(ඉන්දිකා රාමනායක)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ නිවස පරික්ෂාවට ලක්කළ පොලිස් කණ්ඩායමට බලපත්‍ර නොමැති නයින් එම්.එම්. වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ 118ක් සහ රජයට අපහාස කිරීමේ ප්‍රකාශ ඇතුළත් සී.ඩී. හා දෘඪ තැටි කීපයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම පිස්තෝලය රංජන් රාමනායක මහතා වෙත රජයෙන් නිකුත් කර තිබූ එකක් වුවද, 2016 වර්ෂයේදී එහි බලපත්‍ර අහෝසි වී ඇතැයි පොලීසිය කියයි.
බලපත්‍රයක් නොමැතිව එම ගිනිඅවිය හා උණ්ඩ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ඒවා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවරුදු ගානකට ඇතුලේ තියන්න වගේ ලැහැස්තිය.
දැන් රන්ජන් ඕකෙන් කාටද වෙඩි තියලා තියෙන්නේ? බල්ලෙක්වත් මරලා තියෙනවද? මේ රටේ රන්ජන් ගාව විතරද බලපත්‍ර නැති ආයුධ තියෙන්නේ? මහා අපරාධකාරයෙක් වගේ පොලීසියෙන් පැනලා අල්ලගෙන යනවා. මොනවද මේ විහිලු? හිරේට යන්න ඕන අය බොහොම හොඳට එළියේ ඉන්නවා "පුලුවන් නම් හිරේ දාපන්" කිය කියා.
නව රජය අනවශ්‍ය අත් අඩංගුවට ගැනීම් සහ නොපෙන්වා පලිගැනීම් සිදු කිරීම් පෙනේ. ජනපති මලයා මහා ජනයා හට හොඳ මුහුණ පෙන්වා , පිරිසිදු මාර්ගය කියමින් යද්දී , තර්ජන ගර්ජන මැරකම් සුපුරුදු පරිදි සහෝදර අගමැති ඔහුගේ පැරණි මැති ඇමති ගෝල බාලයින් සමග සුපුරුදු මාර්ගය ආරම්භ කොට ඇතැයි සිතිය හැක. මෙයට තමා කියන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් කියා. ඇයි ආදර්ශයක් වශයෙන් පළමුව තම ආණ්ඩුවේ සිටින මැර දූෂිත මැති ඇමතීන් සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග නොගන්නේ ? එය නොවේද කළ යුත්තේ ? එවිට ඔබ නියම කෙලින් ගති ඇති නායකයෙක් යැයි කිව හැක. මෙය පාට පක්ෂ දේශපාලනයෙන් තොර උපන් මව්බිම වෙනුවෙන් අදහසකි. පිරිසිදු කිරීම යනු සියල්ල පිරිසිදු කිරීමයි නැතහොත් තමා වටා හෝ ළඟ ඇති අයට අත නොතබා අන් අයට පමණක්ම නම් පිරිසිදු කිරීමක් නොව පළිගැනීමක් යනුවෙන් හැඳින්විය හැක. ජය ශ්‍රී ලංකා !
බලපත්‍ර නැති උනාට බලය තිබුනේ එයාලා අතේනේ. ඒ මදිද?
නියමයි. වන් ෂොට්.
අනවසරයෙන් ගිනි අවියක් ලග තබා ගැනීම නීතියට අනුව වරදක් නිසාත් රන්ජන් රාමනායක මහතා එලෙස නීති විරෝධී ගිනි අවියක් ලග තබා ගත්තේ නම් මේ අත් අඩංගුවට ගැනීමේ වරදක් නැත. දන්නා තරමින් සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම ආරක්ෂාව උදෙසා ගිනි අවියක් රජය විසින්ම නිකුත් කරනවා. හැබැයි ලංකාවේ නීති විරෝධී ගිනි අවියක් ලඟ තබාගත් හෝ එකම පුද්ගලයා ඔහු පමණක්ම නොවන නිසාත් තවත් අත් අඩංගුවට ගත යුතු පුද්ගලයන් බොහොමයක් නිදැල්ලේ සිටින නිසාත් මේ අත් අඩංගුවට ගැනීමේ සැබෑ අරමුණ ගැන සැකයක් ඇති වෙන එක වෙන්න පුළුවන්. විශ්වාස කරනවා අනෙකුත් අයට අත් අඩංගුවට ගැනීමෙන් පසු ඇති වෙන ලෙඩ රෝග රාමනායක මහතාට ඇති වෙන එකක්.නෑ කියල..හරි හමන් චෝදනා නැතුව කරන්නන් වාලේ අත් අඩංගුවට ගැනීම් කිරීමෙන් වෙන්නේ රටේ නීතිය හා අධිකරණ පද්ධතිය ගැන ඇති ගරුත්වය හා විශ්වාසනීයත්වය තව දුරටත් බිඳ වැටීමයි.
