවශ්‍ය ඉන්ධන මගින් මෙම මුදලින් භාගයක් පමණ ඉතිරි කළ හැකිය.
ආදායම මෙයාලා තවත් අඩුකරගන්නවනේ වැඩි දවසක් දුවන්න බැරිවෙයි
ඒකට කමක් නෑ, ඒ ගන්න හිතාගෙන ආපුව අරගන්න. අපට පුළුවන් 2500න් ජීවත් වෙන්න.
අනේ මෙයා දන්න ගණන්. මේ අර රුපියල් 2500 කින් පවුලකට මාසයක් කන්න පුළුවන් කියපු කෙනානේ.
මෙසේ තිබියදීත් බදු අඩු කර ඇත. ඔබලා අති දක්ෂයෝය. විශ්වකර්මයෝය. අපිට නම් අනාගතය ගැන දැන් බයක් නැත.
බදු කපාහැර රජයේ අාදායම තව අඩු කර ගනිමු.
ඔන්න ඊලගට එන්නේ බදු වැඩි කරන ප්‍රවෘත්තිය
226 දෙනාට යන වියදම තමයි ඒ පරතරය හැදෙන්න බලපාලා තියෙන්නේ.
සර් දැන් ඕවා කියලා වැඩක් නැහැ. එතකොට ගිය ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි වෙනසක් නැතිව යනවා. වැඩ පෙන්නන්න. එතකොට මහා මැතිවරණය.....
ඕකෙන් මන්ත්‍රීවරු නඩත්තුවට කොතරම් වැය වෙනවාද?
දැන් බදු අඩු කලාම පාඩුව තව වැඩි වෙනවද අඩු වෙනවද?
ඔය 225 දෙනා කරන වියදම් අඩු කරානම් ඕක අඩකට වැඩිය අඩු කර ගන්න පුළුවන්. දැන්වත් ඔය සැප වාහන සෙල්ලම නතර කරලා හොදට ඩීසල්/පෙට්රෝල් වැඩ කරන පොඩි වාහන වල යන්න පුරුදුවෙන්න. පව්ලේ හැමෝටම අමාත්‍යංශ වාහන දෙන එක නතර කරන්න. ආරක්ෂාව ගැන දැන් ප්‍රශ්නයක් නැති නිසා ඉස්සරහින් පස්සෙන් වාහන පිරිවරාගෙන යන එකත් නතර කරන්න.
එන පොට හොඳ නැත
ඕක තමයි හිටපු විගණකාධිපතිතුමත් පුන පුනා කිවුවේ මෙච්චර දවසක්.
මෙහෙම තියෙද්දී කොහොමද ඇමතිතුමෝ බදු සහන දෙන්නේ?
නවෝත්පාදන පටන් අරන්.
ඉතින් කුමක් ද
ඕක අඩු කරගන්න එක අමාරු දෙයක් නෙමේ. මැති ඇමතිලාට වගේම රජයේ නිලධාරීන්ට දෙන්න හොදට පෙට්‍රල් කරන සාමන්‍ය වාහන. සුඛෝපභෝගී කාර් සහ ජීප් ඉවත් කරලා. විශාල බදු ගෙවමින් පවතින රජයේ ආයතන අඩු මිල තැන් වලට හෝ රජයේම ගොඩනැගිලි වලට ගෙනියන්න පුලුවන්. වායුසමීකරණම ඕන කියන සැප ඉල්ලන නිලධාරීන් සහ සේවකයෝ ගෙදර යවන්න හෝ පහල තනතුරු වලට අනුයුක්ත කරන්න. ඕන කටුක වාතවාරණයක වුනත් වැඩ කරන්න පුලුන් නිලධාරීන්ට සහ සේවකයෝ විතරක් රජයේ සේවයේ තියාගන්න.. රාජ්‍ය සේවය කාර්‍යක්ශමතාවය වැඩකරන්න. වැඩ කරන්න බැරි වැඩ කරන්නේ නැති අයව ගෙදරම යවන්න හෝ යන තැනට කටයුතු කරන්න..
ඕව කියකියා තමයි පසුගිය ආණ්ඩුව අරක මේක හැම දෙයක්ම විකුණන්න පටන් ගත්තේ... දැන් ආයෙමත් ඒකම කියන්නේ නැතුව පාඩු මකාගන්න අලුතින් කුඩා කර්මාන්ත මොන මොනවා හරි ඇති කළොත් හොඳයි නේද?
ඒ කියන්නේ රු 2500කින් පවුලක් මාසයකට ජීවත් වෙන්න පුළුවන් නම්, ඒ පාඩුව වෙන්නේ නැහැ නේද?
වියදම අඩු කරගන්න හින්දා වෙන්න ඇති මාස හතරකට කැබිනට් ඇමති 17යි තවත් රාජ්‍ය ඇමතිවරු 37කුයි පත් කරගෙන තියෙන්නේ නේද? ලංකාවේ ජනගහනය මිලියන 21.32 යි. ඉන්දියාවේ ජනගහනය මිලියන 1369 යි. ඉන්දියාවේ කැබිනෙට් එකේ 25යි, රාජ්‍ය ඇමතිවරු 39යි. ඉන්දියාවේ දළ ජාතික ආදායම ට්‍රිලියන 9449 (ලෝක බැංකුව 2017) ශ්‍රී ලංකාවේ දළ ජාතික ආදායම බිලියන 267.4 (ලෝක බැංකුව 2017). ඔං අපේ ආර්ථිකය ගැන කෙටි හැඳින්වීමක්. කාටද මේ කියන්නේ?
තත්වය එහෙම තියෙද්දී අපි බදු රහිත වාහන ගෙන්වාගෙන, නොමිලේ ඒවාට ඉන්ධන ගසමු.