IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


රජය ජනතාවට දුන් බදු සහන බේකරි හෝටල් අවන්හල් හිමියන් කොල්ලකනවා

( +++ ගුණසිංහ හේරත්)

රජයෙන් ජනතාවට දුන් බදු සහන බේකරි, හෝටල් සහ ආපනශාලා හිමිකරුවන් විසින් කොල්ලකනු  ලබන බන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා කියයි.

මේ කොල්ලකෑම් නැවැත්වීමට සෘජුව මැදිහත්වීමේ හැකියාව තිබෙන්නේ පාරිභෝගික අධිකාරියට බවද පෙන්වා දෙන කොමසාරිස් ජනරාල්වරයා තම දෙපාර්තමේන්තුවද බදු සහන කොල්ලකන ව්‍යාපාරිකයන් පරිගණක පද්ධතිය ආශ්‍රයෙන් හඳුනා ගනිමින් සිටන බවද පවසයි.

සහන කොල්ලකන ව්‍යාපාරිකයින් ආයතන හඳුනා ගැනීමේ අරමුණෙන් විගණල හා විමර්ශන දැනටත් ක්‍රියාත්මක බවද කී කොමසාරිස් ජනරාල්වරයා වැට් බදු පනත යටතේ ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් නීතියෙන්ම බැඳී සටින බවද කියයි.

තමා ඇතුළු දෙපාර්තමේන්තුවේ ඉහළ කළමනාකාරීත්වය පසුගිය දිනෙක කොළඹ නගරයේ පිහිටි විදුලි උපාංග, ප්ලාස්ටික් භාණ්ඩ කිරි ආහාර හා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන සේම බේකරි, හෝටල් ආපනශාලා ද පරීක්ෂා කළ බව කොමසාරිස් ජනරාල්වරයා කීය.

 බේකරි, හෝටල් හා ආපනශාලා හිමියන් බදු සහන කොල්ලකන බව අනාවරණය කරගත්තේ ඒ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවේදී  බවද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ලංකාදීපයට කීවේය.



අදහස් (11)

රජය ජනතාවට දුන් බදු සහන බේකරි හෝටල් අවන්හල් හිමියන් කොල්ලකනවා

තේජාන් Wednesday, 19 February 2020 05:17 AM

හැබැයි අපට කියන්න තියෙන්නෙ ඔබතුමාගෙ ආයතනයේ නිලධාරීන් රජයට ලැබෙන්න තියෙන බදු සල්ලි කොල්ලකනවා කියලො. පගාව ගන්න ඉහළම ආයතනයක් තමා ඔබතුමා පාලනය කරන්නේ.

:       0       8

Hudson Wednesday, 19 February 2020 05:22 AM

ඕක අපි දෙනකොටම දන්නවා. සංවර්ධනයට සල්ලිත් නැ දැන්. මේ ආණ්ඩුව ඉටු කළ එකම පොරොන්දුවත් වැඩකට නෑ.

:       0       35

ranaWednesday, 19 February 2020 06:28 AM

දෙමු දෙමු. එතකොට ජනගහනයවත් අඩු වේවිනේ.

:       0       5

BamunuarachchiThursday, 20 February 2020 02:15 AM

යහපාලනය වැට් බදු වැඩි කරනකොට, උපයනවිට ගහපු බදු වැඩිකරන විට, විදේශීය ශ්‍රමිකයෝ උපයන ඩොලර් ටිකට බදු ගහන විට, අර්තසාදකය බැංකුවේ දමාගෙන ලැබෙන පොලියට බදු ගහන විට "දෙමු දෙමු. එතකොට ජනගහනයවත් අඩු වේවිනේ."

:       1       0

BamunuarachchiWednesday, 19 February 2020 07:02 AM

"ඕක අපි දෙනකොටම දන්නවා." ඔයාලා දීපු දෙයක් නැහැ දැනගෙන දීපු මිනිස්සු මේවා ගැන දුක්වෙන්නෙත් නැහැ. ඒ දුන්නේ ලාබෙට කන්න බලාගෙන නොවෙයි. අවුරුදු 4 1/2 යහපාලන ජරා ආණ්ඩුව යටතේ ඉඳලා මිනිසුන්ට එපාවෙලා තිබුන හැටි ප්‍රතිපල වලින් දුටුවා නේද. නැවත එජාපෙට දුන්නොත් අපේ සිංහල කම එතනින් ඉවරයි.

:       54       0

කරුණාපාලWednesday, 19 February 2020 07:12 AM

ගම්පෙරලිය, එන්ටර්ප්‍රයිස් නැවතුනේ සල්ලි නැති නිසාද ?

:       0       4

vidya Wednesday, 19 February 2020 06:10 AM

සල්ලිත් නැතිලු. තුනෙන් දෙකකුත් ඕනෙලු. ඔහොම කොහොමද යන්නේ ?

:       3       10

de silva Wednesday, 19 February 2020 07:23 AM

පාරිභෝගිකයාගෙන් වැට් අයකරගෙන, ආණ්ඩුවට වැට් බදු නොගෙවන සංචාරක හෝටල් හිමියෝ සහ බේකරි ඕනේ තරම් ඉන්නවා. කාටද මේවා දැනුම් දෙන්නේ ?

:       0       2

Pohottu Wednesday, 19 February 2020 08:31 AM

සිංහල කම ආහාරයට ගන්න තමයි දැන් නම් වෙලා තියෙන්නේ. මෙහෙම වෙයි කියලා මම නම් හිතුවේ නෑ. එන සැරේ ඡන්ද නොදා ඉන්නවා.

:       0       1

Dayan Wednesday, 19 February 2020 08:51 AM

යහ පාලනය රටේ බඩු මිල සෑහෙන දුරකට පවත්වාගෙන ගීයා අපි බැන්නට. මේ සහෝදර සමගම බිස්නස් කාරයින්ට සල්ලි හොයාගන්ඩ ඉඩදීලා තියෙනවා. අපි අමාරුවේ.

:       0       1

saradiyel Wednesday, 19 February 2020 10:42 AM

අපිනම් ඔය පිටිගුලි ගිලින්නේ නෑ. ඒත් හාල් මිලත් රුපියල් 100 ටත් වැඩියි. ඒකයි අවුල.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 956 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1020 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site