(නිමන්ති රණසිංහ)
ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් අතර සිටි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසියේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට ඊයේ (7) පැවසීය.
එහිදී අත්අඩංගුවට පත්වූ බන්ධනාගාර නියාමකවරයාද කඹුරුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත් ඔහු කළුතර බන්ධනාගාරයේ සේවය කරමින් සිටිය දී රිය අනතුරකට ලක්වී ආබාධිතවී කිහිලිකරු පාවිච්චි කරමින් සිටි අයකු බවත් එම පොලිස් නිලධාරියා කීය.
මාකඳුරේ මධුෂ්ගේ දරුවාගේ උපන්දින සාදයට සහභාගි වීම සඳහා මධුෂ්ගේ ආරාධනයකට අනුව මොහු කිහිලිකරු සහිතව ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ බන්ධනාගාරයෙන් සේවා නිවාඩු ලබාගෙන බව ද පැවසේ.
මාකඳුරේ මධුෂ් ඩුබායි හෝටලයේ පැවැත් වූ සාදයට ශ්‍රී ලාංකිකයන් 125ක් පමණ සහභාගි වී ඇති බවටත් ඔවුන්ගෙන් වැඩිදෙනකු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් බවටත් තොරතුරු ලැබී ඇති බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
මෙහිදී ඩුබායි පොලිසිය එහිදී මධුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 31 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් බව ද වාර්තාවේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට පොලිස් කොස්තාපල්වරයකුද සිටින අතර ඔහු එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා සඳහා ගොස් එහි සිට ඩුබායි වෙත පැමිණ සිටි බව පැවසේ.
ඉකුත් 5 වැනිදා මෙරට වේලාවෙන් අලුයම 2 ට පමණ සිදුකර ඇති මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් ශ්‍රීලාංකිකයන් 31 දෙනා මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ඩුබායි පොලිසිය පෙරේදා ඔවුන්ගේ රුධිර සාම්පල ලබාගෙන ඇති බවත් එම පරීක්ෂණවල වාර්තා හෙට (9) මෙරටට ලැබීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ දැන් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රයත් මේතරම් හැල්ලුවට ලක්කරන එකම රට අපේ රට නොවේ ද ???
ප්‍රාදෙශිය සභා මන්ත්‍රී වරයා පොහොට්ටුවද, ශ්‍රිලනිපද,ජවිපෙද, එජාපද? ජන්ද දායකයන් වන අපට එය වැදගත්
දැන් මේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය හිමි කෙනාගේ නිදහසට කරුණු වන්නේ “මම දන්නේ නැහැ ආරාධනයක් ලැබුණ මම ගියා...“ මොන පක්ෂයකට අයිති ගොට්ටෙක් උනත් මේකා අපගේ රටේ නම ප්‍රසිද්දියේම විනාශකර ඇති බැවින් මෙයාට උපරිම දඩුවම් ලැබේවා....මෙවන් අයට රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය අවශ්‍ය ඇයි යන්න...... නොතේරෙන්නේ මෝඩයන්ටයි....
මට හිතෙන්නේ, කුඩු ජාවාරමට දේශපාලකයෝ සම්බන්දයි කියලා ජනාධිපති තුමා කියපු කතාවේ ඇත්තක් තියෙනවා - නමුත් කනගාටුවට කාරණයක් වන්නේ එතුමාගේ දීර්ඝ දේශපාලන ජීවිතය කාලය තුළ මේ වගේ දේශපාලකයෝ කී දෙනෙක්ගේ නාම යෝජනා වලට අත්සන් කරලා ඇත්ද? තනි පුද්ගලයෙක් කුඩු වලට විරුද්ද වෙලා වැඩක් නැහැ විය යුත්තේ දේශපාලන පක්ෂ කුඩු වලට චණ්ඩි කම්වලට පාතාලයට සම්බන්දයි කියලා සැක හිතෙන චරිත වලට නාම යෝජනා නොදිය යුතුයි.
අනේ අර කුරා කූම්බියෙකුටවත් වරදක් නොකරන, සත්ගුණවත්, අහිංසක මංගල ඇමතිතුමාට නිකම් ඉඳල බැනුම් ඇහුව කියල කොච්චර හිතේ වේදනාවක් ඇද්ද?
මෙම දේශපාලුවගේ නම හා නියෝජනය කරන පක්ෂය අප දැනගත යුතුයි. රටටත් ලෝකයටත් මොහුගෙන් අවැඩක් මිස සෙතක් නම් නොවේ.
ඕක තමයි ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය... වෙන රටවල සත පහකට ගණන් ගන්නේ නැත්තේ..
මෙවර ප්‍රාදේශීය සභා මන්තිවරු අටදාස් ගණනක් තෝරා පත්කරගත්තා. මෙයින් භාගයකට නොවෙයි කාලකට රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත් දුන්නත් දෙදහකට වැඩියි... නියමයි අපේ කඩාවැටෙන ආර්ථිකයට... ඔය කොට්ටාශ කඩපු කට්ටියට ඉහළම දේශමානි සම්මාන දෙන්න ඕනෑ...
"මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ ලේකම් යැයි කියා අභූත චෝදනා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ පුද්ගලයන්ට සහ ඒවා වගකීම් විරහිතව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව ද මේ වන විට නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව මංගල සමරවීර ප්‍රකාශ කළ බව" ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත. තවද " ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් අතර සිටි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු බවට තොරතුරු හෙළිවී තිබියදී ඒ මංගල සමරවීර ඇමැතිවරයාගේ ලේකම්වරයෙකු යයි කියමින් බොරු අවලාද නැගූ දේශපාලකයන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව නීති මගින් ක්‍රියා කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට සහ සී.අයි.ඩී. යට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ලේ පිටපතක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති" බවද වාර්තා කර ඇත.
පාතාලය නොමැතිව දේශපාලකයාට මොන පැවැත්මක්ද? රටේ විධායකයේ පියා පවා ඔය ගෝනවල පැත්තේ පතාලයෙකුගෙන් පිහිට ලබා ගත්තනේ ...
ඔන්න දැන් කියනවා එහෙම කෙනෙක්ව අත්අඩංගුවට අරන් නෑලු...
ගමේ කසිප්පු මුදලාලි සල්ලි ටිකක් විසිකර, නොමිලයේ කසිප්පු ටිකක් මිනිස්සුන්ට ඡන්දෙ දවසට බොන්න දීලා, ප්‍රාදේශීය සභාවට ගියොත් ඔහුටත් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලැබෙනවද? හරි නම් මොවුන් එහෙන් නිදහස් වෙලා අාවත් මෙහෙදී නඩු පැවරිය යුතුයි.