සමහරවිට පොලීසිය රන්ජන්ගේ නිවසින් සොයාගත්තා කියන පිස්තෝලය හම්බන්තොටින් කලකට පෙර එළිබැස්ස "සෙල්ලම් පිස්තෝලයක්" වගේ එකක් වෙන්න බැරිද ? ශ්‍රි ලංකාවේ ප්‍රකට චිත්‍රපටි නළුවෙක් වන රන්ජන් එයාගේ එම කර්මාන්තය සඳහා උපයෝගී කරගත් මෙම පිස්තෝලය, චිත්‍රපටවල ෂූටින් සඳහා යොදාගන්නා අහිංසක, අනතුරක් නැති පිස්තෝලයක් වෙන්නත් පුළුවන් නේද ?
මා එජාප අනුගාමිකයෙක් නොවුනත් රන්ජන් දිගින් දිගටම කළ හොරකම් වලට, අපරාද වලට, ස්ත්‍රී දුෂණය එරෙහිව නොබියව කරපු ප්‍රකාශ වලට පලිගන්න වෛයිරයෙන් කරපු පහත් ක්‍රියාවක්. ඕක ආණ්ඩුවෙන් නිකුත් කළ එකක් නම් කරන්න තිබුනේ බලපත්‍රය දීර්ඝ කරන්න කියල දන්වන එකනේ. එතකොට හොර අවි ආයුධ 300 ක් එක්ක අහු වෙච්ච අවන් ගාර්ඩ් එකට තියෙන නීතිමය අයිතිය කුමක්ද ? මේ ආණ්ඩුවේ විනාශය ආරම්භ වෙලා හාල් මාෆියාව කරන අය බේරාගෙන සිල්ලර කඩ ගැනේ යන නාට්‍ය , කඹ හොරුන් ගැන කිසිවක් නැහැ. දෙපැත්තේම නායකයෝ හොරු දෙගොල්ල දෙගොල්ලම එකිනෙකාගේ පිට කසාගන්නවා.
කට ඇරලා, කාටවත් බය නැතුව, ඇත්ත කතාකරන එජාපාක්ෂිකයන් ප්රමුඛ විරුද්ධ පාක්ෂිකයන් එළව එළවා දඩයම් කිරීම, පත්වී මාසයක් ගතවනවිට රාජපක්ෂ සහෝදර සංස්ථාව විසින් යළිත් වරක් අරඹා තිබෙන බව රංජා සහෝදරයා අත්අඩංගුවට ගැනීමෙන් පැහැදිලිවම පේනවා. කෙලින්ම රජයට එරෙහිව ඇත්ත කතාකරන රාජිත, චම්පික වැනි කට ඇති පුතුන්ට පසුව රන්ජන්ට මෙවැනි පළිගැනීමක් සිදුකිරීම ගැන ප්රජාතන්ත්රවාදය ගැන උදේ හවස වැදිබණ දෙසන සහෝදරයන් අතිශයින්ම ලැජ්ජා විය යුතුය.!!! හම්බන්තොට පිස්තෝලකාරයන් නිදහසේ ශේප් වුනේ කොහොමද? අපේ රටේ බලපත් නැති එකම පිස්තෝලය තිබුනේ රන්ජන් සතුවද? එතුමා මෙම පිස්තෝලයෙන් එකම පුද්ගලයෙකු හෝ මරා නැත. සමහර ප්‍රභූවරුන් යයි කියාගන්නා ගොබ්බයින් අවසර නැති පිස්තෝල මගින් කී දෙනෙක් පරලොව යවා තිබේද?