(අජන්ත කුමාර අගලකඩ)
රජයේ සංස්ථා සහ මණ්ඩල කිහිපයක සභාපතිවරුන්ගේ හා අධ්‍යක්ෂ මණ්ඩලවල වෙනසක් ඉදිරි සති කිහිපයේදී සිදුවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
ඇතැම් ආයතනවල සභාපතිවරුන්ගේ පමණක් වෙනසක් සිදුකිරීමට නියමිත අතර ,ඇතැම් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයම අලුතින්ම පත් කෙරෙනු ඇතැයි එම ආරංචිමාර්ග පැවසේ .
රජයේ සංස්ථා හා මණ්ඩලවල පුළුල් වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන්,ඒවායේ ප්‍රධානින් මෙසේ මාරු කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ගවලින් පැවසේ .
මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතා පසුගියදා ඉවත් කර, ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත් කරනු ලැබීය .
මේ අතර, ලිට්ට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙශාර ජයසිංහ මහතා ඉන් ඉවත් කර ජනාධිපතිවරයා විසින් ඔහු එදිනම නැවතත් පත් කරනු ලැබීය .
මාර්ග සංවර්ධන අධිකාරිය සහ මග නැගුම ආයතනයේ සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ද ඉල්ලා අස්වන ලෙස මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉකුත්දා දැනුම් දී තිබිණි .
COMMENTS
කොළ ඇනුවට වැඩක් නැහැ... කාඩ් ගහන්න බැරි නම්.
අයියාට ඕන විදියටද, නැත්නම් ඊළඟ ඡන්දෙ බලාගෙන මල්ලිට ඕනෑ විදියටද කියලා ජනතාව බලාගෙන ඉන්නවා.
කොහොම ගැහුවත් එකම බූරු, පොරෝ, හෝර් සෙට් එක...
අර මොනවද එකට කොට්ටෙ මාරු කෙරුවා වගේ..
පවුල් පාලනේ උදවියට ඕනෑ විදියට එහෙට මෙහෙට දායි. ආයේ තමුන් කැමැති විදියට රිවස් කරයි...
කොයි මාරුකිරිල්ල වුවත් කම් නැත. රටේ ඉන්න තරම් හොරු ටිකයි, දූෂිතයෝ ටිකයි, නම්දරාපු වංචාකාරයෝ ටිකයි ඔය කියන පුටුවල වාඩිකරවන්නේ නැතිව...
මොනවා කළත් වැඩක් නැහැ සර් ෆේල්...
කට්ටිය රැස් කරගෙන බයිලා ටිකක් කිව්වාම රටේ ප්‍රශ්න විසඳෙනවා කියලා හිතන් ඉන්නේ...
මොරටුවෙන් ලොකු පුටු ටිකක් ගේන්නවත් බැහැනේ..
ගැසට් ගැහිල්ලයි. ඔලු ගෙඩි එහෙට මෙහෙට කරන එකයි හැරෙන්න බලන් ගියාම කරපු දෙයකුත් නෑ...
මේ ආයතන සඳහා ඉහල අධ්‍යාපන සුදුසුකමක් ඇති පුද්ගලයන් පත් කල යුතුයි.
කාඩ් අනනවා වගේ තමයි, හැබැයි වැඩි හරියක් ඉන්නේ ජෝකර්ලා...
සියලුම අධ්‍යක්ෂ, සභාපතිලා අස්කළා නම් රජයට විශාල මුදලක් ඉතිරිවෙනවා. මොකද හිටියත් වැඩක් නැහැ... අවසාන තීන්දු තීරණ ගන්නේ විපත් මගේ උපදෙස් අනුව හෝ දේශපාලන බල අධිකාරිය...
නරකද කොණ්ඩ බූ ගාපු කට්ටියක් අල්ලලා සිවුරු පොරවලා මේ තැන්වලට දැම්මානම්..? එහෙම නේද හාමුදුරුවනේ...?