IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රාජිත බන්ධනාගාර රෝහලට

අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත අද (29) මාරුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (28) හිටපු අමාත්‍යවරයා හමුවීමට ගොස් ඇති අතර, ඔහු එහිදී අමාත්‍යවරයා බන්ධනාගාර රෝහල වෙත යැවීමට නිර්දේශ කර ඇත.


 



අදහස් (11)

රාජිත බන්ධනාගාර රෝහලට

සේනක Sunday, 29 December 2019 09:57 AM

මේකත් ඉතින් රඟපෑමක් විතරයි. විකට ජවනිකාවක් වගේයි. අරගොල්ලො බලයට අාවාම මේ ගොල්ලන්ව රකිනවා. මේ ගොල්ලන් බලයට ආවහම අර ගොල්ලන්ව රකිනවා. අන්තිමට බලපුවාම අල්ලපු හොරෙකුත් නැහැ. මේවා රටේ ජනතාව දැනගත යුතුයි. එදා ඉඳන්ම කලේ ඔය සෙල්ලම තමයි. මේ දෙගොල්ලන් ගොඩ ගියා... රට එතැනමයි. රටේ ජනතාව කබලෙන් ලිපට වැටුණා.

:       4       202

Kalu Sunday, 29 December 2019 10:02 AM

නියමයි..! දැන් මේ මන්ත්‍රිට බලාගන්න පුළුවන්... එයා සෞඛ්‍ය ඇමති වෙලා කරපු කෙරුවාව. කළකම් පලදේ...!

:       0       51

සේනක Sunday, 29 December 2019 10:08 AM

මේකත් ඉතින් රඟපෑමක් විතරයි. හරියට විකට ජවනිකාවක් වගේ. මේ ගොල්ලන් බලයට ආවහම ඒ ගොල්ලන්ව රකිනවා. ඒ ගොල්ලන් බලයට අාවහම මේ ගොල්ලන් රකිනවා. අන්තිමට අල්ලපු හොරෙකුත් නැහැ. දුන්නු දඬුවමකුත් නැහැ. මෙවා රටේ ජනතාව දැනගත යුතුයි. එදා ඉඳන්ම මේ දෙගොල්ලන් ගොඩ ගියා. රට එතැනමයි. රටේ ජනතාව වන අපි කබලෙන් ලිපට වැටුණා. මේවට වග කියන්න ඕන ජනතාව වන අපිම තමයි.

:       2       16

Bandara Sunday, 29 December 2019 10:12 AM

අහෝ ආජිත නොදිටි මොක්පුර...

:       1       4

Cisco Sunday, 29 December 2019 10:21 AM

ඒක හොඳයි. නැත්නම් ලංකා හොස්පිටල් එකේ බිලත් අපෙන්ම තමයි අයකරන්නේ (මහජන මුදලින්). මොකද මෙයා සයිටම් ණය අපේ සල්ලිවලින් ගෙවන්න වැඩ සැලසුවා. හරි නම් ඒවාටයි නඩු වැටෙන්න ඕනේ...

:       0       49

beau Sunday, 29 December 2019 10:33 AM

එල්ලන්න ඔනේ හිරගෙදර කොඩි ගහ මුදුනේ කාටත් පේන්න ..

:       0       142

Ashan Sunday, 29 December 2019 10:45 AM

කළු, මෙතුමා තමයි අවු 5ක් පමණක් දුන් පිළිකා බෙහෙත් ජීවිතය තිබෙනකල් දෙන්න. පටන් ගත්තේ, ලක්ෂ 4,5 අය කළ ස්ටෙන්ස් නොමිලේ දුන්නේ... දහස් ගණන් අය කළ අක්ෂිකාච නොමිලේ දුන්නේ... වෙළඳ මාෆියාව කඩලා බෙහෙත් ද්‍රව්‍ය 400ක විතර මිල අඩු කලේ. ඔබට ඒවා මෙතෙක් අවශ්‍ය නොවෙන්න ඇති. නැත්තම් ඔයත් බෙහෙත් මාෆියාවෙ පුරුකක් වෙන්නැති...

:       19       34

CiscoSunday, 29 December 2019 11:22 AM

Ashan මහතා, බෙහෙත් මිල අඩු කරනවා කියලා මිල නියාමනය කළා තමයි. ඒත් එ්කෙන් වුණේ බාල බෙහෙත්වලට වැඩිමිලක් ලැබුණු එක සහ උසස් තත්වයේ බෙහෙත් වෙළඳපලෙන් ඉවත් වීම (අඩුමිලට විකුණන්න බැරි නිසා). උදාහරණයක් වශයෙන් ගත්තොත් එකම බෙහෙත් පෙත්තක් වෙළෙඳනාම දෙකකින් රුපියල් 10ටත් 25ටත් තිබුණා කියලා හිතමුකෝ. රජයෙන් මිල නියම කළා නම් රුපියල් 15ට රුපියල් 25 බෙහෙත වෙළඳපලෙන් ඉවත්වුණා වගේම රුපියල් 10ට වික්ක බාල බෙහෙතට අමතර රුපියල් 5ක ලාභයක් සමග දැන් රුපියල් 15ට විකුණනවා සමහර විට මෙයින් කොමිස් මුදලක් කාට හරි යනවත් ඇති. හොඳට හොයලා බලන්න.

:       5       58

banduSunday, 29 December 2019 01:11 PM

එ්කට තමා ඖෂධ නියාමනයක් හැදුවේ.. බෙහෙත ගුණාත්මක නම් විතරයි විකුණන්න පුළුවන්. ගොඩක් සමාගම් කලේ වෙළඳනාමෙන් වැඩිමිලට බෙහෙත් විකුණපු එක... මිනිස්සු වෙළඳනාමයට තමයි වැඩිපුර ගෙව්වේ..

:       1       2

LebbeSunday, 29 December 2019 01:25 PM

හැම බෙහෙතකින්ම ගසා කෑවා. අඩුකරපු බෙහෙතක් නැහැ.

:       1       1

Asela Sunday, 29 December 2019 05:17 PM

මේ සේරම පට්ට නාට්‍ය මේ දේශපාලක හැත්ත ලස්සනට මිනිස්සුන්ට එකතුවෙලා රවට්ටන්නේ ...!!! හැම ආණ්ඩුවක්ම ආව අලුත් අය සේරම කතාවෙලා එක එක විදිහට පිටපත් ලියලා අර ඡන්දෙ දුන්න අයට පොඩි සතුටක් දෙනවා ...!!! සිරා කළෙත් ඒකමයි ,ජේ ආර් කළෙත් ඒකමයි, චන්ද්‍රිකා කළෙත් ඒකමයි, ප්‍රේමදාස කළෙත් ඒකමයි, බණ්ඩාරනායක ඉඳලා සිරිමාවෝ කළෙත් ඕකමයි ...!!! දැන් ඉතින් දැක්කනේ අර චම්පිකව එළියට දැම්මා ...!!! දැන් රාජිතගේ මේ සීන් එක.. කරන තරමක් කලේ රටෙන් හොරා කාලා , පනින එක.. අපේම සල්ලි වලින් සිංගප්පූරු ගිහින් ගොඩවෙලා ආවා ..!!! අයි මේ අයට විතරක් අමුතුම නීති ...!!! මීට පස්සේ එක දේශපාලුවෙකුටවත් ඡන්දෙ දාන්න හොඳ නැහැ රටට ආදරයක් නැති ...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 642 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site