(මුදිතා දයානන්ද)
සමාජය තුළ විධායකය, ව්‍යාවස්ථාදායකය හා අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන පරිදි තවදුරටත් රංජන්ගේ හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැළැක්වීමට විදුලි සංදේශ හා නියාමන කොමිසන් සභාව පියවර ගත යුතුව ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (14) පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ පොල්හේන්ගොඩ පිහිටි තොරතුරු හා සන්නිවේදන තාක්ෂන රාජ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
‘‘රංජන් රාමනායක මන්ත්‍රීවරයා කරපු වැඩේ නිසා අද රට පුරා හැම තැනකම ඔහු විනිසුරුවරු, පොලිස් නිලධාරින් හා ඇතැම් මැති ඇමතිවරු සමඟ කළ දුරකතන සංවාද ගැන කතා කරන්න පටන් අරන්. ආගම්වලට අපහාස වන ආකාරයෙන් මේ සංවාදවලින් කියවෙන දේවල් ගැන අපි කණගාටුවට පත්වෙනවා. මේවා සමාජ මාධ්‍ය ඔස්සේ දිනපතා ප්‍රචාරය වීම බරපතල ගැටළුවක්.
රංජන් මේ කරපු දේ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය වහාම පියවරක් ගත යුතුයි. අද මේ සිදුවන දේවල් සම්බන්ධයෙන් වගකියන්න කිසිවෙක් නැහැ. මොකද හැමෝම බයයි ඔහු සතුව තියෙන හඬ පට වලින් තම තමන් ගැන මොනවා කියවෙයිද කියලා.
ඔහු වරදක් කර තිබේ නම් අවශ්‍ය පියවර ගන්නවා කියලා එජාපය කියනවා. දැන් ඔහු කර තිබෙන වරද හොඳටම පේන්න තිබියදි පියවරක් නොගන්නේ ඇයි? එජාපයේ ඉහළම නායකයාගේ සිට පහළට බොහෝ දෙනා මේවාට සම්බන්ධ කියලා අපිට සැකයක් ඇති වෙනවා.
එහිදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයට පුලුවන්කම තිබෙන්නේ රංජන් රාමනායක මහතා දුරකතන සංවාද රෙකෝඩ් කිරීම සම්බන්ධයෙන් පියවරක් ගන්නයි. ඒත් මේ හඬ පට එකින් එක දවසින් දවස මාධ්‍යවලට නිකුත් කරන්නන් සම්බන්ධයෙන් සොයා බලා පියවරක් ගැනීම වගේම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පියරවක් ගැනීමත් කළ හැක්කේ ආණ්ඩුවට නේද?
පිළිතුර - අපි විදුලි සංදේශ නියාමන කොමිසමට ඒ ගැන ක්‍රියාකරන්න කියලා අපි දැනුම් දී තිබෙනවා. අපිට සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න බැහැ. දැන් තිබෙන මාධ්‍ය සංස්කෘතිය තුළ ඒක කරන්න බැහැ. අපි එයින් එක තැනකට කොටු වෙනවා. තොරතුරු දැන ගැනීමේ පනත අනුව අපට තොරතුරු දැනගැනීම වළක්වන්න බැහැ.
COMMENTS
එතකොට ජනතාව දැනගත යුතු නැද්ද? එයාගේ තරම ගැන එකකෙනාට වුවමනා විදිහට මඩ ගහන්න දෙන්න බැහැ. එයා නාගත්ත මඩ ජනතාවට බලාගන්න ඉඩදෙන්න ජනතාවට එයා ගැන තීරණ ගන්න.
ඔව් තව මොනවා එළියට එයිද කව්ද දන්නේ නේද?... නතර කරමු.
දැන් දැන් තේරීගෙනයි එන්නේ "එනපොට හොඳ නැහැ කෙල්ල ගෙටගනින්" කියලා. කොහොමත් ඔය 225ටම අර කට කතාවට කියන" ලිප්ටන් උන්නැහේගේ ආච්චිටවත් කරන්න බැරි වුණුදේ කරන්න හෝ හිතන්න කල්යනවා.
වළක්වන්න අවශ්‍ය නැහැ. මහජනතාව පත්කළ මහජන නියෝජිතයින්ගේ සහ විධායක තනතුරු දරන්නන් කරන්නේ මොනවද කියා දැනගැනීමේ අයිතියක් තියෙනවා. යහපාලනය විතරක් නොවේ, අනිකුත් ආණ්ඩු කාලවලත් මෙසේම වුණු රෙකෝර්ඩින්ග්ස් නැතිවට ඇති හැකි අයගේ කෙලි සහ හොරුන් කුඩ්ඩන් මිනීමැරුම් වගේ දේවල් සිදුවුණා. ලංකාවේ පොඩ්ඩන් සදා අනාථයි.
අමුතුවෙන් රන්ජන්ගේ හඩපට එන්න ඕනි නැහැ. මොලයක් තියන මිනිස්සු ඉස්සර ඉදන්ම දන්නවා නීතිය වල් වැදිලා කියලා. ඔය කොයි ආණ්ඩු ආවත් වැඩක් නැහැ. ආණ්ඩු වලටයි හෙන්චයියෝන්ට ඕනි විදියටයි නිතිය නැමෙන්නේ. අපි දන්නවා 225 ට ඕනි ඔය වගේ දේවල් එලි වෙන්නේ නැතුව මිනිස්සු ගොනා කරලා තියන්න.
නැහැ.ඔක්කොම හඬ පට ජනාතව අතරට යැවිය යුතුයි. එවිට මහාජනතාවට දැන ගන්න පුළුවනි ඔය සුදෝ සුදු පිරුවටයෙන් සැරසී, නොකිලිටි මලක් සේ ඉන්න ,දියවන්නාවේ ඉන්න නාරි මස් කන,මහජනතාවගේ ලේ උරාබොන තුච්ච නරි රැළගේ අමන වැඩ සියල්ලම. ළඟ එන ඡන්දයට කලින් කෙසේ හෝ මේවා ඔක්කොම සමාජ මාධ්‍ය ජාලයන්ට ලබාදීම කලොත් ඔය කොළ පාට,නිල් පාට පමණක් නොවෙයි රතුපාට කට්ටියටත් මහජනතාව නිසි පිළිතුරු දෙවි.