IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රජය අත්‍යවශ්‍ය ආහාර ආනයනයට සැරසෙයි

(යොහාන් භාසුර)

පෞද්ගලික අංශය ඒකාධිකාරයක් නිර්මාණය කරගෙන ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට ලබාදීමේ අරමුණින් ඉහළ පරිභෝජනයක් ඇති ආහාර ද්‍රව්‍ය කීපයක් රජය මගින් ආනයන කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

රාජ්‍ය සමාගමක් වන රාජ්‍ය වාණිජ සමූපකාර තොග වෙළෙඳ සමාගම හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇති බවත් කැබිනට් අනුමැතිය ලැබුණු වාහාම ආනයනය ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරියා පැවසීය.

පෞද්ගලික අංශය ආනයන කරන සීනි, පොල්තෙල්, පරිප්පු, ලූණු, අල සහ කුකුල් මස් යන ආහාර ද්‍රව්‍ය මිල රජයට පාලනය කළ නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව කී එම නිලධාරියා පැවසුවේ ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් ආහාර ද්‍රව්‍ය රජයේ මැදිහත්වීමේ ආනයනය කිරීමට පියවර ගන්නා බවත්ය.

 



අදහස් (3)

රජය අත්‍යවශ්‍ය ආහාර ආනයනයට සැරසෙයි

Kule Sunday, 25 July 2021 04:56 PM

හොඳ අදහසක්.. ඉක්මණින් ක්‍රියාත්මක කරන්න වෙලාද? ඒකාධිකාරයට යට නොවන්න...

:       18       73

Koka Sunday, 25 July 2021 05:46 PM

තවත් විහිලු සපයන්න එපා... ආනයනය කරන භාණ්ඩවලට ගෙවන්නට ඩොලරුත් ආනයනය කරනවද?

:       203       103

සෙනෙවිරත්න Monday, 26 July 2021 06:25 AM

මොකද්ද හොරේ මේ වෙලාවේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 217 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site