(නාලක සංජීව දහනායක)
රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතබා සාමය ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් අද (30) විශේෂ ඉල්ලීමක් කර ඇත.
ජාත්‍යන්තර වශයෙන් රටට අපකීර්තියක් ගෙනදීමට එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ ඇතැම් දේශපාලන පක්‍ෂ කටයුතු කරන බැවින් සියලුම රාජ්‍ය ආයතනවල සාමය පවත්වාගෙන යමින් රජයට සහය ලබාදීම වෘත්තීය සමිති නියෝජිතයන්ගේ වගකීම යැයිද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා පොදුජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (30) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.
එහිදී රජයට පූර්ණ සහයෝගය පළකරන බව වෘත්තීය සමිති නියෝජිතයන් ජනාධිපතිවරයාට පොරොන්දුවී ඇත.
අමාත්‍ය මහින්ද අමරවීර, ගාමිණී ලොකුගේ , මහින්දානන්ද අලූත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
COMMENTS
ඕක කියන්න මහින්දට...
ඔක්තෝම්බර් 31වෙනි බදාදා සිට ලංකාවේ දේශපාලනඥයෙකුට, අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට අපහාසවන හෝ තර්ජනාත්මක හෝ අසත්‍ය තොරතුරු ඇතුලත් හෝ වීඩියෝ හෝ, ඡායාරුප හෝ වෙනත් වර්ගයේ විස්තර බෙදා හරිනු ලබන ඕනෑම කෙනෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමටත් උසාවි අවසරයක් නොමැතිව රඳවා ගැනීමටත් හැකි නව නීතියක් අනුමත කර ක්‍රියාත්මක කෙරෙන බව දැනගැනීමට ඇත...
රූපවාහිනී ආයතනය, අයි.ටී.එන් ආයතනය, ලේක්හවුස් ආයතනය සහ තෙල් සංස්ථාවේදී ඇතිවුණු සිද්ධීන්ට කවුද සම්බන්ධ කියලා අපට හොඳින් පෙනුණා. ඉතින් ඒ කට්ටියට අඬගහලා ඔය පණිවිඩය කීවා නම් තමයි හොඳ... කවුරු හරි විදේශ මාධ්‍යවලට මේ වගේ දේවල් පිළිබඳ තොරතුරු ලබාදෙනවා නම් ඒක ඒ අයගේ අයිතිය. යහපාලනය, තොරතුරු දන ගැනීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස දැන් මතකම නැතුවා වගේ නේද? බදාදා ඉඳලා තව දරදඬු නීති ගෙනෙනවා කියලත් ආරංචියි. ජයවේවා...!!! ඔහොම යමු... ජාත්‍යන්තර රාජ්‍ය නායකයින්ගෙන් ලැබිලා තිබුණු හොඳ නම තව වැඩි කලක් තියෙයිද කියන්න බැහැ...
රාජ්‍ය ආයතනවල සිටින වැඩිම පිරිස 2015 ට පෙර පත්වීම් ලාභීන්.ඔවුන් කිසිදා කලබල කරන්නේ නැහැ.රටේ සාමය රැකීමට සිදුව ඇත්නම් එයට හේතුව ඔබතුමාගේ ක්‍රියාකලාපය.වහා පාර්ලිමේන්තුව රැස්කර බහුතරයට අනුව අගමැති පත්කරන්න.පෙනවානේ දැනටම රාජ්‍ය මධ්‍ය ආයතන වලට සිදුව ඇතිදේ.