(අංජුල මහික වීරරත්න)
නව පාර්ශ්වය විසින් රජයේ සේවකයින්ට නිකුත් කරන නියෝග නීති විරෝධී හා බල රහිත බවද ඒවා නොපිළිපැදිය යුතු බවද දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට , ආයතන ප්‍රධානීන්ට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලිඛිතව දන්වා යවා ඇත.
‘‘රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය සාමය පිළිබඳ අමාත්‍ය‘‘ යන ලිපි ශීර්ෂයෙන් යවා තිබෙන එම ලිපියෙන් කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් කරුණු උපුටා දක්වා තිබේ.
නව පාර්ශ්වයට හිමි බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගන්නා බවට කතානායකවරයා දන්වා තිබෙන හෙයින් බල රහිතව නීති විරෝධි නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා බවද ඒ හේතුවෙන් වැය වන මුදල් සහ එමගින් රජයට සිදුවන පාඩුව එම නියෝග නිකුත් කරන හා පිළිපදින අයගෙන් අධිභාරයක් සේ අයකර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද රංජිත් මද්දුම බණ්ඩාර මහතා යැවූ ලිපියේ සඳහන්ය.
රංජිත් මද්දුම බණ්ඩාර විසින් පොලිස්පතිවරයාට යැවූ ලිපියේ අගමැති,අමාත්‍යවරු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමෙන් වැලකි සිටිය යුතු බවද ඔවුන්ට පෙර පරිදි ප්‍රදානය කර ඇති අරක්ෂාව ඇතුළු සියලු පහසුකම් ලබා දෙන ලෙස නියෝග කරන බවද සඳහන්ය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රංජිත් මද්දුම බණ්ඩාරගෙන් නිලධාරීන්ට අවවාද
ජයන්ත මිලානෝ Tuesday, 06 November 2018 05:35 PM
මම කිසිදු පැත්තට නැතිව කියන්නේ ,මහින්ද මහත්තයා දිනනවා.
Mahee Tuesday, 06 November 2018 07:10 PM
රජයේ සේවකයින්ව ගිරයට අහුවුණ පුවක් ගෙඩි බවට පත් නොකර ඔයාලගෙ දේශපාලනය වෙන විදිහකට කරගත්තොත් නරකද?
Nandalal DE SILVA - France Tuesday, 06 November 2018 09:33 PM
ජයන්ත මිලානෝ, එතකොට එයා ඉන්නේ කොයි පක්ෂේද?
ramendra Wednesday, 07 November 2018 01:55 AM
වැදගත් වන්නේ දිනන්නේ කව්ද යන්න නොවේ, කුමක්ද කලේ කුමක්ද මේ වෙන්නේ යන්නය, ජනතාව ඉදිරි ඡන්දයදී තීන්දු ගතයුත්තේ එවැනි දේ බලලය. මේ සියලු දෙනා ප්‍රතික්ෂේප කලයුතු කාලය පැමිණ ඇත.
Darshana Wednesday, 07 November 2018 04:37 AM
වැඩේ වරදුනන් පස්සෙනේ ජනතාවට සේවය කරන්න මතක් වෙලා තියෙන්නේ...
sunil Wednesday, 07 November 2018 04:58 AM
අහිංසක රජයේ නිලධාරීන් අපහසුතාවයට පත්කරන්න එපා...