(තිළිණි ද සිල්වා)
ජනාධිපතිවරයා අද පස්වරු 3.00ට හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීම හේතුවෙන් තමන්ට ජනාධිපති කොමිසම හමුවට පැමිණිය නොහැකි බව අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එම කොමිසමට දන්වා ඇත.
අද (19) පස්වරු 1.30ට අමාත්‍යවරයා රාජ‍්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් මෙම හදිසි තත්ත්වය නිසා පැමිණීමට නොහැකි බව අමාත්‍ය සේනාරත්න මහතා කළ දැනුම් දීම සැළකිල්ලට ගනිමින් හෙට (19) මධ්‍යහ්න 12.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ජනාධිපති කොමිසම යළිත් අමාත්‍යවරයාට දැනුම් දී ඇත.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත් ආකාරයෙන් රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදල් වැය කරන බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.
ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙම කැඳවීම කර ඇත.
COMMENTS
බය නැති සුවපති !
අපෝ එයාගේ හැටි කවුද නොදන්නේ... ආවත් කට කැඩිච්ච බොරුවක් කියයි... ඇත්ත කිව්වා කියලත් මොකද... දඩුවම් කරන එකක් නෙමෙයි නේ ...
ඔය හදිසි කැබිනට් රැස්වීම්වලින් රටට වෙච්ච සෙතේ මොකක්ද?
කලබලයක් නැහැ. එකපාරටම එෆ්.සී.අයි.ඩී. එකටම ඉක්මණින් ගියයැකියි. ඊට පස්සේ ජම්පර් අඳින්න පුළුවන්.
අර අවුරුදු හතරේදී පෙර පාසලේ පෙළපාලි ගිය... පුතාත් එක්ක එ්වි උත්තර දෙන්න. චන්ද්‍රිකා මැතිණියටත් උපදෙස් දුන්නේ ඒ දරුවා නේද?
හොරා කන්න යන්න ඇති...