(නිමල කොඩිතුවක්කු)
රජය එක් මතයක් තුල ක්‍රියා නොකිරීම ආර්ථිකයේ බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වූ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය මහතා කොළඹදී පැවසීය.
හිතුවක්කාරී නොවී විශේෂඥ උපදෙස් මත සියලු දෙනාගේ සහයෝගයෙන් රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹ දී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
"එදිනෙදා ජීවිතයේ සෑම අංගයක්ම විකෘති වී රටත්, ජනතාවත් අති මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන ආකාරය දකින විට අපට විශාල කනගාටුවක් හා වේදනාවක් දැනෙනවා.
ඉන්ධන නොමැතිව, සිමෙන්ති නොමැතිව, ගෑස් නොමැතිව, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර හිඟයෙන් බැට කන ජනතාවගේ අඳෝනාව අපට ඇහෙනවා. දැනෙනවා. පෝලිම් වල සිටීම නිසා පවුල් සංයුතිය බිඳ වැටී තියෙනවා. මෙය විශාල ඛේදවාචකයක්.
රජය විද්වත් උපදෙස් පිළි ගත්තේ නම්, ඥානාන්විතව නිසි වේලාවට නිසි පියවර ගත්තේ නම්, මේ අවාසනාවන්ත තත්වය ඇති වන්නේ නැහැ. දැඩි විදේශ සම්පත් අඩු වූ විට රටේ බහුතර මතය වූයේ ඩොලර් මිලියන පන්සීයක ණය මුදල එකවර නොගෙවා පොලිය පමණක් ලබාදී ණය මුදල ගෙවීම සඳහා අන්තර්ජාතික අරමුදල හෝ වෙනත් ආයතනයකින් උපදෙස් ලබාගන්නා ලෙසයි.
ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා, ඇතුළු මැති ඇමතිවරුන් මාර්තු 5 වන දායින් පසු විදුලි කප්පාදුවක් නොවන බවට ප්‍රතිඥාවක් ජනතාවට ලබා දුන්නා. එම පොරොන්දුව බලපෑවේ පැය කිහිපයකට පමණි. දැන් පැය 7 ක විදුලි කප්පාදුවක් සිදුවෙනවා.
රාජ්‍ය නායකයා පොරොන්දු කඩ කළ විට ජනතා විශ්වාසය පිරිහී නායකවරයාගේ කීර්තිනාමයට හානි වෙනවා. එමෙන්ම ඉදිරි පොරොන්දු කෙරෙහි විශ්වාසය ද නැති වීම වැළැක්විය නොහැකියි. ඉදිරියේදීවත්, පොරොන්දු දෙන විට ස්ථිර ඉටුකළ හැකි කරුණු ගැන කතා කිරීම යෝග්‍ය බව අපගේ විශ්වාසයයි.
අපිට මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට පුළුවන්. ලෝක යුද්ධයෙන් අළු බවට පත් වූ රටවල්, බලවත් රාජ්‍යයන් බවට පත්වූයේ ජාතික එකඟත්වයකින් කටයුතු කළ නිසයි. ඒ සඳහා ජර්මනිය හා ජපානය ආදර්ශයට ගත හැකියි.
පටු චේතනාවෙන් කටයුතු නොකර දැන්වත් මිත්‍රත්වයේ හස්තය ජනතාවට දිගු කරන ලෙස රජයට කියා සිටිනවා.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘රජය එක් මතයක නෑ‘