( +++ ගුණසිංහ හේරත්)
රජයෙන් ජනතාවට දුන් බදු සහන බේකරි, හෝටල් සහ ආපනශාලා හිමිකරුවන් විසින් කොල්ලකනු ලබන බන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා කියයි.
මේ කොල්ලකෑම් නැවැත්වීමට සෘජුව මැදිහත්වීමේ හැකියාව තිබෙන්නේ පාරිභෝගික අධිකාරියට බවද පෙන්වා දෙන කොමසාරිස් ජනරාල්වරයා තම දෙපාර්තමේන්තුවද බදු සහන කොල්ලකන ව්‍යාපාරිකයන් පරිගණක පද්ධතිය ආශ්‍රයෙන් හඳුනා ගනිමින් සිටන බවද පවසයි.
සහන කොල්ලකන ව්‍යාපාරිකයින් ආයතන හඳුනා ගැනීමේ අරමුණෙන් විගණල හා විමර්ශන දැනටත් ක්‍රියාත්මක බවද කී කොමසාරිස් ජනරාල්වරයා වැට් බදු පනත යටතේ ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් නීතියෙන්ම බැඳී සටින බවද කියයි.
තමා ඇතුළු දෙපාර්තමේන්තුවේ ඉහළ කළමනාකාරීත්වය පසුගිය දිනෙක කොළඹ නගරයේ පිහිටි විදුලි උපාංග, ප්ලාස්ටික් භාණ්ඩ කිරි ආහාර හා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන සේම බේකරි, හෝටල් ආපනශාලා ද පරීක්ෂා කළ බව කොමසාරිස් ජනරාල්වරයා කීය.
බේකරි, හෝටල් හා ආපනශාලා හිමියන් බදු සහන කොල්ලකන බව අනාවරණය කරගත්තේ ඒ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවේදී බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ලංකාදීපයට කීවේය.
COMMENTS
හැබැයි අපට කියන්න තියෙන්නෙ ඔබතුමාගෙ ආයතනයේ නිලධාරීන් රජයට ලැබෙන්න තියෙන බදු සල්ලි කොල්ලකනවා කියලො. පගාව ගන්න ඉහළම ආයතනයක් තමා ඔබතුමා පාලනය කරන්නේ.
ඕක අපි දෙනකොටම දන්නවා. සංවර්ධනයට සල්ලිත් නැ දැන්. මේ ආණ්ඩුව ඉටු කළ එකම පොරොන්දුවත් වැඩකට නෑ.
සල්ලිත් නැතිලු. තුනෙන් දෙකකුත් ඕනෙලු. ඔහොම කොහොමද යන්නේ ?
පාරිභෝගිකයාගෙන් වැට් අයකරගෙන, ආණ්ඩුවට වැට් බදු නොගෙවන සංචාරක හෝටල් හිමියෝ සහ බේකරි ඕනේ තරම් ඉන්නවා. කාටද මේවා දැනුම් දෙන්නේ ?
සිංහල කම ආහාරයට ගන්න තමයි දැන් නම් වෙලා තියෙන්නේ. මෙහෙම වෙයි කියලා මම නම් හිතුවේ නෑ. එන සැරේ ඡන්ද නොදා ඉන්නවා.
යහ පාලනය රටේ බඩු මිල සෑහෙන දුරකට පවත්වාගෙන ගීයා අපි බැන්නට. මේ සහෝදර සමගම බිස්නස් කාරයින්ට සල්ලි හොයාගන්ඩ ඉඩදීලා තියෙනවා. අපි අමාරුවේ.
අපිනම් ඔය පිටිගුලි ගිලින්නේ නෑ. ඒත් හාල් මිලත් රුපියල් 100 ටත් වැඩියි. ඒකයි අවුල.